slc
logo
Home   |    News
ජනවාරි 21, 2024
නැෂනල් සුපර් ලීග් තරග දෙකම ජය පරාජ නෑ

Sri Lanka Cricket

පළමු ඉනිමේ ශතකයක් ලැබූ ළහිරු උදාරගෙන් තවත් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (20) නිමාවූ පළමු සතියේ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති මහනුවර පළාත් පිල හා ගාල්ල පළාත් පිල අතර තරගයේ ගාල්ල පිලට තරගයෙන් ජය ගැනීමට කඩුලු 3ක් අතැතිව තවත් ලකුණු 50ක් ලබා ගැනීමට තිබියදී තරගය නිමාවට පත්වූ අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ – යාපනය පළාත් කණ්ඩායම් අතර තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහරදෙන කොළඹ ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 142ක් ලබා සිටියේය.

කෙසේ වුවද මහනුවර පළාත් පිල වෙනුවෙන් පළමු ඉනිමේ ශතකයක් වාර්තා කළ ළහිරු උදාර දෙවැනි ඉනිමේදී පන්දු 72කදී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුවේය. එමෙන්ම යාපනය පළාත් පිලේ ළහිරු මධුසංඛ, ජෙෆ්රි වැන්ඩර්සේ, ගාල්ල පළාත් පිලේ ඔෂධ ප්‍රනාන්දු කොළඹ පළාත් පිලේ හිමාෂ ලියනගේ අර්ධ ශතක ලැබූහ.

පන්දු යවන්නන් අතුරින් මහනුවර පළාත් පිලේ අශේන් ඩැනියෙල් ගාල්ල පළාත් පිලට එරෙහිව තරගය පුරා කඩුලු 8ක් බිදහෙලා දස්කම් දැක්විය.

විටින් විට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටිය තෙත බරිතවී තරග ආරම්භය ප්‍රමාද වීමෙන් ඕවර් කිහිපයක් අපතේ ගියේය. කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලියට ඉහළම දස්කම් දක්වන පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් එක්ව සිටිති. ගාල්ල, දඹුල්ල, කොළඹ, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටිති.

පළමු වටයේ තරග 20ක් පැවැත්වෙන අතර, පළමු හා දෙවැනි ස්ථාන ගන්නා කණ්ඩායම් දෙක අප්‍රේල් 30 වැනිදා සිට මැයි 3 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

දෙවැනි සතියේ සිවුදින තරග දෙක මේ මස 25 වැනිදා ආරම්භවන අතර, කොළඹ – දඹුල්ල පළාත් කණ්ඩායම් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී හා මහනුවර – යාපනය කණ්ඩායම් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තරග වදිති.

මහනුවර – ගාල්ල තරගය

මහනුවර පළාත් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 365 (ඕවර් 93.4)
කසුන් විදුර 45, ළහිරු උදාර 100, ලසිත ලක්ෂාන් 17, සහන් ආරච්චිගේ 88, අහන් වික්‍රමසිංහ 63, චමික කරුණාරත්න 11, චාමික ගුණසේකර 11, අතිරේක 12 (මිලාන් රත්නායක 56/2, රමේෂ් මෙන්ඩිස් 75/2, උදිත් මධුෂාන් 46/5)

ගාල්ල පළාත් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 205 (ඕවර් 65.5)
ඔෂධ ප්‍රනාන්දු 13, පසිඳු සුරියබණ්ඩාර 67, දිනේෂ් චන්දිමාල් 69, ෂොහාන් ද ලිවේරා 13, ප්‍රවින් ජයවික්‍රම 18 ( චාමික ගුණසේකර 31/3, සිතුම් දිසානායක 19/1, ලසිත් ඇඹුල්දෙනිය 71/3, අශේන් ඩැනියෙල් 64/3)

මහනුවර පළාත් පිල දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 190 ඉනිම අත්හිටෙව්වා (ඕවර් 43) කසුන් විදුර 34, ළහිරු උදාර 72, කමීල් මිෂාර 19, ලසිත ලක්ෂාන් 25, සහන් ආරච්චිගේ නොදැවී 17, චමික කරුණාරත්න15 (රමේෂ් මෙන්ඩිස් 74/3, උදිත් මධුෂාන් 48/1)

ගාල්ල පළාත් පිල දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 201 (ඕවර් 53)
සංගීත් කුරේ 18, ඔෂධ ප්‍රනාන්දු 75, ෂොහාන් ද ලිවේරා 18, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 36, කවිෂ්ක අංජුල නොදැවී 30 (ලසිත් ඇඹුල්දෙනිය 87/1, අශේන් ඩැනියෙල් 59/5, ලසිත් ලක්ෂාන් 11/1)

කොළඹ – යාපනය තරගය

කොළඹ පළාත් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 348 (ඕවර් 121.1)
දමුත් කරුණාරත්න 19, ෂෙවෝන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු 105, හිමාෂ ලියනගේ 56, පැතුම් කුමාර 16, චමිඳු වික්‍රමසිංහ 22, ඉසිත දේව් විජේසුන්දර 11, අතිරේක 25 ( ළහිරු මධුසංඛ 39/3, ෂිරාන් ප්‍රනාන්දු 51/1, සන්තුෂ් ගුණතිලක 30/1, ෂශික දුල්ෂාන් 40/1, රවිඳු ප්‍රනාන්දු 74/2, ජෙෆ්රි වැන්ඩර්සේ 77/2)

යාපනය පළාත් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 359 (ඕවර් 113.1)
නවෝද් පරණවිතාන 10, නිෂාන් මධුෂ්ක නොදැවී 52, හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 31, සන්තුෂ් ගුණතිලක 24, ෂශික දුල්ෂාන් 22, රවිඳු ප්‍රනාන්දු 40, ළහිරු මධුසංඛ 58, ජෙෆ්රි වැන්ඩර්සේ 53, අතිරේක 16 (නිසල තාරක 79/3, ඉසිත දේව් විජේසුන්දර 49/2, ප්‍රභාත් ජයසූරිය 122/1, ලක්ෂිත මානසිංහ 68/1, චමිඳු වික්‍රමසිංහ 34/2)

කොළඹ පළාත් පිල දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 135 (ඕවර් 34.3 )
ෂෙවෝන් ඩැනියෙල් 11, දමුත් කරුණාරත්න 11, නුවනිඳු ප්‍රනාන්දු 32, හිමාෂ ලියනගේ නොදැවි 51, පැතුම් කුමාර 12, චමිඳු වික්‍රමසිංහ නොදැවී 14 (රවිඳු ප්‍රනාන්දු 67/3, ෂශික දුල්ෂාන් 47/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee