slc
logo
Home   |    News
දෙසැම්බර් 30, 2023
එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමක් නෑ

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති තරගවලදී එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමකින් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරග විසදුමකින් තොරව නිමා කිරීමට සිදු විය.

කෙසේ වුවද එස්එස්සි පිලේ නිපුන් ධනංජය පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 103ක් ලබා දිනයේ එකම ශතකය වාර්තා කිරීමට සමත් වුවේය.

එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ දිනේෂ් චන්දිමාල්, බීආර්සී පිලේ දුල්ෂ උදයංග, එන්සීසී පිලේ ළහිරු උදාර, මුවර්ස් ක්‍රීඩා සමාජයේ කවිඳු කුලසේකර, රමේෂ් මෙන්ඩිස්, සීසීසී පිලේ නිමේෂ ගුණසිංහ, සොනාල් දිනූෂ හා බදුරලිය ක්‍රීඩා සමාජයේ අනුක් ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් අතර, හොරණ කළුතර යුද හමුදා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් යුද හමුදා පිල කඩුලු 7ක ජයක් අත්කර ගත්තේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 143 (40.3)

රමේෂ් නිමන්ත 19, කසුන් විදුර 31, රවීන් යසස් නොදැවී 29, තීක්ෂල ද සිල්වා 23, අතිරේන 17 (රමේෂ් මෙන්ඩිස් 35/3, ෂෙහාඩ සොයිසා 20/2, කෞමාල් නානායක්කාර 37/2)

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 3කට ලකුණු 144 (ඕවර් 32.4)

ෂෙහාන් ප්‍රනාන්දු 18, දිනේෂ් චන්දිමාල් 61, අසේල ගුණරත්න නොදැවි 35 (රමේෂ් නිමන්ත 16/1)

 

එන්සීසී පිලට කඩුලු 8ක ජයක්

එන්සීසී හා බීආර්සී අතර මේට්ලන්ඩ් පෙදෙස එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් එන්සීසී පිල තවත් පන්දු 198ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක ජයක් හිමිකර ගත්තේය.

බීආර්සී පිල සියලු දෙනා දැවි ලකුණු 153 (ඕවර් 41.1)

දුල්ෂ උදයංග 52, මුවින් අබිනාෂ් 20, උමේෂ්ක මොරායස් නොදැවී 38 ( සම්පත් නිශ්ශංක 38/3, මතීෂ පතිරණ 36/3, ලසිත් ඇඹුල්දෙනිය 42/2)

 

එන්සීසී පිල කඩුලු 2ක් දැවී ලකුණු 157 (ඕවර් 17)

නිරෝෂන් දික්වැල්ල 48, ළහිරු උදාර 55, කමිල් මිෂාරා නොදැවී 29, අහන් වික්‍රමසිංහ නොදැවී 22 ( දුෂාන් හේමන්ත 19/1)

 

කෝල්ට්ස් – පොලිස් විසදුමක් නෑ

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගය විසදුමකින් තොරව නිමාවට පත් විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 121 (ඕවර් 38)

ඇන්ජලෝ මැතිව්ස් 39, ධනංජය ලක්ෂාන් 26, මුදිත ලක්ෂාන් නොදැවී 29 (ධනාල් හේමන්ද 24/3, දිලීප ජයලත් 15/3)

පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 2කට ලකුණු 65 (ඕවර් 10.3)

චතුරංග ජයතිලක 28, හේෂ්න් ප්‍රනාන්දු නොදැවී 17 ( කවිෂ්ක අංජුල 15/1)

 

මුවර්ස් – සෙබස්තියනයිට්ස් තීරණයක් නෑ

මුවර්ස් ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රිකට් පිල අතර මුවර්ස් පිටියේ පැවැති පැවැති තරගය තීරණයක් නොමැතිව නිමා විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 171 (ඕවර් 40)

කවිඳු කුලසේකර 61, මොහොමඩ් සමාස් 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 53, ළහිරු සමරකෝන් 16 ( ඉසිත් දේව් විජේසුන්දර 40/3, තරිඳු රත්නායක 27/2)

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් පිල කිසිවෙකු නොදැවී ලකුණු 10 (ඕවර් 4.1) 

 

සීසීසී – ගුවන් තීරණයක් නෑ

සීසීසී හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගය තීරණයකින් තොරව නිමා විය. 

සීසීසී පිල 253 (ඕවර් 48.4)

නිමේෂ ගුණසිංහ 61, සොනාල් දිනූෂ 53, වනිඳු හසරංග 24, චමිඳු විජේසිංහ 36, අංජල බණ්ඩාර 36, වනිදු හසරංග 24, අතිරේක 19 (ප්‍රවීන් ද සිල්වා 53/3, මොවින් සුබසිංහ 45/3 )

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 4කට ලකුණු 68 (ඕවර් 18.3)

චාමර ප්‍රනාන්දු 19, කෙමිර විජේනායක නොදැවී 19 (වනිදු හසරංග 22/2)

 

එස්එස්සී – පානදුර විසදුමක් නෑ

එස්එස්සී හා පානදුර ක්‍රීඩා සමාජය අතර එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති තරගය ද විසදුමකින් තොරව නිමාවට පත්විය.

එස්එස්සි පිල කඩුලු 6කට ලකුණු 237 (ඕවර් 47)

සදීෂ රාජපක්ෂ 29, ක්‍රිෂාන් සංජුල 41, නිපුන් ධනංජය නොදැවී 103, රනුද සොමරත්න 16, දිනුර කළුපහන නොදැවී 23 (ට්‍රෙවින් මැතිව් 43/2, රජීව වීරසිංහ 34/2)

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 1කට ලකුණු 67 (ඕවර් 12)

සිනෙත් ජයවර්ධන නොදැවී 18, විෂාන් හැළඹගේ 30, රමිඳු විජේසූරිය නොදැවී 17 ( ධනුෂ්ක ගුණතිලක 14/1)

 

නුගේගොඩ හා බදුරලිය තීරණයක් නෑ

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර, මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන්

 

බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 9කට 101 (ඕවර් 36 )

අනුක් ප්‍රනාන්දු නොදැවී 66 ( ළහිරු ගමගේ 14/2, චලන ද සිල්වා 16/4, රාහුල් ගුණසේකර 23/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය කඩුලු 6කට ලකුණු 65 (ඕවර් 18)

කෙවින් පෙරේරා 19 ( අලංකාර අසංක 20/3, සසංක නිර්මාල් 7/2)

 

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee