slc
logo
Home   |    News
ජනවාරි 6, 2024
ජනිත් ලියනගේට ශ්‍රී ලංකා එක්දින වරම්

Sri Lanka Cricket

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ 211වැනි එක්දින ක්‍රීඩකයා ලෙස වරම් දිනා ශ්‍රී ලංකා කැප් තොප්පිය පැළදීමට ජනිත් ලියනගේ අද (6) සමත් විය.

2022 වර්ෂයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් විස්සයි 20 තරග තුනකට පමණක් ක්‍රීඩා කොට සිටි ජනිත් ලියනගේ නව තේරීම් කමිටු තීරණයක් අනුව ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවූවේය. එහි ප්‍රතිළුලයක් ලෙස ඔහු අද සිම්බාබ්වේ සමඟ පළමු එක්දින තරගයට ක්‍රීඩා කරමින් සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ ජනිත් ලියනගේ එහි නිමාවූ තරග 6කදී ශතකයක් හා අර්ධ ශතක තුනක් ලබා ගැනීමට සමත් විය. එම තරග හයේදී පන්දු යවමින් කඩුලු 9ක් දවා ගැනීමට හෙතෙම සමත් වූවේය.

කොළඹ සාන්ත පීතර් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි 28 හැවිරිදි ජනිත් ලියනගේ දකුණතින් මඳවේග පන්දු යවන අතර දකුණත් ප්‍රහාරකයෙකි. ඔහු පළමු පෙළ තරග 64කට ක්‍රීඩා කර ඇත.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee