slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2023
මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් තෙවැනි පාර්ශ්වයකට අයත් ගිණුම් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් මාරු කළ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිසේත්ම එවැනි මුදල් මාරු කිරීමක් සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය තරහේ ප්‍රතික්ෂේප කරන බව දැනුම් දී සිටියි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නියාමන කරන ආයතනය ලෙස කටයුතු  කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන අරමුදල් මෙන්ම අනුග්‍රාහකත්ව මුදල් විනිමය අනුපාත උච්චාවචනයන් කළමනාකරණය කිරීමේ අරමුණින් ඩොලර්වලින්ම ගිණුම්වල තැන්පත් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්හි එදිනෙදා වන මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමේදී ඒ සඳහා සේවා ලබා දෙන සැපයුම්කරුවන් ඇතුළු සියලු පාර්ශවකරුවන් වෙත අදාළ ගෙවීම්  නිති පතා සිදු කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිහිපත් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දේශීය මුදලින් සැලකිය යුතු ආදායමක් නොලැබෙන බැවින් ඉහත කී වියදම් පියවර ගැනීම සදහා ඩොලර්වලින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වල මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට මාරු කිරීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිගු කාලයක් තිස්සේ සිදුකරගෙන යනු ලබන බව සිහිපත් කර සිටියි. මෙම මුදල් හුවමාරු කිරීමේ ක්‍රියාවලිය ආයතනික මෙහෙයුම් අරමුණු සඳහා පමණක් ක්‍රියාත්මක කරන බවත්,  වෙනත් කිසිඳු අරමුණකට එම ක්‍රියාවලිය භාවිත නොකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ගිණුම්වලින් මුදල් මාරු කිරීමට තැත් කරන බවට ප්‍රකාශ වන සියලුම ප්‍රකාශ අසත්‍ය වන අතර, මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුණින් සිදු කළ ප්‍රකාශයක් බවත් එම ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

මීට අමතරව, සිය ව්‍යවස්ථාවේ සඳහන්  විධිවිධානවලට අනුකූලව රුපියල් 10,000/- ට වැඩි මුදල් ගෙවීම් තහනම් කර ඇති බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වැරදි ප්‍රකාශය ආශ්‍රිත නිවැරදි කරුණු පිළිබඳ ව පැහැදිලි කිරීම වෙනුවෙන් සිය සැපයුම්කරුවන්, පාර්ශ්වකරුවන් සහ තෙවන පාර්ශ්වයන් වෙත චෙක්පත් නිකුත් කළ  තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ වාර්තාවක් (2023 අගෝස්තු 17 සිට 2023 නොවැම්බර් 8 දක්වා)  පාර්ලිමේන්තුවට සහ පොරොත්තු ගෙවීම් අමාත්‍යාංශයට නිකුත් කිරීමට  පියවර ගෙන ඇත.

සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනිවිදභාවය සහ අඛණ්ඩතාවය  තහවුරු කිරීම සඳහා නිරන්තරයෙන් කැප වන අතර, විවිධ පාර්ශ්ව වෙතින් පළ වන සියලු ම  සාවද්‍ය තොරතුරු නොසලකා හරින ලෙසත්, නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා  සත්‍ය මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියටත් එය යහපත්ව පවත්වාගෙන යෑමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරන බව ද මෙහිදී අවදාරනය කර සිටියි.

 

 

 

 

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee