slc
logo
Home   |    News
ජනවාරි 11, 2024
සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් – එස්එස්සී – බඳුරලිය එක්දින තරගාවලියේ අවසන් පූර්ව සටනට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) නිමාවූ ලිග් තරග වටයේ ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස්, ‘බී‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි එස්එස්සී හා බඳුරලිය යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

ඒ අනුව මේ 13 වැනිදා සෙබස්තියනයිට්ස් හා බඳුරලිය ක්‍රීඩා සමාජ අතර පළමු අවසන් පූර්ව තරගය එන්සීසී පිටියේ පැවැත්වෙන අතර, දෙවැනි අවසන් පූර්ව තරගය එස්එස්සී හා කෝල්ට්ස් අතර එම ක්‍රීඩා පිටියේදීම පැවැත්වේ. මෙයින් ජය ලබන කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ 16 වැනිදා එස්එස්සී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද පැවැති නුගේගොඩ – බීආර්සී අතර තරගය, බඳුරලිය – හලාවත අතර තරගය හා ගාල්ල – පොලිස් කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව නිමාවට පත්විය.

සීසීසී පිල කඩුලු 7ක ජයක්

ටැමිල් යූනියන් හා සීසීසී අතර පි.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පන්දු 36ක් ඉතිරිව තිබියදී සීසීසී පිල කඩුලු 7ක ජයක් ලැබීය. ක්‍රීඩා පිටියේ තෙත බරිත ස්භාවය හේතුවෙන් එක් ඉනිමක් ඕවර් 20කට සීමා විය.

ටැමිල් යූනියන් පිල කඩුලු 8කට ලකුණු 102 (ඕවර් 20)
සිතාර හපුහින්න 20, ලසිත් අබේරත්න 23, දසිස් මංචනායක 22 ( අසිත ප්‍රනානාදු 16/3, චමින්ද විජේසිංහ 22/4)

සීසීසී පිල කඩුලු 3ක් දැවී ලකුණු 103 (ඕවර් 14)
නිමේෂ ගුණසිංහ 21, කමිඳු මෙන්ඩිස් නොදැවී 40 ( රවිඳු ප්‍රනාන්දු 18/2)

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 120 (ඕවර් 29.4 )
පසිදු සූරියබණ්ඩාර නොදැවි 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 27 (ශිරාන් ප්‍රනාන්දු 23/2, දිලුම් සුධීර 26/2)

කෝල්ට්ස් පිලට කඩුලු 5ක ජයක්

කොල්ට්ස් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේදී කෝල්ට්ස් පිල පන්දු 93ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් ලැබීය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 163 (ඕවර් 43.2)
ගයාන් මනීෂාන් 57, තරිඳු විජේසිංහ 19, සමීර සඳමාල් 19, නවීන් ප්‍රනාන්දු 32 ( දුනිත් වෙල්ලාලගේ 16/4, මුදිත ලක්ෂාන් 39/3)

කොල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 164 (ඕවර් 34.3)
රවිඳු රසාන්ත 16, ෂිරාන් ෆොන්සේකා 24, දුනිත් වෙල්ලාලගේ නොදැවී 52, ධනංජය ලක්ෂාන් නොදැවී 45 ( චානුක දිල්ෂාන් 23/3)

මීගමුවට කඩුලු 3ක ජයක්

රාගම ක්‍රිකට් සමාජය හා මීගමුව ක්‍රිකට් සමාජය අතර, මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් මීගමුව පිල පන්දු 72ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක ජයක් ලැබීය.

රාගම ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවි ලකුණු 116 (ඕවර් 31)
නිෂාන් මධුෂ්ක 25, චමත් ගෝමස් 45 ( දිල්ෂාන් මුණවීර 23/2, චනුෂ්ක සඳරුවන් 29/5, උපුල් ඉන්ද්‍රසිරි 19/2)

මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 121 (ඕවර් 38)
පසිඳු ලක්ෂන්ක 21, නිශාන් පීරිස් නොදැවී 34, අතිරේක 18 ( නිපුන් මාලිංග 23/3, ශෂික දුල්ෂාන් 22/2)

සෙබස්තියනයිට්ස් පිලට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා සෙබස්තියනයිට්ස් පිල අතර, පානදුර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් තවත් පන්දු 96ක් ඉතිරිව තිබියදී සෙබස්තියනයිට්ස් පිලට කඩුලු 8ක ජයක් හිමි විය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර් 32කට සීමා විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 77 (ඕවර් 18.5)
විහඟ රුවනාර 21, කෙමිර විජේනායක 22, අතිරේක 16 (ඉසිත විජේසුන්දර 17/2, චරිත් රාජපක්ෂ 30/4, චාමිකර එදිරිසිංහ 16/2, දුසාන් විමුක්ති 8/2)

සෙබස්තියනයිට්ස් පිල කඩුලු 2ක් දැවී ලකුණු 83 (ඕවර් 16)
තුලින දිල්ෂාන් නොදැවී 27, දුෂාන් විමුක්ති 53

ඒස් කැපිටල් පිලට කඩුලු 2ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් අතර, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී තවත් පන්දු 57ක් ඉතිරිව තිබියදී
ඒස් කැපිටල් පිලට කඩුලු 2ක ජයක් හිමි විය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර් 36කට සීමා විය.

යුද හමුදා ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 153 (ඕවර් 35)
ෂෙහාන් ප්‍රනාන්දු 18, ලක්ෂාන් එදිරිසිංහ 48, අශාන් රන්දික 23, අතිරේක 18 ( රොෂාන් ජයතිස්ස 21/2, කවිඳු ආමන්ත 30/4)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 156 (ඕවර් 26.3)
පවන්ත වීරසිංහ 19, රොහාන් ජයතිස්ස නොදැවී 38, සිතාර ගිම්හාන 21, වනුජ සහන් 20 ( අසංක මනෝජ් 51/3)

බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 1ක ජයක්

එන්සිසී හා බ්ලුම්ෆීල්ඩ් අතර බ්ලුම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 1ක ජයක් ජය ලැබීය. වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් ඕවර් 45කට සීමා කෙරුණි.

එන්සීසී පිල සියලු දෙනා දැවී ලකුණු 101 (ඕවර් 28.3)
නිරෝෂන් දික්වැල්ල 26, චාමික කරුණාරත්න 36 ( සහන් නානායක්කාර 14/4, සඳුන් වීරක්කොඩි 34/4)

බ්ලුම්ෆීල්ඩ් පිල කඩුලු 9කට ලකුණු 102 (ඕවර් 44.3)
නිපුන් කරුණානායක නොදැවී 50 ( අශේන් ඩැනියෙල් 25/4, කමිල් මිෂාර 19/2, ලසිත් ඇඹුල්දෙනිය 14/2)

කැන්ඩි කස්ටම්ස් ට ලකුණු 68ක ජයක්

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර, කොළඹ තර්ස්ටන් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ තීරනය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කැන්ඩි කස්ටම්ස් ට ලකුණු 68ක ජයක් විය. වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් ඕවර් 36කට සීමා විය.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 229 (ඕවර් 36)
මලිඳු මදුරංග 15, තෙවිඳ දික්වැල්ල 28, ඉමේෂ් උදයංග 25, මිතුන් ජයවික්‍රම 73, ළහිරු අත්තනායක නොදැවී 33 ( ජනිදු ඉනුවර 47/2, නිමේෂ් විමුක්ති 39/5)

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 7කට ලකුණු 115 (ඕවර් 26.1)
හෂේන් රාමනායක 27, නිමේෂ් විමුක්ති 26, අතිරේක 16 ( හසිත නිර්මාල් 6/3, ඉමේෂ් උදයංග 27/2)

නුගේගොඩ – බීආර්සී තීරණයක් නෑ

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය හා බීආර්සී අතර, මොරටුව ද සොයිසා පිටියේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් ඕවර් 25කට සීමා වුවද තීරණයක් නොලැඹුණි.

බීආර්සී පිල කඩුලු 7කට ලකුණු 173 (ඕවර් 25)
ලියෝ ‍ෆ්‍රැන්සිස්කු 34, දුෂාන් හේමන්ත නොදැවී 66, මොවින් අභිනාෂ් 18 (රාහුල් ගුණසේකර 24/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය කඩුලු 5කට ලකුණු 72 (ඕවර් 15)
අක්රම් මුතිලිබ් නොදැවී 22, රාහුල් ගුණසේකර 27 (ජනිත් සිල්වා 9/2)

බඳුරලිය – හලාවත තීරණයක් නෑ

බඳුරලිය ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර, මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් ඕවර් 24කට සීමා වුවද තීරණයක් නොලැඹුණි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 170 (ඕවර් 24)
ලසිත් ලක්ෂාන් 42, රමේෂ් නිමන්ත 18, රවීන් යසස් 46, පුලින තරංග 18 ( අලංකාර අසංක 17/2, රොහාන් සංජය 31/2)

ගාල්ල – පොලිස් විසදුමක් නෑ

ගාල්ල ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර, ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee