slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2023
ක්‍රිකට් ආයතනය අපට පූර්ණ සහාය දුන්නා – කුසල් මෙන්ඩිස්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ඉදිරියට යනවා දැකීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම සම්පූර්ණ සහයෝගය කණ්ඩායමට ලබාදෙමින් කණ්ඩායම පිටු පසම සිටි බව පවසන නායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ තරම් දස්කම් නොපෙන්වීමට හේතුව ලෙස ක්‍රිකට් ආයතනයේ අනිසි බලපෑම් බවට ඇතැම් අය පතුරුවන අසත්‍ය ප්‍රචාර තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේදී හොඳින් දක්ෂතා පෙන්වනු ඇතැයි ක්‍රීඩාලෝලීන් අපේක්ෂාවෙන් සිටි බව ක්‍රීඩකයන් සියල්ල අවබෝධ කරගෙන සිටි බව පැවසූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් සිදු වූ අතපසුවීම් සහ වැරැදිවලට තමා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් සහ ජනතාවගෙන් සමාව අයැද සිටින බව ද කීවේය.

“අප තරග කිහිපයක් පරදින විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජිතයකු ඉන්දියාවට එව්වා. ඔහු අපගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන දේශපාලන අත ගැසීම් ඇතුළු වෙනත් විවේචන නොසළකා ක්‍රිකට් ක්‍රීඩාව සාර්ථක කර ගැනීම සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසට යැයි ද කුසල් මෙන්ඩිස් පැවසීය.

“තරග පරදින්න යැයි උපදෙස් ලැබුණු බව කියන ප්‍රවෘත්තියත් සම්පූර්ණ බොරුවක්. අපිට සාර්ථකවීමට ක්‍රිකට් ආයතනය අවශ්‍ය හැම උදව්වක්ම සැපයුවා. තරුණ ක්‍රීඩකයන් දිරි ගන්වන්නටත් ආයතනය දිරිමත් කළා. ක්‍රීඩාලෝලීන් සතුටු කිරීමට නොහැකිවීම පිළිබඳව කණ්ඩාය මම කණගාටු වනවා“ යැයි ශ්‍රී ලංකා නායකයා පවසයි.

අප අසාර්ථකවීමට ප්‍රධානම හේතූන් වූයේ ආබාධ මත ප්‍රධානම ක්‍රීඩකයන් කිහිපදෙනකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීමත් උඩ පන්දු කිහිපයක්ම ගිළිහී යාම සහ ක්‍රීඩා කිරීමේදී පෙන් වූ දුර්වලතාවන් බවද මෙන්ඩිස් මෙහිදී සඳහන් කර සිටියේය. “මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූයේ මෙහි සිටි දක්ෂම කණ්ඩායමයි. ප්‍රථම තරග දෙකෙන් පසු නායක දසුන් ශානක ආබාධ තත්ත්වයට පත් වු හෙයින් නායකත්වය භාර ගැනීමට තමාට සිදුවූවා“ යැයි සඳහන් කර සිටින කුසල් මෙන්ඩිස් තරග දෙකක් පමණක් ජයගෙන චැම්පියන් කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම පිළිබඳව කණගාටු වන බව ද කීවේය.

“ලෝක කුසලාන තරගාවලියට පෙර පෙරහුරු තරගාවලියන් ලෙසට අප තරග රැසකටම සහභාගි වූවා.  ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එයින් එක් තරගාවලියක්. එම තරගාවලියට පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයත් සහභාගි වූවා. එමඟින් අපට එම රටවල දක්ෂම ක්‍රීඩකයන්ගේ දක්ෂතාත් දුර්වලතාත් හොඳින් අවබෝධ කරගෙන ඊට සරිලන අන්දමට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැළසුණා.“

“සිම්බාබ්වේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ  අප ලැබු ජයග්‍රහණයෙන් සියයට හතළිහක දායකත්වයක් දැරුවේ වනිඳු හසරංගයි. වනිඳු ඇතුළු අපගේ දක්ෂම පන්දු යවන්නන් කිහිප දෙනෙකටම ලෝක කුසලාන තරගාවලිය ආබාධ මත අහිමිවීම අපගේ අසාර්ථකත්වයට තවත් හේතුවක්“.

“ඉන්දියාව සමඟ ආසියානු කුසලාන අවසාන තරගයේදීත් ලෝක කුසලාන තරගයේදීත් අප ලකුණු පනස් ගණන්වලට දැවී ගියා. එකම කණ්ඩායමකට දෙවරක් එලෙස සිදු වීම ඇත්තටම සිදු නොවිය  යුත්තක්. එම අඩු ලකුණු සංඛ්‍යා දෙකට අප දැවී යාමවලට හේතූන් වූයේ තණතිලි අස්වාභාවික ලෙස වෙනස්ව අප පන්දුවට පහරදෙන විට වුවමනාවට වඩා පන්දුවට දෝලනය වීමයි. ඒත් ඒකටත් අප ඕනෑකමින් අඩු සංඛ්‍යාවන්ට දැවී ගියා යැයි කට කතා පැතිරවීම කණගාටුවට කරුණක්“.

තමා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලම වෘත්තීය ක්‍රීඩකයන් වන හෙයින් තම පිරිසට සහ මේ ක්‍රීඩාවට දැඩිව ඇලුම් කරන ශ්‍රී ලංකාවාසීනට ඉදිරියටත් මීට සාර්ථකව සම්බන්ධ වීමට අවස්ථාව සැළසෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩා පුහුණුකරු උපදේශක මහේල ජයවර්ධන අදහස් දක්වමින් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඉන්දියාවේ තණතිලි ඉතා උසස් මට්ටමකට සකස් කරන ලද තණතිලි වන බවත් අපගේ ක්‍රීඩකයන් මෙහිදී බොහෝ අවස්ථාවන්හි පුහුණුව ලැබුවේ දඟපන්දු යවන්නන්ට වාසිදායක වන වේගයෙන් අඩු තණතිලිවල බවත් ප්‍රකාශ කළේය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මේ වන විට පිතිකරණ අංශයේ මෙන්ම පන්දු යැවීමේදී ද ලොව හොඳම තත්ත්වයක පසු වන බව කී මහේල ජයවර්ධන එම වාසියට අමතරව ඔවුනට ඔවුන්ගේම රටේදීම ක්‍රීඩා කිරීමේ වාසියත් හිමිව ඇතැයි ද පැවසීය.

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාම පිළිබඳව අදහස් දැක් වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව පමණක් නොව රටවල් කිහිපයක්ම ඉන්දියාව හමුවේ අඩු සංඛ්‍යාවන්ට දැවී ගිය බවත් දකුණු අප්‍රිකාවට ද ලබා ගත හැකි වූයේ ලකුණු අසු ගණනක් පමණක් බවත් කීය.

ශ්‍රී ලංකාව ප්‍රබලම අංශය පිතිකරණ අංශය බව කී මහේල ජයවර්ධන මෙයින් ද ලකුණු පසු පස හඹාගොස් ජය ගැනීම ලංකා කණ්ඩායමේ ප්‍රබලම අංශය බව කී ශ්‍රී ලංකා පුහුණු උපදේශකවරයා තණතිලි මෙන්ම රාත්‍රියේ පවතින පින්න සහිත දේශගුණික තත්ත්වයන් ද කාසියේ වාසිය දිනීමෙන් පසු ගත යුතු තීරණවලට බලපාන බව ද කීවේය.

ලෝක කුසලාන තරගාවලියේදී ලංකා පන්දු රකින්නන් අතින් උඩපන්දු 16ක් අතහැරුණු අතර දුර්වල පන්දු රැකීම සහ පන්දු යැවීමේ දුර්වලතාත් පරාජයට ප්‍රධාන හේතූන් බව ද ඔහු කීය.

සියයට 20ක පමණ ජයග්‍රහණ ප්‍රතිශතයක සිටි ශ්‍රී ලංකාවට පසුගිය මාස කිහිපයේදී එය සියයට පනහක ප්‍රතිශතයක් දක්වා වැඩිකර ගැනීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව කී මහේල ජයවර්ධන ලෝක කුසලාන තරගාවලියේදී ලංකා  කණ්ඩායමට බලපෑම් කළැයි කියන චෝදනාව අසත්‍යයක් බව ද කීය.

තමාට වැඩි වේතනයක් දෙන බවට පවසන ප්‍රචාරයන්ට පිළිතුරු දුන් මහේල කීවේ එම ගෙවීම් ඕනෑම රටක පුහුණුකරුවකට ලබාදෙන නිත්‍ය ගෙවීම් බවත් වෙනත් රටවලින් ලැබෙන ආදායම සැසැඳීමේදී එය මෙහි සති හතරක පමණ ප්‍රමාණයක් බව ද  ඔහු පෙන්වා දුන්නේය.

Active filters

Recent Posts

  • NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා […]
  • ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් […]
  • NSL එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් ඔක්තෝම්බර් 02 වැනිදා ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා […]
  • එන්එස්එල් එක්දින ක්‍රිකට් තරගාවලියේ
    කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ හෙට (2) මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය […]
  • ශ්‍රී ලංකා බාළිකාවන්ට ලකුණු 59 ක ජයක්
    ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් බාළිකා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි එක්දින තරගයෙන් නවසීලන්ත බාළිකා පිල හමුවේ ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee