slc
logo
Home   |    News
නොවැම්බර් 12, 2023
ක්‍රිකට් තහනම් වුණොත් 2024 වසරේ පාඩුව විතරක් ඩොලර් මිලියන 50 ක්

sinhala editor

 

මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති අර්බුධය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අහෝසි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ ඉදිරි වසර ක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමිවන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 50 කට ආසන්න බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අවධාරණය කර සිටියි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකරන ලද කමිටු රැස්වීමකින් අනතුරුව නොවැම්බර් මස 10 වැනිදා රාත්‍රියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනු ලැබූ බවයි. ඒ අනුව ටෙස්ට් වරම් ලබා ගෙවී යන 43 වැනි වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමි වූයේ පළමු වතාවට වීම කැපී පෙනෙයි.

එම තහනම් කිරීමත් සමග ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් ආයතන බලධාරීන් වෙත දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර ඊට පිළිතුරු ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ක්‍රිකට් සභාපතිවරයා ඉහත කරුණු අනාවරණය කර සිටියේය.

මෙහිදී ඉදිරි 2024 වසර ඇතුළත ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මේලනය මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ඉඩ ප්‍රශ්ථාව පැවැතියද මෙම තහනමත් සමග ඒ සියල්ල ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවධානමක් මතුව තිබෙන බවද ඒ මහතා වැවඩිදුරටත් පෙන්වා දුන්නේය.

“අපිට 2024 අයි. සී. සී. කොන්ෆරන්ස් එකයි අන්ඩර් 19 වර්ඩල් කප් එකටයි විතරක් ඩොලර් මිලියන 30 ක් එන්න තියෙනවා. නමුත් අයි.සී.සී. එක නිකන් හරි අපේ බෑන් එක අරන් දැම්මේ නැත්නම් එන අවුරුද්දට විතරක් ඔක්කොම ඩොලර් මිලයන 50 ක් විතර අලාභයක් අපිට සිද්ධ වෙනවා. ඩොලර් මිලියන 50 ක්“ යැයි ශම්මි සිල්වා මහතා කරුණු අනාවරණය කර සිටියේය.

‘ඒ විතරක් නොවෙයි. අපේ අන්ඩර් 19 ටීම් ටීම් එක අවුරුදු 13 ඉඳලා ගහලා ඒ ළමයින්ට වර්ල්ඩ් කප් එකක් ගහගන්නත් බැරි වෙනවා. අපේ ක්‍රිකට් එක තියෙන්නේ පාසලේ“ යැයිද අදාළ තහනම හරහා නුදුරේදීම සිදුවන්නට යන වක්‍රාකාර අවාසිය පිළිබඳවද සභාපතිවරයා කරුණු ගෙන හැර පෑවේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ නිකුත් කරන ලද නිවේදනයට අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙන බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනව කලමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ එහි නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝණය කර ඇති එම සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය අහෝස් වීමත් සමග ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහංචි සම්බන්ධයෙන් මේ මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

සභාපතිවරයා සඳහන් කරන අන්දමට ඉකුත් මාස කීපය තිස්සේම සිදුවූ දේශපාලන මැදිහත්වීම් හරහා මෙකී තහනම ඊයේ රාත්‍රියේදී ලබාදීමට පෙරම තහනම් වීමට ඉඩ තිබුණේ ඉකුත් ජූලි මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැති අන්තර්ජාතික රැස්වීම අතරතුරදී බවයි. ඒ පිළිබයඳව ශම්මි සිල්වා මහතා මහතා කරුණු එකින් එක ගෙන හැර පෑවේ පහත ආකාරයෙනි.

“අයි.සී.සී. එක මීට මාස 5 කට ඉස්සෙල්ලා මෙහෙට ආවා පොලිටිකල් ඉන්ටර්ෆියර්න්ස් කිව්වාම ඉන්ටර්විව් එකක් තිබ්බා. ඉම්රාන් ඛවාජා මහතා, ක්‍රීඩා ඇමැතිතුමාවයි, ගරු ජනාධිපතිතුමාවයි දෙන්නවම හම්බවෙලා කියා සිටියේ මේකේ පාලනය හරියට සිදුකළේ නැත්නම් මේ ගැන ලොකු තීරණයක් ගන්න වෙන බව ඔවුන් වෙත දැනුම් දී සිටියා. ඒක ගරු ජනාධිපතිතුමාත් දන්නවා. මේක මේ අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් නොවෙයි. ඊට පස්සේ මම ගියා අයි.සී.සී. යේ මීටින් එකට ඛවාජ මහත්තයා ආවේ මැයි 10 වැනිදා. අයි.සී.සී. මීටින් එකට මම ගියා ජූලි 10 ඉඳලා 14 වෙනකම්. ඒගොල්ලන්ගේ රිපෝට් එකේ තිබුණේ තනිකරම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට පොලිටිකලි ඇබියුස් කරනවා කියලා“.

“එතකොට එයාලා මගෙන් ඇහුවා අපිට තියෙනවා ක්‍රම ටිකක්, එක්කො ශ්‍රී ලංකා ක්‍රිකට් බෑන් කරන්න ඕන. එක්කෝ ක්‍රිකට් නවත්තන්න ඕන. එහෙමත් නැත්නම් සල්ලි දෙන එක නවත්තන්න ඕන කියලා. මොකද්ද මේ ගැන ඔබතුමා කියන්නේ කියලා මගෙන් ඇහුවා. මම ඒ සැරේ ඒගොල්ලන්ට කිව්වා මේක තහනම් කරන්න එපා මම ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි කියලා. ඒ පාර තමයි හරි ගියේ. නැත්නම් එදා ජූලි 1 යි 14 යි අතර කාලේ තමයි අපිව ජාත්‍යන්තර තහනම් වෙන්න ගියේ. අද ඊයේ නොවෙයි“ යැයි ශම්මි සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ස්වාධීනව සිදුකරගෙන යෑමට ඉඩ ලබාදිය යුතු බව මේ වසරේ අප්‍රේල් මස 11 වැනි දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් නිකුත් කරමින් දැනුම් දී තිබුණු නමුත්, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කළ කමිටුවේ සාමාජියකු වන ඉම්රාන් ඛවාජා මහතා මැයි මාසයේදී ශ්‍රී ලංකාවට  පැමිණෙනු ලැබිණ. මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිවලට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉඩ ලබාදෙන ලෙසත් ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුනොකරන ලෙසත් ඉම්රාන් ඛවාජා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී දැනුම් දීමටද පියවර ගෙන තිබුණි.

කෙසේ වෙත්ත ඊට පසුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත් කරමින් ඔවුන් සමඟින් කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත ලිපියකින් දැනුම් දීමට පියවර ගනු ලැබුවද ප්‍රධාන විධායක නිලධාරී වරයා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ දැනුම්දීමකින් තොරව එම කමිටුව සමග සාකච්ඡා කිරීමට තමා සූදානම් නොමැති බවයි. ක්‍රීඩා අමාත්‍යවරයා වසිින් එම ලිපිය 2023 වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා යොමු කරනු ලැබීය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා රාජ්‍ය මැදිහත්වීම් නොකරන ලෙස එම ලිපියෙන් අනතුරු අඟවීමටද අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවරගෙන තිබුණි.

ඉන් නොනැවතුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2023 ඔක්තෝම්බර් මස 23 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ ලබන වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේදීි පැවැත්වීම සඳහාත් ලබන වසරේදී වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහාත් අවසර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා රාජ්‍ය මැදිහත්වීම් සිදු නොවන බවට සහතිකයක් ලබාදිය යුතු බවයි. එවන් පසුබිමක මෙවර ලෝක කුසලානයට ක්‍රිකට් තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යවරයා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අත්හිටුවා එහි පරිපාලනය සිදුකරගෙන යෑම සදහා හිටපු නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගනු ලැබීය. නමුත් වර්තමාන නිලධාරීන් අභියචනාධිකරණයේ පිහිට පැතීම නිසා පසු දිනෙම අභියාචනායාධිකරණය ඊට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගනු ලැබීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රිිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, වැඩ බලන ලේකම් ක්‍රිසාන්ත කපුවත්ත සහ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකුම සහභාගිව සිටියහ.

එම මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා මහතා දක්වන අදහස් පහත පරිදි වේ.

“ඇත්තටම අපි මෙච්චර කල් ඇමැතිතුමාට කිසිම තැනක වැරදි කියලා නෑ. මම හිතන විදියට ලෝකෙ තියෙන පළවෙනිම රට තමයි ක්‍රීඩා 3 ක් තහනම් වෙච්ච අපේ රට. ලංකාවේ තියෙනවා ෆුට්බෝල්, රගර්, ක්‍රිකට්. ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුණාට මේ තමයි ලංකාවේ ප්‍රසිද්ධම ක්‍රීඩා තුන. මේ ක්‍රීඩා තුනම තහනම් කරපු එකම ඇමැතිතුමා තමයි මේ ඉන්නේ. මං හිතන්නේ ගිනස් වාර්තාවටත් යයි. මෙයා තමයි මේ‍කෙ වගකියන්න ඕන. “.

“එයාගේ වැඩේම අනිත් මිනිස්සුන්ට හොරු හොරු කිය කිය යන එක. ඒ හොරු කතාවම මම කියන්නම්. අපි ඕනෑම තැනකට අපි ගිහිල්ලා කියන්න බය නෑ. මට ඇත්තටම පාර්ලිමේන්තුව ගැන දුක හිතුණා පෙරේදා. මොකද ඒගොල්ලා එක්කෙනෙකුටවක්වත් මේ විගණකාධිපති වාර්තාව කියවගන්න බැරි වෙච්ච එක ගැන. එක්කෙනෙක් කිව්වම අනිත් ඔක්කොම කියන්නේ හොරු කියලා“.

“ඇමැතිතුමා අපිට අවසර දීලා තමයි අපි ඔස්ට්‍රේලියාවේ ගියේ. එතකොට මේකෙ තියෙනවා අපිට වීසා ගන්න ලිස්ට් එකක්. මේකෙ ඇමැතිතුමාලගේ දූලා දෙන්නගෙත් නමත් තියෙනවා. ආර්. ඒ. ෂෙනාලි දිනුෂිකා. ආර්. ඒ. සරා දිනාලි සහ රොෂාන් රණසිංහ. මොකද ඇමැතිතුමාට එවෙලේ ඔස්ට්‍රේලියන් ගවර්මන්ට් එකෙන් වීසා දෙන්නේ නෑ. රටේ ඇමැති කෙනෙක් වුණාට ඔස්ට්‍රේලියන් ගවර්මන්ට් එකෙන් වීසා දුන්නේ නෑ, අපි ඇමැතිතුමාවත් එක්කරගෙන ගිහිල්ලා තමයි එයාගෙයි දූල දෙන්නගෙයි වීසා ගත්තේ. මේවා මේ අපිට එක එක චෝදනා නගනවා. අපි විසා ගන්න ලියුම් සීයක් දුන්නා 200 ක් දුන්නා කියාල බොරු චෝදනා නගනවා. එක්කෙනෙක්ගේ ඇරෙන්න අපි දුන්න ලියුම් ඔක්කොම තියෙනවා. ඒ ළමයා එහේ ගිහිං ඉගෙන ගන්න ඇප්ලයි කරලා තියෙනවා. ඔස්ට්‍රේලියා ගවර්මන්ට් එකෙන් ඒ ළමයට වීසා දීලා තියෙනවා.“

“මේ වගේම ෆුට්බෝල් එකට. ඒක බෑන් කළා. ඊට පස්සේ ටිකක් වෙලා හිටියා. ඊට ස්සේ එයා හිතුවා ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ කට්ටිය එයාගෙ පස්සෙන් එයි කියලා. අන්තිමට මොකද වුණේ. ජස්වර්ව අල්ලගෙන මෙයා ලියුම් 16 ක් ලියුවා ෆිෆා එකට. ලියුම් 16ම ෆීෆා එගෙන් ගනන් ගත්තේ නෑ. ඊට පස්සේ ජස්වර්ව අල්ලගෙන ගිහිල්ලා සූම් කෝල් එකක් දාලා තමයි ආයි මේක සෙට්ල් කරගත්තේ. දැන් අයි සී. සී. එකට ලියනවා බොරුවට. ඒ වගේම රග්ර් එක නතර වුණා. ඇත්තටම මේ ලංකාවේ ක්‍රීඩාව නැති කරපු එකම ඇමැති මෙයා“..

“මේ චෝදනා නිසා ඔබතුමාලා දන්නවා අපිට දැන් පාරේ බැහැලවත් යන්න බෑ. පොලිසියෙන් ඇවිල්ලා කිව්වා ගෙදර ඉන්න එපා. මොකද මිනිස්සු ඇවිස්සිලා ඉන්නේ කියලා. මැච් පැරදෙන එක නොවෙයි අපේ තත්ත්වයේ තියෙන්නේ. මේකෙ අපි හොරු කියන එක. ඇත්තටම ඇමැතිතුමා ගිහිං බලන්න ඕන කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා, පෙනෙයි කවුද හොරා කියලා.“

 

 

“අපි මෙතන සත පහක්වත් වංචා කරලා නෑ. මම මෙතනට එනකොට මේක බංකොලොත් සංගමයක්. අර්ජුන රණතුංග හිටියා. අර්ජුන රණතුංගගේ මල්ලි හිටියා. එයාගේ මල්ලිනේ වර්ල්ඩ් කප් එකක් කරලා ඉවර වෙලා බංකොලොත් වෙච්ච එකම රට ශ්‍රී ලංකාව වුණා. එතකොට අර්ජුන රණතුංගගේ මල්ලි තමයි ලේකම්. මෙකෙ තිබුණ සී.ඩී. ඔක්කොම ටික උස්සගෙන ගියා.“

“මං කියන්නේ අපිට හොරු කියන්න එන්න එපා. අපි කවදාවත් මෙතන හොරකම් කරලා නෑ. මං ඉපදෙනකොට මගේ තාත්තාට කාර් 4 ක් තිබ්බා අවුරුදු 60 කට ඉස්සෙල්ලා. මේ කතා කරන මන්ත්‍රීතුමාලා ඒගොල්ලා බලන්න ඕන කොහොමද මෙතැනින් සල්ලි හම්බකරගත්තේ කියලා. අපි සල්ලි හම්බකරන් නෑ අයථා විදියට කවදාවත්“.

“මේකෙ හරි විදියට ඔඩිට් වෙනවා. හරි තැනකට යන්න. පොලිසිය තියෙනවා. උසාවිය තියෙනවා ඒ තැනකට ගිහිං පෙන්වන්න. මේ වගේ දේශපාලන බලපෑම් කවදාවත් කිසිම බෝඩ් එකකට ආවේ නෑ. ඒක තමයි අයි.සී.සී. එක මේක නැවැත්තුවේ. අපිට තියෙන අනිත් ප්‍රශ්නය අපේ අන්ඩර් 19 ටීම එකට වර්ල්ඩ් කප් එකට ගහන්න දෙයිද. නැෂනල් සයිඩ් එකට ගහන්න දෙයිද කියන එක. කොහොම වුණත් මේ 21 වැනිදා මම ගිහිං මේ කරුණු නිරාකරණය කරගන්න ඕන.“

“අපි දුවන්නෙත් නෑ. ඇමැතිතුමානම් එයාට ජපානෙට යන්න පුලුවන්. අපි කවදාවක්වත් යන්නේ නෑ මේ රට දාලා. අපිත් අත්අරින්නෙත් නෑ මේ වැඩේ. අපි එයාට දුන්නා මිලියන 290 ක්. ලක්ෂ 2900 ක්. මේ මිලියන 290 ට අපි ලියුම් යැව්වා 4 ක් 5 ක්. අපි මේක දුන්නේ අනිත් ක්‍රීඩා වලට වියදම් කරන්න කියලා. අපේ ඔඩිට් එකෙන් මේකට අහනවා මොකද්ද කළේ කියලා. මෙයා මේ මිලියන 290 ම වියදම් කළේ මෙයාගේ හිතවතුන් සහ හිතවතියන් පිට රට යවන්නයි මෙයාගේ ලෝයර්ස්ලාටයි. මෙයාට ඕන විදියට තමයි මේක වියදම් කළේ. ඔබලා ඇමැතිතුමාට කියන්න මේකෙ විගණනය දෙන්න කියලා. කාටද දුන්නේ කියලා. අපි එතන ඉඳලා යනවා බ්‍රයිබරි එකට. මෙයා අපිට හොරු කියනවානේ. මෙන්න මේක තමයි එයාගේ වැඩ.“

“අනිත් එක අයි. සී.සී. එකෙන් තමයි අපිට සල්ලි දෙන්නේ. අපේ ක්‍රීඩාව නංවන්න තමයි ඒ සල්ලි දෙන්නේ. මම ඔබ තමාලට ඒ ලියුම දෙන්නම්. අපෙන් මෙයා මීට මාස 5 කට පමණ ඉස්සෙල්ලා හරි හයකට ඉස්සෙල්ලා හරි අපේ ආදායමෙන් 20% ක් විතර, ඒ කියන්නේ බිලියන 4.2 ක් විතර වෙනවා. ඒක එයාගෙ මිනිස්ට්‍රි එකට එවන්න කියලා. ඒ ලියුම මෙතන තියෙනවා. ඔබලාට ඕන නම් මම ඒකෙ කොපියක් දෙන්නම්. එහෙම කරන්න බෑ. මේක මේ අයි.සී.සී. එකේන එවන සල්ලි. ඒ සල්ලි දෙන්න බෑ කියලා. මේකෙන් පස්සේ තමයි මේයා අපිත් එක්ක තරහ පටන් ගත්තේ. බිලියන 2 ක්. ලක්ෂ 42000 ක්. මේක තමයි තරහ පටන්ගන්න පළවැනි හේතුව. අපි මේවා ගැන ඔයාලට ඇවිල්ලා කිව්වේ නෑ. පාර්ලිමේන්තුවෙමනේ මෙයා කියන්නේ. පාර්ලිමේන්තුවේ කිය කිය අපිට ගහනවා. පාර්ලමේන්තු වරප්‍රසාද යටතේ අපිට මුකුත් කරන්න බෑ, අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වුණත් අපෙන් මේක අහන්න ඕන. හොරු හොරු හොරු. හොරු හිටියා. අපි දන්නවා. අර්ජුන රණතුංග මහත්මයාගේ අම්මාගේ කාර් එකත් එයාගේ අයියා ක්‍රිකට් ආයතනයේ වැඩකරනකොට අපේ බෝඩ් එකට වික්කා. මල්ලි හිටියා මල්ලි බංකොලොත් කරලා ගියා.“

“මම කියන්නේ අපිට හොරු දූෂිතයෝ, කුඩු කාරයෝ නොවෙයි. මෙතන මම කියනවා කුඩුයි සූදු කාරයෙයිකිසිම කෙනෙක් මගේ කමිටුවේ නෑ. ඒක හින්දා මම වගකීමෙන් කියනවා. ඔය වගකීමෙන් කතා කරනපාර්ලිමේන්තු මනත්‍රීවරුන්ට මේක මම කියන්නේ තමන්ගේ ඔක්කොටම ඉස්සෙල්ලා කණ්ඩාඩිය ඉස්සරහට ගිහිල්ලා බලන්න තමන්ගේ මූණ. තේරෙයි කවුද හොරු කියලා“.

“මම 21 වැනිදා අයි.සී.සී. රැස්වීමට යනවා. මං දන්නේ නෑ එතැනින් එහාට කොහොම යන්න පුලුවන් වෙයිද කියලා. එක්කො මම ජනාධිපතිතුමාටත් කතා කරන්න ඕන. නැත්නම් මේක හරියන්නේ නෑ. දෙකෙන් එකෙක් වෙන්න ඕන. නැත්නම් අපිට අයි.සී.සී. බෑන් එක යනවා දිගටම.“

“අපි ගෙවල්වල ඉන්නේ කොහොමද. අල්ලපු ගෙදර මිනිස්සු හිතයි අම්මටහඩු මේ යන්නේ. මූ මාර මිනිහෙක්නේ. මූ මාර පොරක්නේ. හොරෙක්නේ. ඔහොමනේ යන්නේ. එයාට වැඩක් නෑ. එයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් එයා මේව වෙලා යනවා. මේවා තමයි ඇත්තටම සහගහන අපරාධ. එයාට ඕන තැනකට අපිව එක්කන් යන්න කියන්න. අපි ඊට ඉස්සෙල්ලා එයාව එක්ක යනවා වෙන තැනකට. එයා කියනවා නම් එයා හොරෙක් නොවෙයි කියලා මගේ ළඟ තියෙනවා ගොඩක් ඒවා. මට තව හුඟක් කියන්න බැරි ඒවා මම කියන්නම් ඉස්සරහට. මෙයා සුදත් චන්ද්‍රෙස්කර මහත්තයයි මාවයි හම්බවෙලා මෙයා ඉල්ලපු ඒවා ටිකම මම සුදත් චන්ද්‍රෙස්කර මහත්තයා එක්කම ඇවිල්ලා කියන්නම්. මම ඒවා කියන්න දැන් යන්නේ නෑ“.

“අනික් එක කිව්වා මම සිනමන් ග්‍රෑන්ඩ් එකේ මම ඉඳලා මම කුමන්ත්‍රණ කරලා තමයි මේ අයි.සී.සී. එක පෙරළුවේ කියලා.“

“අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකයි අයි. සී.සී. ඇනුවල් කන්ෆරන්ස් එක. ඒක පළමු වතාවටයි ශ්‍රී ලංකාවේ තියන්නේ. ඒකට රටවල් එකසිය අනූ ගාණක් එනවා. අනිත් එක ටී-20 වර්ලඩ් කප් එක. 2026 වසරේදි ඉන්දියාවයි අපි කරන්නේ. ඒ වගේම 2026 කාන්තා තරගාවලිය ලංකාවේ තමයි කරන්නේ. අපි මේවා බොහොම අමාරුවෙන් ගිහිල්ලා අයි.සී.සී. එකට කියලා ගත්ත තරගාවලි. මේකට එයාලා දාලා එව්වා අපේ රජයෙන් මේවා තියන්න සහයෝගය ඕනා. ඒ ඇෂුවරන්ස් එක නැත්නම් එයාලට කරන්න බැහැ කියලා. දැන් මේ වෙච්ච වැඩෙන් අපේ ඇනුවල් කන්ෆරන්ස් එක තහනම් වුණා. ඒක වෙන කොහේ හරි තියයි. අන්ඩර් 19 එකත් තවම මට විශ්වාස නෑ ලංකාවේ තියයි කියලා. මොකද ඒ තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් අයි.සී.සී. එකෙන් ආපු කාන්තාව යන්න හිටියේ ලබන සිකුරාදා. නමුත් එයාට අයි.සි.සී, එකෙන් කෝල් එකක් ආවා එයා ගියා අද උදේ“.

“මිනිස්ටර් කෙනෙක් වර්ලඩ් කප් එකක් යන අතරේ ටීවී එකේ ඉන්ටර්විව් එකට ගිහිං කියනවා පුහුණුකරුවන් ගන්න සැලරි එක. ලෝකෙ කොයි මිනිස්ටර්ද මේ වගේ වර්ල්ඩ් කප් එකක් යද්දී ඒ මිනිස්සුන්ගේ මනස මේවා කරන්නේ. ඒ මිනිස්සු ජොබ් සිකුරිටි එක ගැන සිතනවා. කොයි රටේද මේවගේ දේවල් වෙලා තියෙන්නේ. මේක ලංකාවේ විතරයි. වෙන කිසිම රටක වෙලා නෑ. එහෙම නම් එංගලන්තයේ මෙයා මිනිස්ටර් වෙලා හිටියා නම් එංගලන්තය ඉවරයි. ගිය අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන්ස්ලා. මේ අවුරුද්දේ පරාදයි. සෙමි ෆයිනල්වත් ඇවිල්ලා නෑ. දැන් මේකෙන් අපි ටී-20 ඒෂියා කප් දින්නා. කවුරුත් හිතුවේ නෑ. මේ අවුරුද්දෙත් අපි ෆයිනල් එකට ආවා. 50 අවුට් වුණ එක ඇත්ත. නමුත් ෆයිනල් ආවනේ“.

“හුඟක් කට්ටිය කිව්වා මේ දවස් ටිකේ මම හිටියේ ඉන්දියාවේ කියලා. මම අයි.පී.එල්. ෆයිනල් එකෙන් පස්සේ ඉන්දියාවට ගිහ්ලලා නෑ. දැන් මාස මාස 5 කට 6 කක් වෙනවා. නමුත් මම ඉන්දියාවේ හිටියා කියලා මාධ්‍යවල ගිහිල්ලා තියෙනවා දැක්කා“ යැයිද ශම්මි සිල්වා මහතා තමන් ඇතුළු විධායක කමිටුවඑ එල්ල වන චෝදනා සම්බන්ධව අදහස් දක්වා සිටියේය.

Active filters

Recent Posts

  • වනුජ සහන් ඇෆ්ගන් බලාපොරොත්තු සුණු විසුණු කරයි
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් […]
  • ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් […]
  • සහන් ආරච්චිගේ තුන් ඉරියව් දක්ෂතා ග්‍රීන්ස් පිල⁣ට ජය ගෙන එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන් කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද (11) ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දුවට පහරදීමේදී ලකුණු 21ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු අටකට කඩුලු […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු […]
  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee