ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (7) නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් පිල සමත් වෙයි. සෙබස්තියනයිට්ස් හා මීගමුව ක්‍රිකට් සමාජය අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 96කින් පරාජයවීමත් සමඟ එම කාණ්ඩයේ තෙවැනි තැන සිටි සෙබස්තියනයිට්ස් පිල ඉදිරියටම පමිණියේය.
එම පෙරැළිකාරී ජයත් සමඟ මෙතෙක් දෙවැනි ස්ථානයේ සිටි මීගමුව පිල තෙවැනි ස්ථානයට ඇඳ වැටුණු අතර, මෙතෙක් පෙරමුණේ සිටි කෝල්ට්ස් පිල සීසීසී හමුවේ පරාජයවීමෙන් කෝල්ට්ස් දෙවැනි තැනට පත්ව සිටී.
අද පැවැති තරගයකදී යාපනය සාන්ත ජෝන් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි බීආර්සී පිලේ දකුණත් පිට දඟ පන්දු යවන මොවින් අභිනාෂ් ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 8ක් බිද හෙලීමට සමත්වීම කැපී පෙණුනි.
අර්ධ ශතක ලබමින් මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිදු සූරියබණ්ඩාර, කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ හෂාන් දුමිඳු, කුරුණෑගල තරුණ ක්‍රිකට් පිලේ තරිඳු විජේසිංහ, ගාල්ල ක්‍රිකට් සමාජයේ ඉරෝෂ් සමරසූරිය, ෂලිත් ප්‍රනාන්දු, එස්එස්සී පිලේ නිපුන් ධනංජය, යුද හමුදා ක්‍රීඩා සමාජයේ අසේල ගුණරත්න, ලක්ෂාන් එදිරිසිංහ, එන්සීසී පිලේ කමීල් මිෂාර, චාමික කරුණාරත්න, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජයේ තිලකරත්න සම්පත්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ අයන සිරිවර්ධන, පොලිස් ක්‍රීඩා සමාජයේ හේෂාන් ධනුෂ්ක, විෂාද් රන්දික හා කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයේ සහන් කෝසල දස්කම් දැක්වූහ.
සෙබස්තියනයිට්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 207 (ඕවර් 50)
ඉසිවර දිසානායක 40, තෙවිඳු සේනාරත්න 40, ප්‍රමෝද් මධුවන්ත 27, සචිත ජයතිලක 31, තරිඳු රත්නායක නොදැවී 31 ( නිශාන් පීරිස් 57/2, උපුල් ඉන්ද්‍රසිරි 20/2)
මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 111 (ඕවර් 37 )
ඇන්ජලෝ ජයසිංහ 23, හිමාෂ ලියනගේ නොදැවී 43 ( ඉසිත විජේසුන්දර 27/2, චාමිකර එදිරිසිංහ 21/2, සචිත ජයතිලක 9/2, ප්‍රමෝද් මධුවන්ත 1/2)
මුවර්ස් පිලට කඩුලු 5ක ජයක්
ටැමිල් යූනියන් හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පන්දු 122ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් මුවර්ස් පිලට හිමි විය.
ටැමිල් යූනියන් පිල සියලු දෙනා දැවී ලකුණු 115 (ඕවර් 35.5)
සිතාර හපුහින්න 34, රොන් චන්ද්‍රගුප්ත 25 ( රමේෂ් මෙන්ඩිස් 29/2, ඉමතියාස් සල්සා 11/3, ප්‍රවීන් ජයවික්‍රම 23/3, තේෂාන් විතූෂාන් 9/2)
මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 120 (ඕවර් 29.4 )
පසිදු සූරියබණ්ඩාර නොදැවි 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 27 (ශිරාන් ප්‍රනාන්දු 23/2, දිලුම් සුධීර 26/2)
සීසීසී පිලට කඩුලු 6ක ජයක්
කොල්ට්ස් හා සීසීසී අතර කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේදී සීසීසී පිල තවත් පන්දු 47ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක ජයක් අත්කර ගත්තේය.
කොල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 227 (ඕවර් 50 )
සංගීත් කුරේ 23, ෂිරාන් ෆොන්සේකා 39, හෂාන් දුමිඳු 73, මුදිත ලක්ෂාන් 22, ජෙහාන් ඩැනියෙල් 27, ධනංජය ලක්ෂාන් 17 ( අසිත ප්‍රනාන්දු 54/2, චමිඳු විජේසිංහ 48/3)
සීසීසී පිල කඩුලු 5ක් දැවී ලකුණු 164 (ඕවර් 32.1 )
නිමේෂ ගුණසිංහ 39, මිනෝද් භානුක 16, ධනංජය ද සිල්වා 16, පවන් රත්නායක නොදැවී 88, සොනාල් දිනූෂ නොදැවී 26 ( උදිත් මධුෂාන් 33/2)
පොලීසියට කඩුලු 8ක ජයක්
කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල හා පොලිස් ක්‍රීඩා සමාජය අතර, පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පන්දු 46ක් ඉතිරිව තිබියදී පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 8ක ජයක් හිමිකර ගත්තේය.
කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 186 (ඕවර්47.4)
ගයාන් මනීෂාන් 38, තරිඳු විජේසිංහ 72, නවීන් ප්‍රනාන්දු 20 ( නලීන් ප්‍රියදර්ශන 31/3, චතුරංග කුමාර 29/3, දිලීප ජයලත් 38/3)
පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 2කට ලකුණු 188 (ඒවර් 42.2)
හේෂාන් ධනුෂ්ක නොදැවී 52, ධනුජ ඉඳුවර 35, විෂාද් රන්දික නොදැවී 95
ගාල්ලට කඩුලු 7ක ජයක්
ගාල්ල ක්‍රිකට් සමාජය හා ගුවන් හමුදාව අතර, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගාල්ල ක්‍රිකට් සමාජය තවත් පන්දු 12ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් ලැබීය.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 183 (ඕවර් 49.1)
විහඟ රුවනාර 21, ප්‍රබෝද සිරිමල් 37, කෙමිර විජේනායක 19, ෂෙනාස් ප්‍රනාන්දු 33, ප්‍රවීන් ද සිල්වා නොදැවී 19, මධුසංඛ ප්‍රේමරත්න 17, අතිරේක 20 ( චානක දේවින්ද 23/2, උමේග චතුරංග 27/4, පසිඳු මධුෂාන් 32/2)
ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 186 (ඕවර් 48)
ඉරෝෂ් සමරසූරිය 61, ෂලිත් ප්‍රනාන්දු නොදැවී 77, තරින්ද ගුරුගේ නොදැවී 28
එස්එස්සී පිලට කඩුලු 4ක ජයක්
යුද හමුදා ක්‍රීඩා සමාජය හා එස්එස්සී අතර, එස්එස්සී පිටියේ පැවැති තරගයේදී තවත් පන්දු 34ක් ඉතිරිව තිබියදී එස්එස්සී පිල කඩුලු 4ක ජයක් ලැබීය.
යුද හමුදා ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 207 (ඕවර් 41.1)
දිනේෂ් චන්දිමාල් 15, අසේල ගුණරත්න 72, ලක්ෂාන් එදිරිසිංහ 74 ( ප්‍රභාත් ජයසූරිය 48/2, චමිඳු වික්‍රමසිංහ 31/2, කවිදු නදීෂාන් 42/4)
එස්එස්සී පිල කඩුලු 6ක් දැවී ලකුණු 213 (ඕවර් 44.2)
ධනුෂ්ක ගුණතිලක 41, ක්‍රිෂාන් සංජුල 40, නිපුන් ධනංජය නොදැවී 61, රනිඳු සෝමරත්න 34 (ෂෙහාන් ප්‍රනාන්දු 28/3)
බීආර්සී පිලට ලකුණු 30ක ජයක්
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා බීආර්සී අතර, බීආර්සී පිටියේ පැවැති තරගයේදී
බීආර්සී පිලට ලකුණු 30ක ජයක් හිමි විය.
බීආර්සී පිල සියලු දෙනා දැවී ලකුණු 143 (ඕවර් 41.5)
සවින් ගුණසේකර 15, ලක්ෂාන් ගමගේ 34, දුෂාන් හේමන්ත20, නිමන්ද මධුසංඛ 27, අතිරේක 15 (රවිඳු රත්නායක 18/2, රොහාන් ජයතිස්ස 30/3, පවන්ත වීරසිංහ 25/2)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 113 (ඕවර් 20.2)
රොහාන් ජයතිස්ස 25, වනුජ සහන් 32, රවිඳු රත්නායක 17 (මොවින් අභිනාෂ් 53/8, ශෂික දිල්ෂාන් 19/2)
එන්සීසී ලකුණු 46කින් ජය ලබයි
එන්සීසී හා නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය අතර මොරටුව ද සොයිසා පිටියේ පැවැති තරගයේදී එන්සීසී පිල ලකුණු 46කින් ජය ලබා ගත්තේය.
එන්සීසී පිල කඩුලු 9ක් දැවී ලකුණු 250 (ඕවර් 50)
නිරෝෂන් දික්වැල්ල 28, ළහිරු උදාර 40, කමීල් මිෂාර 65, අසේල් සිගේරා 22, චාමික කරුණාරත්න 61 ( තිලකරත්න සම්පත් 59/4, සඳුන් මධුසංඛ 42/3)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජයසියලු දෙනා දැවී ලකුණු 204 (ඕවර් 46.4)
අක්රම් මුතිලිබ් 41, තිලකරත්න සම්පත් 58, රමේෂ් බුද්ධික 28, රාහුල් ගුණසේකර 19, රිසිත් උපමාල් 16 (චාමික ගුණසේකර 50/2, අෂේන් ඩැනියෙල් 20/2, ලසිත් ඇඹුල්දෙනිය 36/2)
බඳුරලියට ඩක්වර්ත් – ලුවිස් පිහිටයි
පානදුර ක්‍රීඩා සමාජය හා බඳුරලිය ක්‍රීඩා සමාජය අතර, මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ බඳුරලිය පිල ලකුණු 32කින් ජය ලැබීය.
පානදුර ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 184 (ඕවර් 46.4)
රමින්ද විජේනායක 42, නිමේෂ් විමුක්ති 43, යසෝද මෙන්ඩිස් 37, නිමන්ත පීරිස් නොදැවී 20 ( අලංකාර අසංක 17/2, චානක කොමසෝරු 44/4)
බඳුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 178 (ඕවර් 27.3)
අයන සිරිවර්ධන 92, අනුක් ප්‍රනාන්දු 45, අතිරේක 16 ( නිමේෂ් විමුක්ති 49/4)
බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 37ක ජයක්
කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය හා බ්ලුම්ෆීල්ඩ් අතර බ්ලුම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 37කින් ජය ලැබීය.
බ්ලුම්ෆීල්ඩ් පිල සියලු දෙනා දැවී ලකුණු 161(ඕවර් 44.3)
යොහාන් ද සිල්වා 29, නිපුන් කරුණානායක 31, ළහිරු මධුසංඛ 16, චමත් වික්‍රමසිංහ 17, දිනෙත් සමරවීර 18, අතිරේක 17 ( නිසල ආකාශ් 38/2, මිතුන් ජයවික්‍රම 32/3, යොහාන් මැද්දගේ 25/2)
කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 124 (ඕවර් 30.3)
සහන් කෝසල නොදැවි 59, රශ්මික මධුසංඛ 21, යොහාන් මැද්දගේ 15 ( ළහිරු මධුසංඛ 29/4, මනෙල්කර් ද සිල්වා 16/2)