slc
logo
Home   |    News
නොවැම්බර් 7, 2023
ප්‍රනාන්දුලා ලකුණු අතරට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (05) ආරම්භ වූ තරග අතුරින් ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරුවන් දෙදෙනකු වන එස්.එස්.සී. කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 36ක් ද ගෝල් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 55ක් ද රැස් කරමින් ලකුණු අතරට පිවිසීමට සමත් විණි.

අද (05) ආරම්භ වූ තරගාවලියේදී  පිතිකරුවන් හයදෙනකුම අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. මෙලෙස අර්ධ ශතක ලබා ගත්තේ ටැමිල් යුනියන් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (90) එන්.සී.සී. කණ්ඩායමේ උපුල් තරංග (නොදැවී 85) එන්.සී.සී. කණ්ඩායමේ කවීන් බණ්ඩාර (60) ගුවන් හමුදාවේ චානක රුවන්සිරි (80) ගෝල් කණ්ඩායමේ  ඕෂද ප්‍රනාන්දු (නොදැවී 55යි) සහ ගුවන් හමුදාවේ කෙමිර විජේනායකයි (54).

පන්දු යවන්නන් අතරින් කඩුලු පහ ඉක්ම වූ එකම පන්දු යවන්නා වන චිලව් මේරියන්ස්  කණ්ඩායමේ  රවිඳ පුංචිහේවා ටැමිල් යුනියන්  සමඟ  ලකුණු 37කට කඩුලු හයක් දවාලීමට සමත් විය.

මෙදින තරගාවලියට අයහපත් කාලගුණය වරින්වර බලපෑ අතර තරග කිහිපයක්ම ආරම්භ කිරීමට ද නොහැකි විණි.

  • එස්. එස්. සී. – පානදුර

මුවර්ස් ක්‍රීඩාංගණයේ  පැවැති මේ තරගයේදී කාසියේ වාසිය දිනු එස්.එස්. සී.  කඩුලු එකකට ලකුණු 96ක් ලැබූ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වූ එස්. එස්. සී. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 32කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 36ක් රැස් කළේය.

එස්. එස්. සී. මුල්ඉනිම කඩුලු 196 (පන්දුවාර 18යි) –  (අවිශ්ක ප්‍රනාන්දු 36,ෂෙවොන්  ඩැනියල් 39,  නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 12, අසේල සම්පත් 27/1).

  • ගුවන් හමුදාව – පොලිසිය

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන මේ තරගාවලියේදී මුලින් පන්දුවට  පහරදෙන ගුවන් හමුදා කණ්ඩායමේ කෙමිර විජේනායක පන්දු 166කට මුහුණදී හතරේ හතරක් සමඟ ලකුණු 54ක් රැස් කළ අතර චානක රුවන්සිරි ලකුණු 82ක් ලැබුවේ පන්දු 96කදී හතරේ 7ක් සහ හයේ පහර  පහක් සමඟය.

ගුවන් හමුදාව මුල්ඉනිම කඩුලු 4192 (පන්දුවාර 57යි) – (කෙමිර විජේනායක 54, ගීත් කුමාර 40,  මාලින්ද පුෂ්පකුමාර  82/2යි)

  • මුවර්ස් – ඒස්. කැපිටල්

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ඒස් කැපිටල්  කණ්ඩායමේ වනුජ සහන් (49/4) සහ රොෂාන් ජයතිස්ස (50/3යි) දක්ෂ පන්දු යැවීම හමුවේ මුවර්ස් කණ්ඩායම මුල් ඉනිමේදී 159 කට දැවී ගියේය.

මුවර්ස් මුල්ඉනිම 159යි ( පන්දුවාර 54.5යි) – ( රමේෂ් මෙන්ඩිස් 45, පසිඳු සූරියබණ්ඩාර 17, මොහමඩ් ෂමාෂ් 17, වනුජ සහන් 49/4, රොෂාන් ජයතිස්ස 50/3, සිතුම් දිසානායක 51/2)

ඒස් කැපිටල් කඩුලු 353 (පන්දුවාර 13) – (රවිඳු රත්නායක 20,  පවන් රත්නායක නොදැවී 17, තිලාන් ප්‍රසාන් 21/1, මිලාන්  රත්නායක 21/1)

එන්.සී.සී. – බදුරලිය

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී මුලින් පන්දුවට පහරදෙන එන්.සී.සී. වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 85ක් ද (පන්දු 131යි හතරේ හතයි) කවීන් බණ්ඩාර ලකුණු 60ක් ද (පන්දු 72 හතරේ 5යි හයේ 2යි) අර්ධ ශතක වාර්තා කළහ.

එන්.සී.සී. මුල්ඉනිම කඩුලු 7ට 268 (පන්දුවාර 56යි) – (උපුල් තරංග නොදැවී 85, කවීන් බණ්ඩාර 60,  නිරෝෂන් දික්වැල්ල 34, ළහිරු උදාර 32, චානක කොමසාරු 82/4, පර්විස් රසුල් 35/2)

  • ටැමිල් යුනියන් – චිලව් මේරියන්ස්

මේ තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු ලකුණු 90ක් (පන්දු 128යි හතරේ පහයි හයේ හතරයි) රැස් කළ අතර චිලව් මේරියන්ස් කණ්ඩායමේ රවිඳු පුංචිහේවා ලකුණු 37කට කඩුලු හයක් දවාලීමට සමත් විය.

ටැමිල් යුනියන් මුල්ඉනිම කඩුලු 8ට 223 (පන්දුවාර 63යි) – (රවිඳු ප්‍රනාන්දු 90, දිලුම් සුධීර නොදැවී 38, රොන් චන්ද්‍ර ගුප්ත 29,  සිතාර හපුහින්න 21, නවෝද් පරණවිතාන 18, රවිඳ පුංචිහේවා  37/6, ලසිත් ලක්ෂාන් 76/2යි).

  • ගෝල් – කැන්ඩි කස්ටම්

මුලින් පන්දුවට පහරදෙන ගෝල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු පන්දු 75කදී හතරේ පහක් හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය.

ගෝල් මුල්ඉනිම කඩුලු 1ට 81යි (පන්දුවාර  24යි) – ( ඕෂද ප්‍රනාන්දු නොදැවී 55, විශ්ව විජේරත්න නොදැවී  21,  ගයාන් සිරිසෝම 31/1යි).

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee