slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2023
පාකිස්තාන යොවුන් පිල පළමු දිනදීම ප්‍රභල ස්ථානයක

sinhala editor

පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පාකිස්තානයේ කරච්චියේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඔක්තෝම්බර් 15 වැනිදා ආරම්භ වූ සිව් දින ක්‍රිකට් තරගයේදී මුලින් පන්දුවට පහර දෙන පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ප්‍රථම දින තරගය නිම වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 319ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු විය.
පාකිස්තාන යොවුන් කණ්ඩායමට මේ තරගයේදී මෙතරම් ප්‍රබල තත්ත්වයකට ඒමට අවස්ථාව උදා වූයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අසාන් අවායිස් (104) සහ ෂාෂෙබ් ඛාන් (නොදැවී 152) ශතක රැස් කිරීම මතය.
මේ පිතිකරුවන් දෙදෙනා ආරම්භක කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 228කි. ප්‍රථම දින තරගය නිම වන විට කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා වන අංක තුන පිතිකරු සාඩ් බෙග් නොදැවී ලකුණු 56ක් ලබා සිටියේය. බෙග් සහ ඛාන් මේ වන විට දෙවන කඩුල්ලට නොදැවී ලකුණු 91ක සබඳතාවයක් තබාගෙන සිටිති.
ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතුරින් සාර්ථක වූ එකම පන්දු යවන්නා වූ විශ්ව ළහිරු දැවී ගිය එකම කඩුල්ල (අසාන් අවායිස්) දවාලුවේ ලකුණු 52ක් මෙදින ලබා දෙමිනි. මුළු ලකුණු 228දී විශ්ව ළහිරුගේ පන්දුවකට අවායිස් දුන් උඩ පන්දුවක් ශ්‍රී ලංකා යොවුන් නායක සිනෙත් ජයවර්ධන රැක ගැනීමෙන් ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල බිඳ වැටිණි.
අසාන් අවායිස් පන්දු 221කට මුහුණදී ලකුණු 104ක් රැස් කළේ හතරේ හතක් ද සමඟිනි. නොදැවී පන්දුවට පහර දෙන අනෙක් ආරම්භක පිතිකරු ෂෂෙබ් ඛාන් පන්දු 263කදී නොදැවී ලකුණු 152ක් ලබා ගත්තේ හතරේ 12ක් සහ හයේ පහරක් එල්ල කරමිනි.
පාකිස්තාන යොවුන් නායක සාඩ් බෙග් වේගවත් පිති ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රථම දින තරගය නිම වන විට පන්දු 58කදී ලකුණු 56ක් රැස් කර සිටියේ හතරේ පහර හතරක් සහ හයේ පහරක් ද සමඟය.
 ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ සංචාරයේදී සහභාගි වන එකම සිව් දින තරගය මෙය වන අතර මේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන යොවුන් කණ්ඩායම සමඟ එක්දින තරග පහකට ද සහභාගි වීමට නියමිතය.
ලකුණු පුවරුව
පාකිස්තාන යොවුන් කණ්ඩායම මුල් ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුල්ලක් දැවී 319යි (පන්දුවාර 90යි)
(ෂාෂෙබ් ඛාන් නොදැවී 152, අසාන් අවායිස් 104, සාඩ් බෙග් නොදැවී 56, විශ්ව ළහිරු 52/1යි).

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee