slc
logo
Home   |    News
ඔක්තෝබර් 13, 2023
සැප්තැම්බර් මස දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානය චමරි අතපත්තුට

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් සැප්තැම්බර් මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ.

එංගලන්තයට එරෙහිව පැවැති තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් කරා රැගෙන යෑම හේතුකොට ගෙන සැප්තැම්බර්මසට අදාළ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය චමරිට හිමිව තිබේ. සැප්තැම්බර් මසට අදාළ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් චමරි පිදුම් ලැබුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක වන ලෝරා වොල්වාඩ්ට් සහ නදීන් ද ක්ලාර්ක් පරදවාලමිනි.

එංගලන්තයට එරෙහිව ලද එම සුවිශේෂී එක්දින තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 114 ක් සහ කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවාය. මෙම දක්ෂතාව නිසා ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වතාවට එංගලන්ත පිලට කුමන හෝ තරගාවලියක ජයක් වාර්තා කිරීමට සමත්විය. එම තරග වලදී ලකුණු 55 ක් සහ 44 ක් බැගින් රැස් කළ චමරි පන්දු යැවීමේදී ලකුණු 11 කට කඩුල්ලක් සහ ලකුණු 21 කට කඩුලු 3 ක් දවාලීමට සමත්වූවාය.

33 වැනි වියේ පසුවන චමරි ගතවුණු සැප්තැම්බර් මසදී විස්සයි-20 තරග 5 කදී සහ එක්දින තරග 3 කදී ලකුණු 208 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 26 ක් රඳවා තබාගනිමිනි. පන්දු යැවීමේදී කඩුලු 5 ක් දවාගැනීමට චමරි සමත්ව ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 26.6 ක් රඳවා ගනිමිනි.

වමතින් පන්දුවට පහර දෙන දකුණතින් පිට දග පන්දු යවන චමරි, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරගෙන යනු ලබන එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේත් විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයෙත් පසුවන්නීය.

Active filters

Recent Posts

  • සහන් ආරච්චිගේ තුන් ඉරියව් දක්ෂතා ග්‍රීන්ස් පිල⁣ට ජය ගෙන එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන් කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද (11) ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දුවට පහරදීමේදී ලකුණු 21ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු අටකට කඩුලු […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු […]
  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]
  • ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු […]
  • අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee