slc
logo
Home   |    News
ජනවාරි 6, 2024
ප්‍රථම එක්දින තරගය තීරණයක් නොමැතිව තරගය නිම වේ

Sri Lanka Cricket

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ප්‍රථම එක්දින සීමිත ඕවර තරගය අයහපත් කාලගුණය මත තීරණයක් නොමැති තරගයක් ලෙසින් අද (06) නිමාවට පත්විය.

 මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 273ට පිළිතුරු ලෙස සිම්බාබ්වේ පන්දුවාර 4කදී කඩුලු දෙකකට ලකුණු 12ක් ලබා සිටියදී වර්ෂාව පතිත වූයෙන් තරගය නතර කැරිණි

 ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක පහ පිතිකරු උපනායක චරිත් අසලංක ලකුණු 101ක් රැස් කිරීමත් දිල්ෂාන් මධුශංක ලකුණක් වත් ලබා නොදී කඩුලු දෙකක් දවාලීමත් මේ තරගයේ විශේෂ සිදුවීම් විණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු නවයකට ලකුණු 273ක් ලබා ගත්තේ පන්දු වාරයකට 5.46ක සාමාන්‍යයක් ලබා ගනිමිනි.

 ශ්‍රී ලංකා කණ්ඩායම මඳක් අපහසුවෙන් තම ඉනිම ගොඩ නැගුවත් 21වන පන්දු වාරයේදී පිටියට පිවිසි චරිත් අසලංක ඉනිම අග භාගයේ වේගවත් පිති ප්‍රහාරයක නියැළෙමින් රැස් කළ සිය දෙවන එක්දින ශතකය මත ලංකා කණ්ඩායමට ලකුණු 272ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව සැළසිණි.

 චරිත් අසලංක ලංකා ඉනිම නිමවීමට පන්දු හතරක් ඉතිරිව තිබියදී දුවද්දී දැවීමට හසුව දැවී යන විට පන්දු 95කට මුහුණදී හතරේ පහක් හයේ හතරක් සමඟ ලකුණු 101ක් ලබා සිටියේය. අසලංක අටවන කඩුල්ලට දුෂ්මන්ත චමීර (18) සමඟ පන්දු 42කදී එක් කළ ලකුණු 52 ශ්‍රී ලංකා ඉනිම ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට ප්‍රධානම සාධකය විය.

 කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. වසරකට පසුව ලංකා කණ්ඩායමට එක් වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු වේගපන්දු යවන නගාරාවාගේ ප්‍රථම පන්දු වාරයේ පස්වන පන්දුවට මඩෙන්ඩෙ අතට උඩ පන්දුවක් දීමෙන් ප්‍රථම ඕවරයේදීම අවාසනාවන්ත ලෙස දැවී ගියේ එකම ලකුණක්වත් නොලබා ලකුණු පුවරුවේ ද ලකුණු ආරම්භ කිරීමට පෙරාතුවය.

 රෝගාතුරු (ඩෙංගු) තත්ත්වය මත අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මේ තරගයට සහභාගි නොවු අතර ඔහු වෙනුවට ඉනිම ආරම්භ කළේ නායක මෙන්ඩිස්ය.

 ලංකා දෙවන කඩුල්ලට මෙන්ඩිස්ට එකතු වු අංක තුන පිතිකරු ස්ථානයට පැමිණි සධීර සමරවික්‍රම යහපත් සබඳතාවයක් ගොඩනැගුවේ පන්දු 54කදී ලකුණු 63ක් එක් කරමිනි. මේ අවස්ථාවේදී සධීර සමරවික්‍රම නගාරාවාගේ පන්දුවකට නායක ක්‍රෙග් අර්වින්ට උඩ පන්දුවක් දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 41කටය. වේගවත් පිති ප්‍රහාරයක නියැළුණු සධීර පන්දු 31කට පමණක් මුහුණදී හතරේ පහර අටක් ද එල්ල කළේය.

 

හාපුරා කියා සිය මංගල එක්දින තරගයට එක් වූ ජනිත් ලියනගේ අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසි තෙවන කඩුල්ල සඳහා නායක මෙන්ඩිස්ට එක් විය. මේ කඩුල්ල මොවුන් දෙදෙනා එක් කළ සබඳතාව ලකුණු පණහකි.  දක්ෂ පිතිකරුවකුගේ ලක්ෂණ පෙන් වූ ජනිත් ලියනගේ පන්දු 34කට මුහුණදි හතරේ පහරක් සමඟ ලකුණු 24ක් ලබා සිටියදී ෆරාද් අක්රම්ගේ පන්දුවකට සිකන්දර් රාසාට උඩ පන්දුවක් දී  ලකුණු 24කට දැවී ගියේ මුළු ලකුණු 113කදී තෙවන කඩුල්ල ලෙසිනි.

 ශ්‍රී ලංකා සිව්වන කඩුල්ලට නායක කුසල් මෙන්ඩිස් සහ උපනායක චරිත් අසලංක ලකුණු 12ක් පමණක් එක්කර තිබියදී මුළු ලකුණු 125දී කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවී ගියේ මුළු ලකුණු 125දී සිව්වන කඩුල්ල ලෙසිනි. මෙන්ඩිස් පන්දු 48කට මුහුණදී හතරේ හයක් සමඟ ලකුණු 46ක් ලබා දැවී ගියේ අර්ධ ශතකය පෙනෙමින් තිබු අවස්ථාවකය. 

 උපනායක චරිත් අසලංක මේ වන විට සෙමින් තම ඉනිම ගොඩ නංවමින් කණ්ඩායම වෙනුවෙන් කාර්යය භාර්යයක නියැලෙනු දක්නට ලැබිණි.

 සහන් ආරච්චි පස්වන කඩුල්ල සඳහා චරිත් අසලංකට එක්වුවත් ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 11ක් පමණකි. සහන් පන්දු 24කදී ලකුණු 11ක් රැස් කළ අතර ඊට හතරේ පහර අයත් නොවීය. ඔහු පස්වන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 162දීය. (පන්දුවාර 30.2යි)

 හිටපු නායක දසුන් ශානක නැවත ලකුණු අතරට පැමිණෙතැයි බොහෝ දෙනා අපේක්ෂා කළත් ඔහු පන්දු 19කට මුහුණ දී ලකුණු අටක් පමණක් ලබා හයවන කඩුල්ල ලෙස මුළු ලකුණු 185දී දැවී ගියේ මුසාරාබා එවු පන්දුවකටය. මහීෂ් තීක්ෂණ ලකුණු දහයක් ලබා සිටියදී සිකන්දර් රාසාගේ පන්දුවක් කඩුල්ලේ වැදී හත්වන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 208දීය.

 උපනායක චරිත් අසංලක සිය අර්ධ ශතකය පන්දු 54කදී හතරේ පහක් සමඟ රැස් කරමින් මේ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමේ ප්‍රයත්නයක නියැළී සිටිනු දක්නට ලැබිණි.

 ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුලු 9ට 273

 චරිත් අසලංක 101, කුසල් මෙන්ඩිස් 46, සධීර සමරවික්‍රම 41, ජනිත් ලියනගේ 24, දුෂ්මන්ත චමීර 18, සහන් ආරච්චිගේ 11, රිචඩ් නගරාවා 29/2, ෆරාස් අක්රම් 58/2, බ්ලෙසින් මුසරබානි 58/2

සිම්බාබ්වේ කඩුලු 2ක් දැවී 12යි (පන්දුවාර 64යි)

( දිල්ශාන් මධුශංඛ 12/2යි)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee