slc
logo
Home   |    News
ජනවාරි 4, 2024
එක්දින තරගාවලියේ අවසන් වටයෙට එන්න තියුණු සටන්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ හා ‘බී‘ කාණ්ඩයේ මුල් ස්ථාන 4 අතරට පැමිණීමට කණ්ඩායම් කිහිපයක් තියුණු සටනක නිරතව සිටිති. කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට පිවිසෙන බැවින් එම බලාපොරොත්තු ඇතිව තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපය මේ 7 වැනිදා සිට යළි ආරම්භ වේ.

මෙතෙක් ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණේ සිටි සෙබස්තියනයිට්ස් පිල (ලකුණු 11) ඊයේ තෙවැනි තැනට ඇද දමා කෝල්ට්ස් හා මීගමුව පිල ලකුණු 12 බැගින් ගෙන ඉදිරියට පැමිණ සිටින අතර, සීසීසී, රාගම හා මුවර්ස් යන කණ්ඩායම් ලකුණු 9 බැගින් ගෙන සිටිති. මේ සියලු කණ්ඩායම්වලට අවසන් වටය නිමා කිරීම උදෙසා තවත් තරග දෙක බැගින් ඉතිරිව ඇත.

‘බී‘ කාණ්ඩයේ ලකුණු 14ක් ගෙන එස්එස්සී ඉදිරියෙන් සිටින අතර, බදුරලිය ලකුණු 11ක්, එන්සීසී හා යුද හමුදාව ලකුණු 10 බැගින් ගෙන තෙවැනි හා සිවුවැනි ස්ථානවල සිටිති. එස්එස්සී පිලට යුද හමුදාව සමඟ තරගය ඉතිරිව ඇති අතර, අනෙක් සියලු කණ්ඩායම්වලට තවත් තරග දෙක බැගින් ඉතිරිව තිබේ.

නිමාවට පත්වූ තරගවලදී එන්සීසී පිලේ නිරෝෂන් දික්වැල්ල නොදැවී ශතකයක් වාර්තා කළ අතර, රාගම ක්‍රිකට් සමාජයේ නිෂාන් මධුෂ්ක, සීසීසී පිලේ මිනෝද් භානුක, බීආර්සී පිලේ රිසිර වීරසූරිය, යුද හමුදා ක්‍රීඩා සමාජය සහන් ප්‍රනාන්දු, එස්එස්සී පිලේ ෂෙවෝන් ඩැනියෙල්, ක්‍රිෂාන් සංජුල, රනිදු සෝමරත්න, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ චමෝද් සඳරු, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ වනුජ සහන්, රවිඳු රත්නායක, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජයේ තිලකරත්න සම්පත්, බදුරලිය ක්‍රීඩා සමාජයේ රනේෂ් සිල්වා හා බ්ලූම්ෆීල්ඩ් පිලේ හසිත බෝයගොඩ අර්ධ ශතක වාර්තා කළහ.

කෝල්ට්ස් පිලට කඩුලු 3ක ජයක්

ටැමිල් යූනියන් හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී තවත් පන්දු 155ක් ඉතිරිව තිබියදී කෝල්ට්ස් පිලට කඩුලු 3ක ජයක් හිමිවිය.

ටැමිල් යූනියන් පිල සියලු දෙනා දැවී ලකුණු 76 (ඕවර් 26.3)
දසිස් මංචනායක 16 ( කවිෂ්ක අංජුල 25/5, ධනංජය ලක්ෂාන් 22/3)

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 77(ඕවර් 24.1 )
සංගීත් කුරේ 17,ධනංජය ලක්ෂාන් 18 (ශිරාන් ප්‍රනාන්දු 22/5)

රාගමට කඩුලු 6ක ජයක්

කොල්ට්ස් පිටියේදි පැවිති රාගම ක්‍රිකට් සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ තවත් පන්දු 213ක් ඉතිරිව තිබියදී රාගම පිල කඩුලු 6ක ජයක් හිමිකර ගත්තේය.

මුවර්ස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 74 (ඕවර් 19.4)
ෂොහාන් ද ලිවේරා 22, අතිරේක 19 ( සන්තුෂ් ගුණතිලක 29/4, චමත් ගෝමස් 21/5)

රාගම ක්‍රිකට් සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 77 (ඕවර් 14.3)
නිෂාන් මධුෂ්ක 51 ( ප්‍රවීන් ජයවික්‍රම 1/2)

පොලිස් පිලට කඩුලු 5ක ජයක්

පොලිස් ක්‍රීඩා සමාජය හා සීසීසී අතර පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ තවත් පන්දු 107ක් ඉතිරිව තිබියදී සීසීසී පිල කඩුලු 5ක ජයක් හිමිකර ගත්තේය.

පොලිස් ක්‍රීඩා සමාජය පිල සියලු දෙනා දැවී ලකුණු 163 (ඕවර් 45.1) හෂාන් ධනුෂ්ක 26, චතුරංග ජයතිලක 28, ප්‍රියමාල් පෙරේරා 15, නුවන් ප්‍රදීප් 33 අතිරේක 16 ( ලක්ෂාන් සඳකැන් 34/3, චතුරංග ද සිල්වා 15/3, වනිදු හසරංග 37/3)

සීසීසී පිල කඩලු 5කට ලකුණු 164 (ඕවර් 32.1)
මිනෝද් භානුක 89, ධනංජය ද සිල්වා 26, වනිඳු හසරංග 19 ( නලින් ප්‍රියදර්ශන 44/2)

කුරුණෑගල තරුණ පිලට ලකුණු 24ක ජයක්

කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේදී කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල ලකුණු 24ක ජයක් හිමිකර ගත්තේය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල කඩුලු9කට ලකුණු 114 (ඕවර් 20)
අමේෂ් තෙන්නකෝන් 23, සනෝජ් දර්ශික 25, නවීන් ප්‍රනාන්දු 23 (ඏසඳ රුක්මාල් 20/3, ප්‍රවීන් ද සිල්වා 37/2)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලු දෙනා දැවී ලකුණු 90 (ඕවර් 17.3)
මොවින් සුබසිංහ 25 ( චානුක දිල්ෂාන් 11/2, ෂිවකුමාර් ටිරෝන් 17/2, සමීර සඳමාල් 15/3)

මීගමුව පිල ලකුණු 19කින් ජය ලබයි

මීගමුව ක්‍රිකට් සමාජය හා ගාල්ල ක්‍රිකට් සමාජය අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් මීගමුව පිල ලකුණු 19ක ජයක් වාර්තා කළේය.

මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 135 (ඕවර් 37.4)
උමේෂ් ලක්ෂාන් 35, මිලින්ද සිරිවර්ධන 15, මාධව වර්ණපුර 27, ජටින් සක්සේනා 22 ( සහන් අදීෂ අප්පුහාමි 19/4, පසිඳු මධුෂාන් 27/4)

ගාල්ල ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 116 (ඕවර් 40.5)
විශ්ව විජේරත්න 20, ඉරෝෂ් සමරසූරිය 17, තරින්ඳ ගුරුගේ 26 ( දිල්ෂාන් මුණවීර 27/3, උපුල් ඉන්ද්‍රසිරි 16/2, ජටින් සක්සේනා 17/3)

යුද හමුදාවට කඩුලු 54ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජය හා බීආර්සී අතර, බීආර්සී පිටියේ පැවැති තරගයේදී තවත් පන්දු 52ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් යුද හමුදා ක්‍රීඩකයෝ සතුකර ගත්හ.

බීආර්සී පිල කඩුලු 9කට ලකුණු 239 (ඕවර් 50)
ලියෝ ෆ්‍රැන්සිස්කූ 34, රිසිර වීරසූරිය 75, භානුක රාජපක්ෂ 17, ලක්ෂාන් ගමගේ 17, මුවින් අභිනාෂ් 16, උමේෂ්ක මොරායස් නොදැවී 32, අතිරේක 19 ( ෂෙහාඩ සොයිසා 52/2, සීකුගේ ප්‍රසන්න 40/3)

යුද හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 5කට ලකුණු 241 (ඕවර් 41.2)
සහන් ප්‍රනාන්දු 82, දිනේෂ් චන්දිමාල් 32, අසේල ගුණරත්න 48, පැතුම් කුමාර නොදැවී 27, ලක්ෂාන් එදිරිසිංහ 32 ( උමේෂ්ක මොරායස් 71/2, දුෂාන් හේමන්ත 50/2)

එස්එස්සී පිලට ලකුණු 97ක ජයක්

එස්එස්සී හා හලාවත මේරියන්ස් අතර, එස්එස්සී පිටියේ පැවැති තරගයේදී එස්එස්සී පිලට ලකුණු 97ක ජයක් හිමිවිය.

එස්එස්සී පිල කඩුලු 6කට ලකුණු 285 (ඕවර් 50)
ධනුෂ්ක ගණතිලක 19, ෂෙවෝන් ඩැනියෙල් 63, ක්‍රිෂාන් සංජුල 51, නිපුන් ධනංජය 36, රනිදු සෝමරත්න 65, චමිදු වික්‍රමසිංහ 40 ( පුලින තරංග 61/3)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 188 (ඕවර් 41.2)
රමේෂ් නිමන්ත 16, කසුන් විදුර 22, චමෝද් සඳරු 69 ( ප්‍රභාත් ජයසූරිය 24/2, ධනුෂ්ක ගුණතිලක 24/2, කවිඳු නදීෂාන් 58/3)

එන්සීසී පිලට කඩුලු 7ක ජයක්

එන්සීසී හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර එන්සීසී පිටියේ පැවැති තරගයේ තවත් පන්දු 147ක් ඉතිරිව තිබියදී එන්සීසී පිල කඩුලු 7ක ජයක් හිමිකර ගත්තේය.

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 204 (ඕවර් 37)
තනුක දාබරේ 16, තීරක රණතුංග 25, වනුජ සහන් 51, රවිඳු රත්නායක 89 ( චාමික ගුණසේකර 64/5, අෂේන් ඩැනියෙල් 33/3)

එන්සීසී කඩුලු 3කට ලකුණු 207 (ඕවර් 25.3)
නිරෝෂන් දික්වැල්ල නොදැවී 115, ළහිරු උදාර 22, කමීල් මිෂාර 36, අතිරේක 18 ( රොෂාන් ජයතිස්ස 54/2)

කැන්ඩි කස්ටම්ස්ට කඩුලු 2ක ජයක්

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය හා නුගෙගෛාඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය අතර පානදුර ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ තවත් පන්දු 53ක් ඉතිරිව තිබියදී මහනුවර කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය කඩුලු 2ක ජයක් හිමිකර ගත්තේය.

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය සියලු දෙනා දැවී ලකුණු 194 (ඕවර් 34.1)
තිලකරත්න සම්පත් 64, රමේෂ් බුද්දීක 21, පැතුම් දිල්ෂාන් 16, කවීන් පෙරේරා 18, රාහුල් ගුණසේකර 24, රනිත ලියනාරච්චි 21, අතිරේක 20 ( මිතුන් ජයවික්‍රම 44/3, යොහැන් මැද්දගේ 42/3, ඉමේෂ් උදයංග 33/2)

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 195 (ඕවර් 41.1)
ඉමාල් ලියනගේ 19, තෙවිඳු දික්වැල්ල 26, සහන් කෝසල 17, ඉමේෂ් උදයංග 33, හසිත නිර්මාල් 24, කසුන් මධුසංඛ නොදැවී 26, යොහාන් මැද්දගේ නොදැවී 16 ( ළහිරු ගමගේ 17/2, චලන ද සිල්වා 42/3, තිලකරත්න සම්පත් 48/2)

බදුරලිය පිලට ලකුණු 5ක ජයක්

බදුරලිය ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් පිල අතර, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් ලකුණු 5ක ජයක් හිමිකර ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වූවේය.

බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 244 (ඕවර් 50)
අලංකාර අසංක 29, රනේෂ් සිල්වා 67, දුනිත් ජයතුංග නොදැවී 39, රොහාන් සංජය 20, සසංක නිර්මාල් නොදැවී 24, අතිරේක 17 ( ළහිරු මධුසංඛ 35/2, චමත් වික්‍රමසිංහ 51/2, තරිඳු ළමාහේවා 45/2)

බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 9කට ලකුණු 239 (ඕවර් 50)
සදුන් වීරක්කොඩි 30, හසිත බෝයගොඩ 63, යොහාන් ද සිල්වා 36, නිපුන් කරුණානායක 29, ළහිරු මධුසංඛ 20, මනෙල්කර් ද සිල්වා 27 ( ගිහාන් කෝරාළගේ 45/2, අනුක් ප්‍රනාන්දු 17/3)

 

 

 

 

 

 

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee