ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් පිල තරග 4කට පසු පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර, ඒ ආකාරයෙන්ම තරග කිහිපයක් පරාජයවී සිටි ගාල්ල ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අද දිනයේ ( 21) පළමු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව – ටැමිල් යූනියන් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ටැමිල් යූනියන් පිලට පන්දු 67ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක ජයක් හිමි විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලින් පන්දුවට පහරදුන් අතර, ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ ලකුණු හඹාගොස් ජයග්‍රහණය තහවුරු කර ගත්හ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලු දෙනා දැවී ලකුණු 153 (ඕවර් 46.2)
කෙමිර විජේනායක 43, ප්‍රබෝද් සිරිමාල් 26, ගීත් කුමාර 28 (දිලුම් සුධීර 35/2, රවීන් ද සිල්වා 29/4)
ටැමිල් යූනියන් පිල කඩුලු 7කට ලකුණු 154 (ඕවර් 38.5)
රොන් චන්ද්‍රගුප්ත 30, නවෝද් පරණවිතාන 16, රවිදු ප්‍රනාන්දු නොදැවී 50, අතිරේක 20
(මොවින් සුබසිංහ 32/2, චානක රුවන්සිරි 33/2, දිල්ෂාන් මාන්නප්පෙරුම 31/2)
ගාල්ලට කඩුලු 5ක ජයක්
ගාල්ල ක්‍රිකට් සමාජය හා සෙබස්තියනයිට්ස් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවැති තරගයෙන් ගාල්ල පිල පන්දු 6ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් අත්කර ගත්තේය.
සෙබස්තියනයිට්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 204 (ඕවර් 49)
රජීව් සඳරුවන් 32, දුෂාන් විමුක්ති 39, ප්‍රමෝද් මධුවන්ත 15, තෙවිඳු සේනාරත්න 50, චාමිකර එදිරිසිංහ 16, ඉසිත විජේසුන්දර 22 ( මිහිරංග සිල්වා 43/2, පසිඳු මධුෂාන් 43/3, තරින්ද ගුරුගේ 29/3)
ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 204 (ඕවර් 47.3)
විශ්ව විජේරත්න 21, ඉරෝෂ් සමරසූරිය 62, ෂලිත් ප්‍රනාන්දු 23, බුද්ධික හසරංග නොදැවී 59, පසිඳු මධුෂාන් 16, තරුඳු ගුරුගේ නොදැවී 15 (ඉසිත විජේසුන්දර 31/2, දුෂාන් විමුක්ති 33/2 )
රාගම ලකුණු 138කින් ජය ගනියි
රාගම ක්‍රිකට් සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර පී. සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් රාගම පිලට ලකුණු 138ක ජයක් හිමි විය.
රාගම ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 296 (ඕවර් 50)
නිශාන් මධුෂ්ක 84, ජනිත් ලියනගේ 126, අවිශ්ක තරිදු 15, බිනුර ප්‍රනාන්දු 36 (චවින්ද බණ්ඩාර 77/4, සමීර සදමාල් 51/3)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 158 (ඕවර් 37.1)
සනෝජ් දර්ශික 34, නවීන් ප්‍රනාන්දු 63, අතිරේක 17 (ජනිත් ලියනගේ 29/5, ෂශික දුල්ෂාන් 34/2, නිපුන් මාලිංග 26/2)
යුද හමුදාවට කඩුලු 4ක ජයක්
කැන්ඩි කස්ටම්ස් හා ශ්‍රී ලංකා යුද හමුදාව අතර, පනාගොඩ ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව පන්දු 83ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක ජයක් අත්කර ගත්තේය.
කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 132 (ඕවර් 39.3)
මලිඳු මධුරංග 18, ඉසාල් ලියනගේ 15, දේශාන් ඩයස් 38, ඉමේෂ් උදයංග 27 (සීකුගේ ප්‍රසන්න 24/4, මනුෂ්ක සමිත් 23/2)
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 6කට ලකුණු 133 (ඕවර් 36.1 )
ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 41, අසේල ගුණරත්න 23, පැතුම් කුමාර 47 (යොහාන් මද්දගේ 17/2)
මීගමුව කඩුලු 7කින් ජය ගනියි
මීගමුව – පොලිස් අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පන්දු 110ක් ඉතිරිව තිබියදී මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 7ක ජයක් හිමිකර ගත්තේය.
පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 123 (ඕවර් 45)
රනිඳු ගංගනාත් 18, විශාද් රන්දික 21, දනාල් හේමන්ත නොදැවී 40, අතිරේක 15 ( චනුර ප්‍රනාන්දු 23/3, ධනුෂ්ක සඳරුවන් 19/3)
මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 3කට ලකුණු 127 (ඕවර් 26.4)
ඩිල්ෂාන් මුණවීර 36, පසිඳු ලක්ෂාන් 52, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 20
බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 2ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් හා පානදුර ක්‍රීඩා සමාජය අතර, බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයේදී බ්ලූම්ෆීල්ඩ් පිලට පන්දු 52ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක ජයක් අත්විය.
පානදුර ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 130 (ඕවර් 39.1)
මිෂාන් සිල්වා 19 (ළහිරු මධුසංඛ 22/2, මනෙල්කර් ද සිල්වා 15/2, චමත් වික්‍රමසිංහ 19/4)
බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 8කට ලකුණු 133 (ඕවර් 41.2)
නිපුන් කරුණානායක 28, ළහිරු මධුසංඛ මනෙල්කර් ද සිල්වා 17, අතිරේක 16 (නිමේෂ් විමුක්ති 25/3, ට්‍රෙවීන් මැතිව් 25/2)
සීසීසී පිලට කඩුලු 2ක ජයක්
සීසීසී – මුවර්ස් අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේදී පැවැති තරගයේ පන්දු 101ක් ඉතිරිව තිබියදී සීසීසී පිල කඩුලු 2ක ජයක් වාර්තා කළේය.
මුවර්ස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 158 (ඕවර් 44)
රමේෂ් මෙන්ඩිස් 33, ෂොහාන් ද ලිවේරා 31, ළහිරු සමරකෝන් 25 ( අසිත ප්‍රනාන්දු 35/2, නුවන් තුෂාර 21/2, අශාන් ප්‍රියංජන 28/2)
සීසීසී පිල කඩුලු 8කට ලකුණු 162 (ඕවර් 28.1)
මිනෝද් භානුක 76, පවන් රත්නායක 34, කමිදු මෙන්ඩිස් 17 ( ප්‍රවීන් ජයවික්‍රම 30/3, මල්ෂ තරුපති 42/2)
බදුරලිය පිලට ලකුණු 15ක ජයක්
එන්සීසී – බදුරලිය අතර මග්ගොන සරේ පිටියේ පැවැති තරගයෙන් බදුරලිය පිලට ලකුණු 15ක ජයක් අත්විය.
බදුරලිය ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 187 (ඕවර් 43.1)
අයන සිරිවර්ධන 26, රනේෂ් සිල්වා 40, ප්‍රවීස් රසුල් 69 ( මතීෂ පතිරණ 46/2, චාමික කරුණාරත්න 24/3, අශාන් ඩැනියෙල් 39/3)
එන්සීසී පිල සියලු දෙනා දැවී ලකුණු 172 (ඕවර් 34.4)
පැතුම් නිශ්ශංක 16, කමීල් මිෂාරා 51, අහන් වික්‍රමසිංහ 52, චාමික කරුණාරත්න 25 ( ප්‍රවීස් රසුල් 34/2, රුචිර කෝසිත 34/2, නිර්මල රත්නායක 51/3)
එස්එස්සීට ලකුණු 86ක ජයක්
එස්එස්සී හා ඒස් කැපිටල් අතර, එස්එස්සී පිටියේ පැවැති තරගයෙන් ලකුණු 86ක ජයක් අත්කර ගැනීමට එස්එස්සී පිල සමත් විය.
එස්එස්සී පිල සියලු දෙනා දැවී ලකුණු 262 (ඕවර් 49.5)
නිපුන් ධනංජය 19, ක්‍රිෂාන් සංජුල 49, චරිත් අසලංක 64, නුවනිදු ප්‍රනාන්දු 29, දසුන් ශානක 28, අතිරේක 28 (සිතුම් දිසානායක 46/3, නිම්සර අතරගල්ල 62/3)
ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 176 (ඕවර් 38)
තනුක දාබරේ 39, කවිඳු ආමන්ත 28, රවිදු රත්නායක 32, වනුජ සහන් 19, රොෂාන් ජයතිස්ස 18, අත්රේක 19 ( ප්‍රභාත් ජයසූරිය 42/2, දසුන් ශානක 17/2, චරිත් අසලංක 22/2, කවිඳු නදීෂාන් 32/2 )