slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2023
45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ උළෙලේ සියලුම සම්මාන

sinhala editor

BY CHAMILA KARAWITA

ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව පවත්වන ලද 45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධාන උළෙලේ වසරේ පාසල් ක්‍රීඩකයාට හිමි සම්මානය මරදාන ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියල් විසින් ද වසරේ පාසල් ක්‍රීඩිකාව ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න විසින් දිනා ගත්හ.

මෙම සුවිශේෂී සම්මාන ද්විත්වය දිනා ගත් ෂෙවෝන් මෙන්ම විශ්මිද පාසල් ක්‍රිකට් තරග වාරයේ මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමද නියෝජනය කිරීමට සමත්වූ දෙදෙනෙකි. ඒ අතරින් විශ්මි ගුණරත්න යනු ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම වයස අවුරුදු 16 ක් වන තරමේ සිටම නියෝජනය කිරීමට සමත්වූ ක්‍රීඩිකාවකි. ඇය ශ්‍රී ලංකා කාන්තා එක්දින සහ විස්සයි-20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක ලෙසින්ද කටයුතු කරන්නීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීය මට්ටමට සඳහා යන්නට ගමන් අරඹා ඇති ක්‍රිකට් තරු දරුවන් තව තවත් දිරිගැන්වීම උදෙසා ක්‍රිකට් ක්‍රීඩාවට වගකිව යුත්තන් විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලද මෙවර සම්මාන උළෙලේදී ඉහතින් සඳහන් කරන ලද එම සුවිශේෂී සම්මාන වලට අමරතව මොවුන් දෙපළ දක්ෂතම පිතිකරුවා මෙන්ම දක්ෂතම පිතිකාරිණිය ලෙසින්ද අභිෂේක ලැබූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකාව ලෝකයට බිහි කළ අද්විතීයම පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් මෙන්ම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වන කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන ප්‍රධානයේදී තවත් අවධානය දිනාගත් සම්මාන වූ පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතම පන්දු යවන්නා මෙන්ම දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ගාල්ල මහින්ද විදුහලේ දිනුර කලුපහන සම්මාන දිනා ගත්තේය. එම සම්මාන අතර දක්ෂතම පන්දු රකින්නා ලෙසින් පානදුර ශ්‍රී සුමංගල විදුහලේ විහ්ව ළහිරු තේරී පත්විය. මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට සහභාගිවී සිටීම නිසා මෙම සම්මාන ප්‍රධානයට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය.

මේ අතර එහි බාලිකා අංශයේ දක්ෂතම පන්දු යවන්නිය සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මාන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දෙව්මි විහංගා විසින් දිනා ගත්තාය. ඉතිහාසයේ පළමු වතාවට පැමැති අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කිරීමට වරම් ලැබූ දෙව්මි විහංගා එම තරගාවලියේදී විචාරකයින්ගේ වැඩි අවධානය දිනා ගැනීමට සමසත්වූ ක්‍රීඩිකාවක් බවට පත්වූවාය. ඇය එසේ සම්මාන ලබද්දී දක්ෂතම පන්දු රකින්නිය ලෙස රත්ගම දේවපතිරාජ විදුහලේ සුමුදු නිසංසලා ක්‍රීඩිකාව සමත්වූවාය.

නැටුම් ගැයුම් සහ වැයුම්වලින් සමන්විත වුණු මෙම දක්ෂතා ඇගැයීමේ සන්ධ්‍යාවේදී දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල පාසල් සඳහා සම්මාන 100 ක් පිරිනැමීමට පියවර ගැනිණ. ඒ අතර ශ්‍රී ලංකාව තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරට තම ජීවිතය කැප කළ කාන්තාවක වූ ග්වේන් හේරත් මහත්මිය වෙත ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය. ඇයට එම ඵලකය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් පිරිනමන ලද්දේ මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක්ද සමඟිනි.

මේ අතර එම අවස්ථාවට විශේෂ ආරාධීත අමුත්තා ලෙසින් සහභාගිවුණු මුත්තයියා මුරලිදරන් සමඟ එම අවස්ථාව මෙහෙවවන කැලුම් ශ්‍රීමාල් මහතා සුහද කතා බහක නිරත වූ අතර එය බොහෝ දෙනාගේ සිත්ගත් කාලවේලාවක් බවට පත්විය. සිය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භයේ සිට ජාත්‍යන්තර දක්වා මුරලිදරන් මහතා පැමිණි ආකාරය මෙන්ම ක්‍රිකට් දිවියේ සිදුවූ සුවිශේෂී සිදුවීම් වලට අමතරව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට සූදානමින් එම අවස්ථාවට සම්මාන ලාභීන් ලෙසින් සහභාගිවූ ක්‍රීඩකයින් වෙතද වටිනා ඔවදන් රැසක් ඒ මහතා විසින් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ මුත්තයියා මුරලිදරන් යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වන ගයාත්‍රි අබේගුණසේකර,  අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂක උපාලි අමරතුංග, පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජී.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් එහි ප්‍රධාන සංවිධායක නිශාන්ත කුමාර මෙන්ම කාන්තා ක්‍රිකට් උපදේශිකාවක වන සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

  සම්මානය නම පාසල
අවුරුදු 19 න් පහළ බාළිකා – කේවල සම්මාන
1 Div ii – හොඳම පිතිකාරිණිය – අනුශූරතාව රිෂ්මි සංජනා අනුර විද්‍යාලය – මාතර
2 Div ii – හොඳම පිතිකාරිණිය – ශූරතාව චුෂාදි කෞෂල්‍යා ධර්මපාල විදුහල – පන්නිපිටිය
3 Div i  – හොදම පිතිකාරිණිය – අනුශූරතාව විහාරා සෙව්වන්දි දේවපතිරාජ විදුහල – රත්ගම
4 Div i – හොඳම පිතිකාරිණිය – ශූරතාව විශ්මි ගුණරත්න රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
5 Div ii – හොඳම පන්දු යවන්නිය – අනුශූරතාව හිරුෂිකා නිමන්ති ජයසිරිපුර විදුහල – පොලොන්නරුව
6 Div ii – හොඳම පන්දු යවන්නිය – ශූරතාව පැහැසරණි නිමේෂිකා ඩඩ්ලි සේනානායක විදුහල – තෝලන්ගමුව
7 Div i  – හොදම පන්දු යවන්නිය – අනුශූරතාව නිකේෂා විජේසේකර රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
8 Div i – හොඳම පන්දු යවන්නිය – ශූරතාව මල්ෂි නිරාෂා දේවපතිරාජ විදුහල – රත්ගම
9 Div ii – හොඳම කඩුලු රකින්නිය තරුෂි විජයලතා ඩඩ්ලි සේනානායක විදුහල – තෝලන්ගමුව
10 Div ii – දක්ෂතම පන්දු රකින්නිය දිලුක්ෂි කරුණාරත්න කෑගලු විද්‍යාලය – කෑගල්ල
11 Div i – හොඳම කඩුලු රකින්නිය සුමුදු නිසංසලා දේවපතිරාජ විදුහල – රත්ගම
12 Div i – හොඳම පන්දු රකින්නිය සෙව්මිනි සසිකලා විජයබාහු විදුහල – ඔක්කම්පිටිය
13 Div ii – හොඳම තුන්ඉරියව් ක්‍රීඩිකාව – අනුශූරතාව අශානි කෞෂල්‍යා වික්‍රමශීලී ජාතික පාසල – ගිරිඋල්ල
14 Div ii – හොඳම තුන්ඉරියව් ක්‍රීඩිකාව – ශූරතාව රිෂිමි සංජනා අනුර විදුහලාය – මාතර
15 Div i – හොඳම තුන්ඉරියව් ක්‍රීඩිකාව – අනුශූරතාව දෙව්මි විහංගා රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
16 Div i – හොඳම තුන්ඉරියව් ක්‍රීඩිකාව – ශූරතාව විහාරා සෙව්වන්දි දේවපතිරාජ විදුහල – රත්ගම
       
අවුරුදු 19 න් පහළ බාළක දෙදින තරගාවලිය – කේවල සම්මාන
17 Div iii T-A හොඳම පිතිකරු – අනුශූරතාව සවිදු පෙරේරා මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කඩුව
18 Div iii T-A හොඳම පිතිකරු – ශූරතාව ප්‍රවීන් මනීෂ රාජසිංහ මැදි මහ විදුහල – හංවැල්ල
19 Div ii T-B හොඳම පිතිකරු – අනුශූරතාව රවිෂාන් නෙත්සර පී. ද එස් කුලරත්න විදුහල – අම්බලන්ගොඩ
20 Div ii T-B හොඳම පිතිකරු – ශූරතාව රුසිත් ජයවර්ධන රාජකීය විදුහල – පානදුර
21 Div ii T-A හොඳම පිතිකරු – අනුශූරතාව අෂේන් රොද්‍රිගෝ පිලියන්දල මැදි මහ විදුහල
22 Div ii – T-A හොඳම පිතිකරු – ශූරතාව දුරන්ක සිල්වා ශ්‍රී සුමංගල විදුහල – පානදුර
23 Div i – T-B හොඳම පිතිකරු – අනුශූරතාව දිනිරු අබේවික්‍රමසිංහ ශාන්ත සර්වේසස් විදුහල – මාතර
24 Div i – T-B හොඳම පිතිකරු – අනුශූරතාව කවීන් ප්‍රනාන්දු මාරිස්ටෙලා විදුහල – මීගමුව
25 Div i – T-A හොඳම පිතිකරු – අනුශූරතාව රුසිරු විලෝචන නාලන්දා විදුහල – කොළඹ
26 Div i T-A හොඳම පිතිකරු – ශූරතාව අන්ජල බණ්ඩාර මහාාම විදුහල – කොළඹ
27 Div iii T-A හොඳම පන්දු යවන්නා – අනුශූරතාව විශ්ව පීරිස් මාරිස්ටෙලා විදුහල – මීගමුව
28 Div iii T-A හොඳම පන්දු යවන්නා – ශූරතාව ප්‍රවීන් මනීෂ රාජසිංහ විදුහල – හංවැල්ල
29 Div ii T-B හොඳම පන්දු යවන්නා – අනුශූරතාව මිතිල විශ්වජිත් හේනෙගම මැදි මහ විදුහල
30 Div ii T-B හොඳම පන්දු යවන්නා – ශූරතාව සවිදු සවීන් දිසානායක තක්ෂිලා විදුහල – හොරණ
31 Div ii T-A හොඳම පන්දු යවන්නා – අනුශූරතාව චතුමාල් නිමේෂ් ශාන්ත සෙබස්තියන් විදුහල – කටුනේරිය
32 Div ii T-A හොඳම පන්දු යවන්නා – ශූරතාව ආදිත්‍ය බණ්ඩාර විද්‍යාර්ථ විදුහල – මහනුවර
33 Div i T-B හොඳම පන්දු යවන්නා – අනුශූරතාව අකිල වික්‍රමසිංහ ශාන්ත සිල්වෙස්තර විදුහල – මහනුවර
34 Div i T-B හොඳම පන්දු යවන්නා – ශූරතාව ඉරුෂ්ක තිමිර දේවපතිරාජි විදුහල – රත්ගම
35 Div I T-A හොදම පන්දු යවන්නා – අනුශූරතාව කවීෂ පියුමාල් ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට
36 Div i T-A හොඳම පන්දු යවන්නා – ශූරතාව දිනුක තෙන්නකෝන් ත්‍රිත්ව විදුහල – මහනුවර
37 Div iii T-A හොඳම කඩුලු රකින්නා සොනාල් නෙත්මින මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කටුව
38 Div iii T-A හොඳම පන්දු රකින්නා ප්‍රවීන් මනීෂ රාජසිංහ විදුහල – හංවැල්ල
39 Div ii T-B හොඳම කඩුලු රකින්නා හිරූෂ දුලංජල ක්‍රයිස් කිංග් විදුහල – තුඩැල්ල
40 Div ii T-B හොඳම පන්දු රකින්නා කල්ප හෙට්ටිආරච්චි ජනාදිපති විදුහල – කෝට්ටේ
41 Div ii T-A හොඳම කඩුලු රකින්නා අෂේන් රොදිගෝ පිලියන්දල මැදි මහ විදුහල
42 Div ii T-A හොඳම පන්දු රකින්නා හසිත කාවින්ද ශාන්ත සෙබස්තියන් විදුහල – කටුනේරිය
43 Div i T-B හොදම කඩුලු රකින්නා ඉසුරු පන්නල ධර්මරාජ විදුහල – මහනුවර
44 Div i T-B හොඳම පන්දු රකින්නා ජීවක ශෂීන් දේවපතිරාජ විදුහල – රත්ගම
45 Div i T-A හොඳම කඩුලු රකින්නා ජනෙත් කෞෂාල් රිච්මන්ඩ් විදුහල – ගාල්ල
46 Div i T-A දක්ෂතම පන්දු රකින්නා ඔචින්ත චාමික ශාන්ත තෝමස් විදුහල – මාතර
47 Div iii T-A දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – අනුශූරතාව සවිඳු පෙරේරා මාරිස්ටෙලා විදුහල – මීගමුව
48 Div iii T-A දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව ප්‍රවීන් මනීෂ රාජසිංහ විදුහල – හංවැල්ල
49 Div ii T-B දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – අශූරතාව හේෂාන් උදාර ශ්‍රී ජයවර්ධනපුර විදුහල – කෝට්ටේ
50 Div ii T-B දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව රුසිත් ජයවර්ධන රාජකීය විදුහල – පානදුර
51 Div ii T-A දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – අශූරතාව අෂේන් රොද්‍රිගෝ පිලියන්දල මැදි මහ විදුහල
52 Div ii T-A දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව චතුමාල් නිමේෂ් ශාන්ත සෙබස්තියන් විදුහල – කටුනේරිය
53 Div i T-B දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – අශූරතාව ෂෝන් ආදිත්‍ය මාරිස්ටෙලා විදුහල – මීගමුව
54 Div i T-B දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව විහස් තෙව්මික තර්ස්ටන් විදුහල – කොළඹ
55 Div i T-A දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – අශූරතාව ගයන වීරසිංහ මලියදේව විදුහල – කුරුණෑගල
56 Div i T-A දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව දසිස් මංචනායක රාජකීය විදුහල – කොළඹ
අවුරුදු 19 න් පහළ එක්දින සීමිත ඕවර තරගාවලිය – ශූරතාව සහ අනුශූරතා දිනූ කණ්ඩායම්
57 Div i T-A අනුශූරතාව   විද්‍යාලෝක විදුහල – ගාල්ල
58 Div i T-B අනුශූරතාව   තක්ෂිලා විදුහල – හොරණ
59 Div i T-A අනුශූරතාව   ලයිසියම් විදුහල – වත්තල
60 Div i T-B අනුශූරතාව   තර්ස්ටන් විදුහල – කොළඹ
61 Div i T-A අනුශූරතාව   රිච්මන්ඩ් විදුහල – ගාල්ල
62 Div i T-A ශූරතාව   ලොයලා විදුහල – කොච්චිකඩේ
63 Div i T-B ශූරතාව   පී. ද එස් කුලරත්න විදුහල – අම්බලන්ගොඩ
64 Div i T-A ශූරතාව   සිරිකුරුස විදුහල – කළුතර
65 Div i T-B ශූරතාව   ශාන්ත පීතර විදුහල – කොළඹ
66 Div i T-A ශූරතාව   ත්‍රිත්ව විදුහල – මහනුවර
පළාත් තරගාවලියේ දක්ෂතම පාසල් කණ්ඩායම
67 උතුරු පළාත   යාපනය මධ්‍ය මහ විදුහල – යාපනය
68 වයඹ පළාත   මැදගම මහ විදුහල – දෙහිඅත්තකන්ඩිය
69 උතුරු මැද පළාත   කැකිරාව මැදි මහ විදුහල – කැකිරාව
70 ඌව පළාත   බණ්ඩාරවෙල මැදිමහ විදුහල – බණ්ඩාරවෙල
71 සබරගමුව පළාත   ආනන්ද මෛත්‍රී විදුහල – බලන්ගොඩ
72 උතුරු නැගෙනහිර පළාත   ශාන්ත සෙබස්තියන් විදුහල – කටුනේරිය
73 මධ්‍යම පළාත   ත්‍රිත්ව විදුහල – මහනුවර
74 දකුණු පළාත   ශන්ත සර්වේසස් විදුහල – මාතර
75 බස්නාහිර පළාත   ශාන්ත ජෝසප් විදුහල – කොළඹ
අවුරුදු 19 න් පහළ බාලිකා තරගාවලිය – ශූරතා සහ අනුශූරතා දිනූ කණ්ඩායම්
76 Div ii අනුශූරතාව   ශාන්ත අන්තෝනි විදුහල – මහනුවර
77 Div i අනුශූරතාව   දේවපතිරාජ විදුහල – රත්ගම
78 Div ii ශූරතාව   අනුර විද්‍යාලය – මාතර
79 Div i ශූරතාව   රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
අවුරුදු 19 න්  පහළ දෙදින තරගාවලිය – ශූරතා සහ අනුශූරතා දිනූ කණ්ඩායම්
80 Div iii T-B අනුශූරතාව   ලලිත් ඇතුළත්මුදලි විදුහල – ගල්කිස්ස
81 Div iii T-B ශූරතාව   ධම්මිස්සර විදුහල – නාත්තන්ඩිය
82 Div iii T-A අනුශූරතාව   මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කටුව
83 Div iii T-A ශූරතාව   යාපනය මැදි විදුහල – යාපනය
84 Div ii T-B අනුශූරතාව   ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල – කෝට්ටේ
85 Div ii T -B ශූරතාව   තක්ෂිලා විදුහල – හොරණ
86 Div ii T-A අනුශූරතාව   සිරිකුරුස විදුහල – කලුතර
87 Div ii T-A ශූරතාව   ශන්ත සෙබස්තියන් විදුල – කටුනේරිය
88 Div I T-B අනුශූරතාව   මාරිස්ටෙලා විදුහල – මීගමුව
89 Div I T-B ශූරතාව   ශාන්ත සර්වේසස් විදුහල – මාතර
90 Div I T-A සම ශූරතාව   ශාන්ත ජෝසප් විදුහල – කොළඹ
91 Div I T-A සම ශූරතාව   ත්‍රිත්ව විදුහල – මහනුවර
අවුරුදු 19 න් පහළ ජාතික සම්මාන – බාලිකා
92 දක්ෂතම පිතිකාරිණිය විශ්මි ගුණරත්න රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
93 දක්ෂතම පන්දු යවන්නිය දෙව්මි විහංගා රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
94 දක්ෂතම පන්දු රකින්නිය සුමුදු නිසංසලා දේවපතිරාජ විදුහල – රත්ගම
95 දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව දෙව්මි විහංගා රත්වාලී බාලිකා විදුහල – ගම්පහ
අවුරුදු 19 න් පහළ ජාතික සම්මාන – බාලක
97 දක්ෂතම පිතිකරුවා ෂෙවෝන් ඩැනියෙල් ශාන්ත ජෝසප් විදුහල – මරදාන
98 දක්ෂතම පන්දු යවන්නා දිනුර කලුපහන මහින්ද විදුහල – ගාල්ල
98 දක්ෂතම පන්දු රකින්නා විශ්ව ළහිරු ශ්‍රී සුමංගල විදුහල – පානදුර
99 දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා දිනුර කලුපහන මහින්ද විදුහල – ගාල්ල
100 වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව විශ්මි ගුණරත්න රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
101 වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ෂෙවෝන් ඩැනියල් ශාන්ත ජෝසප් විදුහල – මරදාන
102 ජීවිතයටම එක් වරක් පිදෙන සම්මානය – ග්වෙන් හේරත් මහත්මිය

 

 

 

Active filters

Recent Posts

  • ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් […]
  • සහන් ආරච්චිගේ තුන් ඉරියව් දක්ෂතා ග්‍රීන්ස් පිල⁣ට ජය ගෙන එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන් කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද (11) ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දුවට පහරදීමේදී ලකුණු 21ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු අටකට කඩුලු […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු […]
  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]
  • ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee