slc
logo
Home   |    News
ජනවාරි 16, 2024
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පුහුණු තරගයේදී බංග්ලාදේශය පරාජය කරයි

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එහි පැවැති ප්‍රථම පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 119කින් බංග්ලාදේශය පරදා ජය ලැබීය.

 ටිෂිවානෙ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු 9කට ලබාගත් ලකුණු 238ට පිළිතුරු ලෙස බංග්ලාදේශය පන්දුවාර 36.2කදී කඩුලු 9ට රැස් කළේ ලකුණු 119ක් පමණකි. 

 ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා පන්දු 64කදී හතරේ හයක් සමඟ ලකුණු 50ක් රැස් කළ අතර එය මේ තරගයේ එකම අර්ධ ශතකය වන්නේය. 

 පුළිඳු සහ විෂේන් ප්‍රථම කඩුල්ලට පන්දුවාර 8.5කදී ලකුණු 55ක් රැස් කළහ. දෙවන කඩුල්ලට පුළිඳු සහ නායක සිනෙත් ජයවවර්ධන (09) එක් කළ ලකුණු ප්‍රමාණය 38කි. 

 ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් දස්කම් පෙන් වූ අනෙකුත් පිතිකරුවන් වුයේ ලකුණු 34ක් රැස් කළ දිනුර කළුපහන (පන්දු හතරේ තුනයි) අනෙක් ආරම්භක පිතිකරු විෂේන් හැළඹගේ (ලකුණු 30යි පන්දු 31යි හතරේ හයයි) රවිෂාන් නෙත්සර (ලකුණු 28යි පන්දු 47යි හතරේ දෙකයි) ෂාරුජන් ෂන්මුගනාදන් (ලකුණු 18යි පන්දු 28යි හතරේ පහරයි) සහ මල්ෂා තරුපති ය (ලකුණු 18යි පන්දු 21යි හතරේ දෙකයි)

 හොඳම පන්දු යැවීම සිදු කළ වාසි සිදික් ලකුණු 26කට කඩුලු දෙකක් බිඳ දැමීය.

 බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ජිෂාන් අලාම් ලකුණු 26ක් ද අඩිල් බින් සිදික් ලකුණු 15ක් ද රැස් කළහ.

 දක්ෂ පන්දු යැවීමක නිරත වූ විෂේන් හැළඹගේ ලකුණු 28කට කඩුලු තුනක් ද පුළිඳු පෙරේරා ලකුණු පහකට කඩුලු දෙකක් ද දවාලුහ.

 පුළිඳු පෙරේරා සහ විෂේන් හැළඹගේ  මේ තරගයේදී තුන් ඉරියව්වේදීම දක්ෂතා පෙන්වීමට සමත් විය.

 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරග 19 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු 9ට 238

 පුළිඳු පෙරේරා 50, දිනුර කළුපහන 34, විෂේන් හැළඹගේ 30, රවිෂාන් නෙත්සර 28, ෂාරුජන් ෂන්මුගනාදන් 18, මල්ෂා තරුපති 18, වාසි සිදික් 26/2, රාෆි උස්මාන් 25/1යි)

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම පන්දුවාර 36.2දී කඩුලු 9ට 119

 ජිෂාන් අලාම් 26, අඩිල් බින් සිදික් 15, මොහමඩ් ෂහාබ් නොදැවී 12, විෂේන් හැළඹගේ 28/3, පුළිඳු පෙරේරා 5/2, සිනෙත් ජයවර්ධන 7/1යි)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee