ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති එස්එස්සී හා එන්සීසී අතර තරගයේදී එස්එස්සී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 79කදී හයේ 6ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 100ක් ලබා ගනිද්දී එන්සීසී පිලේ පැතුම් නිශ්ශංක පන්දු 96කදී හයේ පහර 6ක් හා හතරේ පහර 13ක් සමග ලකුණු 135ක් ලබා ගැනීමට සමත් විය.
කෙසේ වුවද තරගයට වර්ෂාව බාධා ගෙනදීම හේතුවෙන් එන්සීසී පිල ඩක්වර්ත් ලුවිස් න්‍යායය යටතේ ලකුණු 14කින් පරාජය කිරීමට එස්එස්සී පිල සමත් වූවේය. මෙම තරගයේදී එස්එස්සී පිලේ දසුන් ශානක පන්දු 26කදී හයේ පහර 6ක් සමඟ නොදැවී වේගවත් ලකුණු 53ක් ලබාගත් අතර, නිපුන් ධනංජය හා චරිත් අසලංක අර්ධ ශතක වාර්තා කළහ. පානදුර ක්‍රීඩා සමාජයේ රමින්ද විජේසූරිය ඒස් කැපිටල් පිලට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමහත් විය.
මේ අතර, හලාවත මේරියන්ස් පිල ලකුණු 24කින් බීආර්සී පිල පරාජයට පත් කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව ලකුණු 75කින් බදුරලිය පිල පරාජයට පත් කළේය. වර්ෂාවන් බාධාගෙන දුන් පානදුර – ඒස් කැපිටල් තරගයෙන් පානදුර පිලට ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ලකුණු 7කින් පානදුර ක්‍රීඩා සමාජය ජයගත් අතර, බිලූම්ෆීල්ඩ් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය ටැමිල් යුනියන් – මීගමුව ක්‍රිකට් සමාජය අතර තරග වර්ෂාව හේතුවන් තීරණයකින් තොරව නිමා විය.
එස්එස්සී පිලට ජය
එස්එස්සී පිල කඩුලු 7කට ලකුණු 337 (ඕවර් 45)
අවිශ්ක ප්‍රනාන්දු 100, නිපුන් ධනංජය 56, කුසල් මෙන්ඩිස් 25, චරිත් අසලංක 61, දසුන් ශානක නොදැවී 53, ලක්ෂාන් මුණසිංහ 19 ( සම්පත් නිශ්ශංක 75/2, අසෙල් සිගේරා 76/2, ලසිත් ඇඹුල්දෙනිය 59/3)
එන්සීසී පිල කඩුලු 6කට ලකුණු 248 (ඕවර් 35)
පැතුම් නිශ්ශංක 135, කමීල් මිෂාරා 36, සහන් ආරච්චිගේ 40 (ප්‍රභාත් ජයසූරිය 48/2)
හලාවත මේරියන්ස් ජය ගනියි
හලාවත මේරියන්ස් සියලු දෙනා දැවී ලකුණු 137 (ඕවර් 29.3)
විශ්ව චතුරංග 48, කසුන් විදුර 21, නවිදු නිර්මාණ 30 (මුවින් අභිනාෂ් 23/2, දුෂාන් හේමන්ත 17/3)
බීආර්සී පිල සියලු දෙනා දැවී ලකුණු 113 (ඕවර් 33.3)
මොදිත රණතුංග 18, දුලෂ් උදයංග නොදැවී 38, දුලාජ් අශේන් 16 ( තීක්ෂල ද සිල්වා 26/3, අවිදු තීක්ෂණ 21/2, පුලින තරංග 31/3, ලසිත් ලක්ෂාන් 14/2)
යුද හමුදාවට ජය
යුද හමුදා පිල කඩුලු 7කට ලකුණු 214 (ඕවර් 49)
ෂෙහාන් ප්‍රනාන්දු 38, දිනේෂ් චන්දිමාල් 49, සුමින්ද ලක්ෂාන් 30, තිසර පෙරේරා 19, පැතුම් කුමාර 25, සීකුගේ ප්‍රසන්න 22 (අනුක් ප්‍රනාන්දු 27/2, චානක කොමසාරු 58/2, ෆර්විස් රසූල් 47/3)
බදුරලිය ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 139 (ඕවර් 42.3)
අලංකාර අසංක 16, විශාර ප්‍රනාන්දු 16, රනේෂ් සිල්වා 31, ගිහාන් කෝරාල 15, රොහාන් සංජය 22 ( ගයාන් චන්ද්‍රෙබාස් 32/2, සීකුගේ ප්‍රසන්න 34/2, සුමින්ද ලක්ෂාන් 38/2, ලක්ෂාන් එදිරිසිංහ 2/2)
පානදුර ජය ලබයි
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 204 (ඕවර් 48.1)
තනුක දාබරේ 27, සිතාර ගිම්හාන 25, කවිදු ආමන්ත 15, හර්ෂ කුරේ 38, රවිදු රත්නායක 39, රොෂාන් ජයතිස්ස 15 ( ට්‍රෙවීන් මැතිව්ස් 45/2, රජීව් වීරසිංහ 26/3, විශ්ව ළහිරු 37/2)
පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 7කට ලකුණු 178 (ඕවර් 40)
රමින්ද විජේසූරිය 89, නිමන්ත පීරිස් 31, අතිරේක 15 ( වනුජ සහන් 32/2, රොෂාන් ජයතිස්ස 44/2)