ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) විස්සයි 20 තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පිල විසින් ගාල්ල ලකුණු 6කින් පරදා මෙම තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය සටහන් කළේය.
මෙම තරගාවලියේ මහනුවර කාන්තා පිල සහභාගීවූ පළමු තරගයේදී කොළඹ පිල පරාජයට පත් කිරීමට සමත් විය. එහෙත් අද දින කොළඹ කාන්තා පිල දඹුල්ල පිල කඩුලු 6කින් පරාජය කිරීමට සමත් වූවේය.
කොළඹ කෝල්ට්සි පිටියේ මෙම තරග දෙකම පැවැති අතර, මහනුවර – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් මහනුවර ක්‍රීඩිකාවෝ කඩුලු 9කට ලකුණු 114ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 108කට දැවී ගියහ.
නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ කවීෂා දිල්හාරී මහනුවර පිල වෙනුවෙන් පන්දු 43කදී හතරේ පහර 9ක් සමග ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වූවාය. ඇය පසුගියදා නිමාවට පත්වූ දඹුල්ල සමඟ තරගයේදී පන්දු 58කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 68ක් ලබා ගැනීමට ද සමත් වූවාය.
මහනුවර පළාත් කාන්තා පිල කඩුලු 9කට ලකුණු 114 (ඕවර් 20)
විහාරා සෙව්වන්දි 11, කවීෂා දිල්හාරී 58, රශ්මි නේත්‍රාංජලී 21, (ඔෂධී රණසිංහ 18/4, තාරුකා සෙහානි 18/2)
ගාල්ල පළාත් කාන්තා පිල කඩුලු 9කට ලකුණු 108 (ඕවර් 20)
දෙව්මි විජේරත්න 22, නිලක්ෂි ද සිල්වා 23, කාව්‍යා කාවින්දි 11, අතිරේක 13 (අචිනි කුලසූරිය 16/2, කවීෂා දිල්හාරි 30/2, රශ්මි සිල්වා 7/2)
කොළඹ – දඹුල්ල
කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදීමට දඹුල්ල පිලට ආරාධනා කළ අතර, එහිදී කඩුලු 7කට ලකුණු 121ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලබා ජය තහවුරු කළහ.
කොළඹ පළාත් පිලේ නායිකා හසිනි පෙරේරා පන්දු 44කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 53ක් ලබා තම පිල ජය මාවතට රැගෙන ගියාය.
දඹුල්ල පළාත් කාන්තා පිල කඩුලු 7කට ලකුණු 121 (ඕවර් 20)
හර්ෂිතා සමරවික්‍රම 17, මල්කි මදාරා 14, කෞෂණී නුත්‍යාංගනා 37, මල්ෂා ෂෙහානි නොදැවී 27, අතිරේක 10 (ඉනෝෂි ප්‍රනාන්දු 28/2, තරුෂි තත්සරණි 21/2)
කොළඹ පළාත් කාන්තා පිල කඩුලු 4කට ලකුණු 124 (ඕවර් 19.3)
නෙත්මි පූර්ණා 20, ප්‍රසාදිනී වීරක්කොඩි 15, හසිනි පෙරේරා 53, පියුමි වත්සලා 22 ( මල්ෂා ෂෙහානී 14/2, චමරි ලක්ෂාණී 13/2 )