slc
logo
Home   |    News
ඔක්තෝබර් 4, 2023
13 වැනි ලෝක කුසලාන සටන හෙට සිට – ජයග්‍රාහී පිලට රුපියල් කෝටි 130 ක්

sinhala editor

ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (ඔක්තෝම්බර් 05 වැනිදා) ඉන්දියාවේදී ආරම්භ වනු ඇත. වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය සහ එහි අනුශූරයින් වන නවසීලන්ත කණ්ඩායම සමාරම්භක දිනයේදී අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරග වදින අතර එම තරගය ප.ව. 2.00 ට ආරම්භ වනු ඇත.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට ආසියානු රටක් තනි සත්කාරකත්වයක් දරනු ලබන පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන ඉන්දියාවේ පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලියේදී රටවල් 10 ක් ශූරතා කුසලාන වෙුනවෙන් තරග වදිනු ඇත. සත්කාරක ඉන්දියාව හැරුණු කොට ලෝක ශූර එංගලන්තය, අනුශූර නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව තරගවදිනු ඇත. මේ අතරින් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඉකුත්දා සිම්බාබ්වේහි පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයින් සහ අනුශූරයින් බවට පත් වෙමින් මෙම ලෝක කුසලාන වරම දිනා ගැනීමට සමත්ව සිටිති.

දින 46 ක් මුලුල්ලේ ලෝක මට්ටමේ ක්‍රීඩාංගණ 10 ක් පුරා පැවැත්වෙන මෙවර තරගාවලියේ පැවැත්වෙන සමස්ථ තරග සංඛ්‍යාව 48 ක් වේ. අහමදාබාද් හැරුණු කොට හයිද්‍රාබාද්, චෙන්නායි, ධර්මශාලා, බැංගලෝර්, දිල්ලි, කොල්කටා, මුම්බායි සහ පුනේ යන නගරවල තරග පැවැත්වෙනු ඇත. මෙහිදී අවසන් පූර්ව තරග මුම්බායි සහ කොල්කටාහි පැවැත්වෙන අතර අවසන් මහ තරගය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සුපුරුදු පරිදි තරගාවලියේ මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම එක් වරක් බැගින් ප්‍රතිවාදීන් මුණ ගැසෙති. ඒ අනුව මූලික වටයේදී පැවැත්වෙන තරග සංඛ්‍යාව 45 ක් වේ. මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන අතර එහිදී පළමු ස්ථානයට පත්වන කණ්ඩායම් සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතරද දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම ද සමඟද තරග වදිති.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගාවලියට අවතීර්ණව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන තරගාවලියේ පළමු සහභාගිත්වය ඔක්තෝම්බර් 07 වැනිදා සිදුකරනු ඇත. ඒ දකුණු අප්‍රිකානු පිලට එරෙහිවයි. තරගාවලිය ආරම්භයට පෙර තරග වැදුණු පුහුණු තරග 2 දීම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණු නමුත්, මෙවැනි දැවැන්ත තරගාවලිවල දක්ෂතා අතරට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීම සාමාන්‍ය තත්ත්වයකි.

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි 12 න් අවස්ථා 5 කම ශූරතාව තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත්ව සිටින අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අවස්ථා 2 කදීද, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය එක් අවස්ථාව බැගින්ද ලෝක කුසලාන දිනා සිටිති.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පැය 24 ක කාලයකට මත්තෙන් තරගාවලිය නියෝජනය කරනු ලබන රටවල් 10 නායකයින් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට තරගාවලි සංවිධායකයින් වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබූ අතර එහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේ, කණ්ඩායමක් ලෙස මෙම තරගාවලියේදී හොඳින් දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

“බැලුවොත්, අපේ ගොඩක් ක්‍රීඩකයින් පසුගිය කාලයේදී ගොඩක් ආබාධ වලට පත් වුණා. එය අපිව දුෂ්කරතාවයකට පත් කරවන්න්. ඒ වගේම එහෙම වුණත් අපි හොද වාර්තා කීපයක්ම පවත්වීමට සමත්ව තිබෙනවා. ඔබ දන්නවා කන්ඩායමක් ලෙස ලෝක කුසලාන තරගාවලි දෙස මහත් බලාපොරොත්තු සහිතව බලා සිටින බව. මේ වෙලාවේ කියන්න කැමැතියි අපි මේ තරගාවලියට පැමිණ සිටින්නේ ඉතා හොදින් දස්කම් දක්වන්න කියලා“ යැයි ශ්‍රී ලංකා නායකයා අදහස් දක්වා සිටියේය.

 

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee