slc
logo
Home   |    News
ජනවාරි 18, 2024
නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලිය ඇරැඹෙයි, පළමු දිනයේ ශතකයක් හා අර්ධ ශතක 5ක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ පළමු දිනයේදීම ශතකයක් හා අර්ධ ශතක 5ක් වාර්තා විය. මහනුවර පළාත් පිල හා ගාල්ල පළාත් පිල අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට මහනුවර පිලට ආරාධනා කළේය. එහිදී මහනුවර පිලේ ළහිරු උදාර ශතකයක් වාර්තා කළ අතර, සහන් ආරච්චිගේ හා අහන් වික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කළහ.

කොළඹ හා යාපනය පළාත් පිල අතර, කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේ ආරම්භ වූ තරගයේ කොළඹ පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහිදී ෂෙවෝන් ඩැනියෙල්, නුවනිඳු ප්‍රනාන්දු හා හිමාෂ ලියනගේ අර්ධ ශතක වාර්තා කළහ.

කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලියට ඉහළම දස්කම් දක්වන පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් එක්ව සිටිති. ගාල්ල, දඹුල්ල, කොළඹ, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටිති.

පළමු වටයේ තරග 20ක් පැවැත්වෙන අතර, පළමු හා දෙවැනි ස්ථාන ගන්නා කණ්ඩායම් දෙක අප්‍රේල් 30 වැනිදා සිට මැයි 3 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

ගාල්ල කණ්ඩායමේ නායකත්වය රමේෂ් මෙන්ඩිස් දරන අතර උප නායකත්වය දුනිත් වෙල්ලාලගේ, මහනුවර නායකත්වය පැතුම් නිශ්ශංකට, උප නායකත්වය සහන් ආරච්චිගේට, යාපනය නායකත්වය ධනංජය ද සිල්වාට උප නායකත්වය සදීර සමරවික්‍රමට, කොළඹ නායකත්වය කුසල් මෙන්ඩිස්ට, උප නායකත්වය චරිත් අසලංකට, දඹුල්ල නායකත්වය කමිඳු මෙන්ඩිස්ට උප නායකත්වය මිනෝද් භානුකට පවරා ඇත.

නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඉදිරි තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ නවීකරණය කරන ලද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට පැවැත්වීමට කටයුතු යොදා ගෙන ඇත.

මහනුවර – ගාල්ල

මහනුවර පළාත් පිල කඩුලු 6කට ලකුණු 339 (ඕවර් 87)
කසුන් විදුර 45, ළහිරු උදාර 100, ලසිත ලක්ෂාන් 17, සහන් ආරච්චිගේ නොදැවී 81, අහන් වික්‍රමසිංහ 63, චමික කරුණාරත්න 11, චාමික ගුණසේකර නොදැවී 8 (රමේෂ් මෙන්ඩිස් 75/2, උදිත් මධුෂාන් 35/2, මිලාන් රත්නායක 24/1)

කොළඹ හා යාපනය

කොළඹ පළාත් පිල කඩුලු 4ට ලකුණු 275 (ඕවර් 90)
දමුත් කරුණාරත්න 19, ෂෙවෝන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 90, හිමාෂ ලියනගේ 56, පැතුම් කුමාර නොදැවි 12, අතිරේක 20 ( ළහිරු මධුසංඛ 32/2, සන්තුෂ් ගුණතිලක 17/1, ජෙෆ්රි වැන්ඩර්සේ 61/1)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

USD United States (US) dollar