slc
logo
Home   |    News
පෙබරවාරි 2, 2024
බංග්ලාදේශ 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනයි

Sri Lanka Cricket

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනා ගත්තේය.

සත්කාරක බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තාන යොවුන් කාන්තා පිල සහභාගීවූ මෙම තරගාවලියේ අද පැවැති බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර, අවසන් තරගයේදී ලකුණු 36ක ජයක් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ හිමිකර ගත්හ.

බංග්ලාදේශයේ කොක්ස් බසාර්හී ෂෙයික් කමල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 3කට ලකුණු 148ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ බංග්ලාදේශ 19න් පහළ කාන්තා පිල ඕවර් 20ක් අවසන් වෙද්දී කඩුලු 8කට ලකුණු 112ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වූ නෙත්මි සේනාරත්න පන්දු 57කදී හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 66ක් ලබාගත් අතර, පන්දු 42කදී හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමඟ අර්ධ ශතකය පෙනී පෙනී තිබියදී ලකුණු 49කට දෙව්මි විහංගා දැවී ගියාය. 

ජයග්‍රහණය හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අතුරින් ලකුණු 31ක් ලබාගත් රෙබායා ඛාන්, යසන්ති නිමන්තිකාගේ පන්දුවකට සුමුදු නිසංසලා  ස්ටම්ප් කිරීමකින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව තරගයේ වැඩි වාසි උදාකර ගත්තේය. දෙව්මි විහංගා කඩුලු 3ක්, රිස්මි සන්ජනා හා  යසන්ති නිමන්තිකා කඩුලු 2ක බැගින් බිදහෙලා දස්කම් දැක්වූහ.

මෙම තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකාරිණිය බවට තරග 4කදී ලකුණු 198ක් ලැබූ ශ්‍රී ලංකාවේ නෙත්මි සේනාරත්න හා වැඩිම කඩුලු බිදහෙලූ පන්දු යවන්නිය බවට කඩුලු 7ක් බිදහෙලූ බංග්ලාදේශ පිලේ රෙබායා ඛාන් පත්වූහ.

මොරටුව වේල්ස් කුමරි විදුහලේ ක්‍රීඩිකා මනුදි නානායක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා යොවුන් පිලේ උප නායිකාව ලෙස මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි කටයුතු කළහ.

තුන්කොන් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය මෙසේය:- මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව), විශ්මි ගුණරත්න, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, රිස්මි සංජනා, සංජනා කාවින්දි, විශ්මි සවින්දි, අශානි කෞෂල්‍යා, විමෝක්ෂ බාලසූරිය, යසන්ති නිමන්තිකා, දහමි සනෙත්මා, ශෂිනි ගිම්හානි, නෙත්මි සේනාරත්න සහ දෙව්මි විහඟා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee