slc
logo
Home   |    News
නොවැම්බර් 7, 2023
ඩැනියල්-පුංචිහේවා දස්කම් පාති

sinhala editor

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ තරගාවලියේ දෙවන දිනය වූ අද (06) එස්.එස්.සී. – පානදුර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් පන්දු 147කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 137ක් ලබා සති අන්තයේ ප්‍රථම ශතකය ලැබීය. ටැමිල් යුනියන් – චිලව් මේරියන්ස් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ රජිඳ පුංචිහේවා ලකුණු 50කට කඩුලු හතක් දවාලමින් හොඳම පන්දු යැවීම මේ සති අන්තයේ වාර්තා කළේය.

අයහපත් කාලගුණය වරින් වර මේ සති අන්තයේ ද තරගාවලියට බාධා ඇති කළේය.

  • එස්.එස්.සී. – පානදුර

එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් මෙදින පන්දු 147කදී හතරේ 11ක් සහ හයේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 137ක් ලබා සති අන්තයේ ප්‍රථම ශතකය වාර්තා කළේය.

අයහපත් කාලගුණය මත තවමත් ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන එස්.එස්.සී. කණ්ඩායම දෙවන දින තරගය නිම වන විට කඩුලු තුනකට ලකුණු 237ක් ලබා සිටියේය.

 එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 3ට 237 (පන්දුවාර 49යි) – (අවිශ්ක ප්‍රනාන්දු 36, ෂෙවෝන් ඩැනියල් නොදැවී 137, නිපුන් ධනංජය 18, අසේල සම්පත් 62/2)

  • ගුවන් හමුදාව – පොලීසිය

ගුවන් හමුදාව දෙවන දින මුල් ඉනිමේදී ලකුණු 154කින් ඉදිරියෙන් සිටීමට සමත් විය. මාලින්ද පුෂ්පකුමාර මුල් ඉනිමේදී ලකුණු 92කට ගුවන් හමුදා පිතිකරුවන් පහක් දවාලීය.

ගුවන් හමුදාව මුල් ඉනිම සියල්ල දැවී 255 (පන්දුවාර 82.2යි) – (චානක රුවන්සිරි 85, කෙමිර විජේනායක 54, ගීත් කුමාර 40, මුවින් සුබසිංහ 34, මාලින්ද පුෂ්පකුමාර 92/5

පොලීසිය මුල් ඉනිම 101 (පන්දුවාර 29.2යි) – (ධනුජ ඉඳුවර 45, මාලින්ද පුෂ්පකුමාර 14, මොවින් සුබසිංහ 36/5, දුලාංජන මෙන්ඩිස් 14/2යි)

ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 2ට 12යි (පන්දුවාර 8යි) – (මාලින්ද පුෂ්පකුමාර 2/2යි).

  • මුවර්ස් – ඒස් කැපිටල්

අයහපත් කාලගුණයේ බලපෑමක් ඇති නොවුහොත් මේ තරගයේ විසඳුමක් ලැබෙන තත්ත්වයක පවතී.

මුවර්ස් මුල් ඉනිම 159 (පන්දුවාර 54.5යි) – (රමේෂ් මෙන්ඩිස් 45, පසිඳු සූරියබණ්ඩාර 17, මොහමඩ් ෂමාෂ් 17, වනුජ සහන් 49/4, රොෂාන් ජයතිස්ස 50/3)

ඒස් කැපිටල් මුල් ඉනිම 181 (පන්දුවාර 58යි) – (පවන් වීරසිංහ 63, සිතාර ගිම්හාන් 26, හර්ෂ කුරේ 21, රවිඳු රත්නායක 20, රමේෂ් මෙන්ඩිස් 34/3, ප්‍රවීන් ජයවික්‍රම 48/3, තිලංග උදේශාන් 21/2යි)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 5ට 77 (පන්දුවාර 19) – ( සොහාන් ද ලිවේරා 47, ඔමේෂ් මෙන්ඩිස් 12, වනුජ සහන් 21/2, මධුක ලියනපතිරණගේ 21/2)

  • එන්.සී.සී. – බදුරලිය

එන්.සී.සී. කණ්ඩායමේ උපුල් තරංග ශතකය ආසන්නයටම ළංව ලකුණු 92කට දැවී ගියේය. එන්.සී.සී. මුල් ඉනිමේ රැස් කළ ලකුණු 301ට සාර්ථක පිළිතුරක් දුන් බදුරලිය කණ්ඩායම දෙවන දින නිමා වන විට කඩුලු 4කට ලකුණු 185ක් ලබා සිටියේය.

එන්.සී.සී. මුල් ඉනිම පන්දුවාර 71.3කදී සියල්ල දැවී 301යි – (උපුල් තරංග 92, කවීන් බණ්ඩාර 60, නිරෝෂන් දික්වැල්ල 34, ළහිරු උදාර 32, අෂේන් ඩැනියල් 32, චානක කොමසාරු 97/5, පර්විස් රසුල් 150/4යි)

බදුරලිය මුල් ඉනිම කඩුලු 4ට 185 (පන්දුවාර 59යි)  – (රමේෂ් මෙන්ඩිස් 57, අදිල් රෙෂි 51, අනුක් ප්‍රනාන්දු නොදැවී 40, ලසිත් ඇඹුල්දෙණිය 62/2)

  • ටැමිල් යුනියන් – චිලව් මේරියන්ස්

චිලව් මේරියන්ස් කණ්ඩායමේ රජිඳ පුංචිහේවා මේ තරගයේදී ලකුණු 50කට කඩුලු 7ක් දවාලීය.

ටැමිල් යුනියන් කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 42කින් ඉදිරියෙන් පසුවීමට සමත් විය.

ටැමිල් යුනියන් මුල් ඉනිම පන්දුවාර 70.5කදී සියල්ල දැවී 248යි – (රවිඳු ප්‍රනාන්දු 90, දිලුම් සුධීර 45, රොන් චන්ද්‍ර ගුප්ත 29, සිතාර හපුහින්න 21, රජිඳ පුංචිහේවා 50/7, ලසිත් ලක්ෂාන් 49/3යි)

චිලව් මේරියන්ස් මුල් ඉනිම 206යි (පන්දුවාර 57.3යි) – (කසුන් විදුර 60, විශ්ව චතුරංග 28, ලසිත් ලක්ෂාන් 25, ශිරාන් ප්‍රනාන්දු 33/3, දිලුම් සුධීර 52/3)

ටැමිල් යුනියන් දෙවන ඉනිම කඩුලු 1ට 18යි (පන්දුවාර 2යි) – (චමෝද් සඳරු 2/1)

  • ගෝල් – කැන්ඩි කස්ටම්

ගෝල් කණ්ඩායම දෙවන දින නිමවනතුරුත් ප්‍රථම ඉනිම අවසන්ව නොමැති හෙයින් මෙය විසඳුමකින් තොරව නිම වන ලකුණු දැනටම පහළ කර තිබේ.

ගෝල් මුල් ඉනිම කඩුලු 5ට 157යි  (පන්දුවාර 53යි) – (ඕෂද ප්‍රනාන්දු 70, හර්ෂ විතාන නොදැවී 23, විශ්ව විජේරත්න 27, බුද්ධික සංජීව 35/2, ගයාන් සිරිසෝම 38/1යි)

සී.සී.සී. – කොල්ට්ස්

මුලින් පන්දුවට පහරදෙන සී.සී.සී. කණ්ඩායම දෙවන දින තරගය නිම වන විට කඩුලු පහකට ලකුණු 140ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ලකුණු 62ක් ලබා අර්ධ ශතකයක් ලැබීය.

සී.සී.සී. මුල් ඉනිම කඩුලු 5ට 140 (පන්දුවාර 34) – (ලසිත් කෘස්පුල්ලේ 62, පවන් රත්නායක නොදැවී 18, චමිඳු විජේසිංහ 19, සහන් සුන්දර් ක්‍රිෂ්ණන් 54/3, අකිල ධනංජය 34/2)

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee