slc
logo
Home   |    News
ජනවාරි 26, 2024
ධනංජයගෙන් හා කමිඳුගෙන් අලංකාර ශතක දෙකක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ දෙවැනි සතියේ තරගවල පළමු දිනයේදීම ශතක 2ක් හා අර්ධ ශතක 3ක් වාර්තා විය.

දඹුල්ල පළාත් පිල හා කොළඹ පළාත් පිල අතර, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ල පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී දඹුල්ල පිලේ නායක කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කළ අතර, ලියෝ ෆ්‍රැන්සිස්කො අර්ධ ශතකයක් වාර්තා කළේය.

යාපනය පළාත් පිල හා මහනුවර පළාත් පිල අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මහනුවර පිල කාසියේ වාසිය දිනා යාපනය පිලට මුලින් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, ධනංජය ද සිල්වා ශතකයක් වාර්තා කළ අතර, ජනිත් ලියනගේ හා ළහිරු මධුෂ්ක අර්ධ ශතක වාර්තා කළහ.

දඹුල්ල පිලේ අංක තුන පිතිකරු කමිඳු මෙන්ඩිස් පන්දු 164කදී හතරේ පහර 15ක් එල්ල කරමින් ලකුණු 115ක් ලබාගත් අතර, ලියෝ ෆ්‍රැන්සිස්කො සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 321කදී ලකුණු 194ක් එක් ක‍‍ළේය. ෆ්‍රැන්සිස්කො පන්දු 182කට මුහුණදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය.

යාපනය පිලේ අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි ධනංජය ද සිල්වා පන්දු 189කදී හතරේ පහර 13ක් එල්ල කරමින් ලකුණු 113ක් ලබාගත් අතර, ජනිත් ලියනගේ සමඟ එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 97කදී ලකුණු 54ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූවේය. එමෙන්ම ධනංජය හා ළහිරු මධුෂ්ක එක්ව 7 වැනි කඩුල්ලට පන්දු 238කදී ලකුණු 130ක සම්බන්ධතාවක් ගොඩනැගීම ද කැපී පෙණුනි.

කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලියට ඉහළම දස්කම් දක්වන පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් එක්ව සිටිති. ගාල්ල, දඹුල්ල, කොළඹ, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටිති.

හෙට (26) මෙම තරගවල දෙවැනි දිනයයි.

දඹුල්ල – කොළඹ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 287 (ඕවර් 89)
ලියෝ ෆ්‍රැන්සිස්කො 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 47, පවන් රත්නායක නොදැවී 31 (කසුන් රාජිත 72/1, ඉසිත් දේව් විජේසුන්දර 43/1, ලක්ෂිත මානසිංහ 58/1)

යාපනය – මහනුවර සූරියවැව ක්‍රීඩාංගණයේදී

යාපනය පිල පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 309 (ඕවර් 90)
නිෂාන් මධුෂ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ළහිරු මධුෂ්ක නොදැවී 58 ( චාමික ගුණසේකර 34/2, සිතුම් දිසානායක 36/1, ලසිත් ඇඹුල්දෙනිය 94/2, අශේන් ඩැනියෙල් 64/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar