ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත අනුග්‍රහය නොවන්නට අද පාසල් ක්‍රීඩාව පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බව පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පැවැසීය.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට හා ක්‍රීඩාවේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් මුදල් ආයෝජනය කළ යුතු කාලයක ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දක්වන අති විශාල ආයෝජනය පිළීබඳව පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රෙය් ස්තූතිය හිමිවය යුතු බව තිලක් වත්තුහේවා මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 22කට හා දිස්ත්‍රික් සංගම් 4කට පන්දු යැවීමේ යන්ත්‍ර 26ක් පිරිනැමූ අතර, මෙයට පෙර මේ ආකාරයෙන්ම පන්දු යැවීමේ යන්ත්‍ර 18ක් පාසල් වෙත ප්රදානය කොට තිබිණි. එබැවින් මේ වනවිට රටපුරා පාසල් 40කට පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යෙදීම සම්බන්ධයෙන් පාසල් ක්‍රිකට් සභාපතිවරයා ස්තුතිය පළ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිනැමූ එක් පන්දු යැවීමේ යන්ත්‍රයක මිළ රුපියල් මිලියන 1.3ක් වේ.
“පසුගිය සෑම වසරකම පාසල් ක්‍රිකට් නැංවීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් මිලියන 2000කට වැඩි ආයෝජනයක් සිදු වුණා. ඒ මුදල එකවතාවේ කාටවත් එකවර පේන්නේ නෑ. කවදාකටත් වඩා මේ වගේ දැවැන්ත මුදලක් පාසල් ක්‍රිකට් වෙනුවෙන් ලබාදුන් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ප්රමුඛ විධායක සභාවට ස්තූතිවන්ත වෙනවා“ වත්තුහේවා මහතා පැවැසීය
“2018දී පාසල් 18කට පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන්නා. ඒ වේලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පොරොන්දු වුණා ඉදිරි කාලයේ අනෙක් පාසල්වලටත් මේ පන්දු යැවීමේ යන්ත්‍ර ලබා දෙන බව. ‘ඒ‘ කාණ්ඩයේ ඉතිරි පාසල් 22කට හා දිස්ත්‍රික් සංගම් 4කට පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අද ලබා දෙනවා. පාසල් ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල දායකත්වයක් ලබා දෙනවා. 2018 සිට සියලුම පාසල් ක්‍රිකට් තරගාවලි හා පාසල්වලට අවශ්‍ය උපකරණ ලබාදීමේ සමස්ත වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. පාසල් ක්‍රිකට් සංගමය සමඟ ඒකාබද්ධව. මේක තමයි වැදගත් වුණේ මොකද පාසල් ක්‍රිකට් සංගමයට අවශ්‍ය කරන මූල්‍යමය දායකත්වය හා පාසල් ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලුම සම්පත් ලබාදිමේ කටයුත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුලු විධායක කමිටුව ඉටුකරනවා.“
“මෙතැන අද රැස්වී සිටින්නේ පාසල් ක්‍රිකට් ක්ෂේත්රයේ පළමු පෙළ නියෝජනය කරන පාසල්වල විදුහල්පතිවරු හා පාසල් ක්‍රිකට් නායකයින්. ඔබ දන්නවා 2020 හා 2021 වසරවල ශ්‍රී ලංකාවේ කිසිඳු ක්‍රීඩාවක් නොවන කාලයේ පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වෙලා 13න් පහළ තරග හැරෙන්න අනෙක් සියලු පාසල් ක්‍රිකට් තරග පැවැත්වූවා. ඒකට මූලික ශක්තිය වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ලැබුණු දායකත්වය. පාසල් ක්‍රිකට් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගන්න අපේ බලාපොරොත්තුව. ඒ නිසා පාසල්වලට අවශ්‍ය සම්පත් ටික ලබාදෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල දායකත්වයක් දෙනවා. මේක ලෙහෙසි දෙයක් නොවෙයි. පාසල් ක්‍රිකට් කියන්නේ වියදම් දැරිය යුතු ක්‍රීඩාවක්“
“අද වනවිට පාසල් පාසල් 875ක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවී සිටිනවා. 2018 මේ ප්‍රමාණය තිබුණේ 600ක්. බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම් 28යි තිබුණේ. අදවන විට පාසල් 90ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේ ව්‍යාප්තියත් එක්ක විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා විවිධ මාධ්‍ය ඔස්සේ අඩුපාඩුකම් පිළිබඳව කතා කරනවා. නමුත් ඒ සියලු පාසල්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවශ්‍ය පරිදි උපකරණ සම්පත් ලබාදී තිබෙනවා. විශාල වටිනාකමක් ඇති ක්‍රිකට් උපකරණ අඩංගු ‘මැටීරියල් බෑග් එකක්‘. තරගාවලිය නියෝජනය කරන සියලුම පාසල්වලට ලබාදි තිබෙනවා. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයෝජනය කොට තිබෙනවා. ක්‍රීඩා පිටිවලට අවශ්‍ය කරන විශාල ආයෝජනයක් ක්‍රියාත්මක කොට තිබෙනවා. ‘ඩිවිෂන් වන්‘ යටතේ ඇති සියලු පාසල්වල ක්‍රීඩාංගණවල සයිඩ් ටර්ෆ්, සයිඩ් නෙට්, ලබාදි තිබෙනවා. ක්‍රීඩා පිටි සංවර්ධන කටයුුතු වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩ පිළීවෙලක් ක්රිකයාත්මක වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මේ කරන කාර්යභාරය පිළීබඳව යළිත් අපේ ස්තුතිය පුද කළ යුතුයි. මේ ආයෝජනයේ ප්‍රතිළුල ගන්න ටික කාලයක් යයි. නමුත් පාසල් ක්‍රිකට් හොදින් කරගෙන ගියොත් අනාගතයේ ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න අපට පුලුවන්. ඒ දැක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තියෙනවා“
“පාසල් ක්‍රිකට් තරග පවත්වන්න වසරකට මිලියන 60කට වැඩි ප්‍රමාණයක් පාසල් ක්‍රිකට් සංගමයට ලබා දුන්නා. එයට අමතරව නිශ්චිත වැඩ පිළිවෙළක් තියෙනවා පාසල් තරගාවලියෙන් පසු දිස්ත්‍රික්, පළාත් හා ජාතික වශයෙන් කණ්ඩායම් තෝරා ගන්නා. පසුගිය කාලයේ ඒ සියලු දේ කිසිඳු චෝදනාවක් නැතිව ඉදිරියට ගෙන යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් ලබා දුන්නා. එයට කලින් අපි දන්නවා තෝරා ගැනිම්වලින් විවිධ ප්‍රශ්න ආවා. නමුත් දැන් විනිවිදභාවයෙන් යුතුව සියලු දේ සිදුවෙනවා. දරුවන්ට අවස්ථාව තියෙනවා ග්‍රාමීය ප්‍රදේශයක වුනත්. දක්ෂතා දක්වන දරුවන්ට මේ වසරේ විශේෂ වැඩසටහනක් අපි දියත් කරනවා. දිස්ත්‍රික් කණ්ඩායම් ඉදිරිපත් කරන්න ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල් සදහා. මේ සියලු දේවල අවසන් අපේක්ෂාව තමයි දක්ෂම දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීම. මේ වැඩ පිළිවෙලට ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල දායකත්වයක් ලබා දෙන නිසා නැවත වතාවක් ස්තූති කළ යුතුයි“
“ මේ පන්දු යැවීමේ උපකරණ ලැබුණාම ප්‍රයෝජන ගැනීම ඉතා වැදගත්. මේකේ දෙපැත්තක් අපි දකිනවා. මේ එකක් මිලියන 1.2ක් නිසා විදුහල්පතිවරු බයයි පාවිච්චි කරන්න. මොකද මේක ඉන්වෙන්ට්‍රියට දැම්මාම විදුහල්පතිවරු බයයි පෙන්ෂන් යනකොට තිබුණ විදිහටම තියෙන්න ඕනේ කියලා. නමුත් මේක පාවිච්චි කළ යුතුයි. පාවිච්චි නොකර තියන්න එපා. මේක උපරිමව පාවිච්චි කරන්න. අපි දන්නවා ලංකාවේ සිස්ටම් එක තමයි නොමිළේ ලැබෙන කිසිම දෙයක් වටිනාකමක් දැනෙන්නේ නෑ. මේක රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලැබෙන දෙයක්. මේකෙන් උපරිම ආකාරයෙන් යොදවන්න. ඒ වගේම ආරක්ෂා සහිතව එය භාවිතා කරන්න. අපි පන්දු නොමිළේ දෙනවා ටික දවසකින් පන්දු නෑ. අපි ප්‍රායෝගිකව අත්විදින දේවල්. මේ පන්දු යැවීමේ යන්ත්‍ර නිවැරදි ලෙස පරිහරණය කළොත් මෙයින් වටිනාකමක් ලැබෙනවා. වගකීම දරුවන්ටත් දෙන්න. වටිනාකම දරුවන්ට පැහැදිලි කර දෙන්න. අවසානයේ මේ ආයෝජන හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙන්නේ දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කරන්න. පාසල් විදුහල්පතිවරුන්ට මේ අවස්ථාවේ මා ස්තූතිය පුදකරනවා මේ අවස්ථාවට සහභාගීවීම පිළිබඳව හා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට දායකත්වය ලබාදීම පිළීබඳව. අවසාන වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුලු විධායක සභාවට, මේ කටයුත්ත ඉදිරියට ගෙන යන කමල් ධර්මසිරි මහතා ඇතුලු කාර්ය මණ්ඩලයට පාසල් ක්‍රිකට් සංගමයේ ස්තූතිය පුදකර සිටිනවා“ පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පැවැසීය.
මෙම උත්සවයේදී පන්දු යැවීමේ යන්ත්‍ර ලබාදුන් විදුහල් හා දිස්ත්‍රික් සංගම් මෙසේය:
කොළඹ දිස්ත්‍රික්කයේ රාජකීය, ඩී. එස්, ලුම්බිනි, මොරටු, ඉසිපතන හා පන්නිපිටිය ධර්මපාල, ගම්පහ දිස්ත්‍රික්කයේ ද මැසිනොද්, සාන්ත අන්තෝනි, කැළණිය ගුරුකුල, වෙන්නප්පුව සාන්ත ජෝෂප්, කටුනේරිය සාන්ත සෙබස්තියන්, ගම්පහ රත්නාවලී, කුරුණෑගල හා මහනුවර කලාපයේ මලියදේව, සාන්තා ආනා, කටුගස්තොට සාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ, සාන්ත සිල්වෙස්තර, කලුතර, ගාල්ල මාතර කලාපයේ මාතර සාන්ත තෝමස්, රත්ගම දේවපතිරාජ, අම්බලන්ගෝඩ ධර්මාශෝක, සාන්ත ඇලෝසියස් හා කලුතර හෝලි ක්‍රොස් යන විදුහල්වලට පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමිණි. එමෙන්ම මාතර, රත්නපුර, බඳුල්ල හා කුරුණෑගල දිස්ත්‍රික් සංගම්