slc
logo
Home   |    News
ජනවාරි 18, 2024
19න් පහළ ලෝක කුසලාන තරගය සිකුරාදා (19) ඇරැඹේ

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වය ඇතිව රටවල් 16ක් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී පැවැත් වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 19 (සිකුරාදා) සිට පෙබරවාරි 11 (ඉරිදා) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

‘ඒ ‘ ‘බී‘ ‘සී‘ සහ ‘ඩී‘ යනුවෙන් කොටස් හතරකට කණ්ඩායම් හතර බැගින් බෙදා එම කණ්ඩායම් අතර සිකුරාදා (ජනවාරි 19) සිට මූලික තරග පැවැත්වේ.

මෙහි ‘ඒ ‘ කොටසට ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්තය සහ අමෙරිකාවත් ‘බී‘ කොටසට එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ස්කොට්ලන්තයත් ‘සී‘ කොටසට ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ නැම්බියාවත් ‘ඩී‘ කොටසට ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, නවසීලන්තය සහ නේපාලයත් අයත් වේ.

මූලික වටයේ තරග එම කොටස්වලට කණ්ඩායම් අතර පවත්වා එක් කොටසක ප්‍රථම දෙවන සහ තෙවන ස්ථානවලට තේරෙන කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් 12ක් සුපිරි හයවන වටයට තෝරා ගනී. අවසාන ස්ථාන හතරට තේරෙන කණ්ඩායම් හතර වෙනම තරග දෙකකට සහභාගි කරවති.

සුපිරි හය වන වටය කණ්ඩායම් හය බැගින් කොටස් දෙකකට බෙදා තරග පවත්වා ප්‍රථම හා දෙවන ස්ථානවලට පත්වන කණ්ඩායමේ අනෙක් කොටසේ ජයග්‍රාහී කණ්ඩායම් සමඟ අවසාන පූර්ව තරග දෙකට සහභාගි වෙති. අවසාන පූර්ව තරග දෙක පැවැත් වනුයේ පෙබරවාරි 6 සහ 8 යන දිනවලය. එහි ජයග්‍රාහකයන් පෙබරවාරි 11 අවසාන තරගයට එක්වෙති.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගි වී බංග්ලාදේශය සමඟ තරගය ජය ගෙන ඉන්දියාවට පරාජය විය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජනවාරි 21 වැනිදා සිම්බාබ්වේ සමඟත් ජනවාරි 24 නැම්බියාව සමඟත් ජනවාරි 28 ඔස්ට්‍රේලියාව සමඟත් තරග වැදීමට නියමිතය.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පහ වන්නේ විලෝමුර් පාර්ක්, මැන්ගවුනි ඕවල්, කිම්බර්ලි ඕවල්, ජේ බී මාර්ක්ස් ඕවල් සහ බෆලෝ පාර්ක් ඊස්ට් ලන්ඩන් ක්‍රීඩාංගණයන් ය.

මේ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කලින් තීරණය කර තිබුණත් පසුව එය දකුණු අප්‍රිකාවේදී සංවිධානය කැරිණි.

බන්දුල

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee