slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2023
ශ්‍රී ලංකා නැගීඑන පිල කඩුලු 3 ක් අතැතිව ලකුණු 32 ක් පිටුපසින්

sinhala editor

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය තම අණසකට ගැනීමට නම් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට තවත් කඩුලු 3 කදී ලකුණු 32 ක් ලබා ගත යුත් වේ.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 251 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හ්‍රී ලංකා කණ්ඩායමේ පවන් රත්නායක ලකුණු 44 ක් සහ චාමික ගුණසේකර (08) සිව්වැනි දිනයේදීත් පන්දුවට පහර දීම සදහා අවකාශ විවර කර ගෙන සිටිති.

මෙම ඉනිම ආරම්භයේදී පළමු කඩුලු 3ම කුණු 40 ක් ඇතුළතදී දවා ගනිිමන් පීඩනයක් එක් කිරීමට බංග්ලාදේශ නැගීඑන පන්දු යවන්නන් සමත් වුවත්, සිව්වැනි කඩුල්ලට එක් වුණු සොනාල් දිනූෂ සහ අහන් වික්‍රම සිංහ ලකුණු 62 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අවධානමෙන් මුදවා ගැනීමේ මූලික කාර්ය භාරය සිදු කළහ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම ලකුනු 02 ක් ඇතුළත දැවී යෑම නිසා ශ්‍රී ලංකා නැගීඑන පිල යළිත් අසීරුතාවයට පත්විය. කෙසේ වෙතෙත් පවන් රත්නායකට එක් වුණු චමිඳු වික්‍රමසිංහ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව කරා රැගෙන ඒමට අවශ්‍ය පසුබිම සකස් කළහ.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම ලකුණු 251 කට සීමා කිරීම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීඹක නිරත වුණු වේග පන්දු යවන චාමික ගුණසේකර බංග්ලාදේශ ඉනිමේ කඩුලු 9 ක් තමන් සතු කර ගත්තේ ලකුණු 59 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. කොළඹ ආනන්ද විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටින දකුණත් වේග පන්දු යවන්නා මේ වන විට 23 වැනි වියේ පසුවේ.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම ලකුණු 251 යි – (අමිත් හසන් 10, මහමුදුල් හසන් 16, ශදාත් හොසේන් 11, ප්‍රිටෝම් කුමාර් 10, අක්බාර් අලී 129, රකිබුල් හසන් 36, හසන් මුරාඩ් 27, චාමික ගුණසේකර 58/9)

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පළමු ඉනිම කඩුලු 7 ට ලකුණු 219 යි – නවෝද් පරණවිතාන 22, පවන් රත්නායන 44* අභිෂේක් ලියනාරච්චි 11, අහන් වික්‍රමසිංහ 39, සොනාල් දිනූෂ 25, චමිදු වික්‍රමසිංහ 24, කල්හාර සේනාරත්න 23, රිපෝන් මොන්ඩොල් 56/2, මුස්ෆික් හසන් 30/2, නහීද් රානා 56/2)

 

Active filters

Recent Posts

  • පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්
    බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 […]
  • පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (21 දා) පස්වරුවේ නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය. තරගය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 296 […]
  • තරගය දැන් දෙපිලටම විවෘතයි – කමිඳු මෙන්ඩිස්
    සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවැසීය. හෙට (21) අවසන් දිනයේ උදෑසන බංග්ලාදේශ කඩුලු දෙකක් දවා ගතහොත් ශ්‍රී […]
  • නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්
    වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර […]
  • අවු. 19 න් පහළ නැෂනල් යූත් ලීග් තරගාවලිය ඇරඹෙයි
    වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee