slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2024
මීළඟ විස්සයි 20 ලෝක කුසලානයට අප යන්නේ හොඳම සූදානමකින් – වනිඳු හසරංග කියයි

Sri Lanka Cricket

මේ වන විට අප ක්‍රීඩා කරන්නේ උසස් මට්ටමේ තණතිලිවලයි. මේ තණතිලිවල දස්කම් දක්වා තව මාස කිහිපයකින් එළැඹෙන මීළඟ ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙර පුහුණුවක් ලබා එහි යාමට අපේක්ෂා කරන බව ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක වනිඳු හසරංග අද (16) ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි 20 තරගාවලිය පිළිබඳව රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්තානය සමඟ සෙනසුරාදා (17) ඇරැඹෙන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියත් ඉන්පසු පැවැත්වෙන බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියත් සමඟ ලෝක කුසලානයට පෙර තරග හයක් පමණක් ඉතිරිව ඇතැයි පවසන වනිඳු හසරංග මේ තරග සියල්ලේම සහ වෙනත් පුහුණු කටයුතුවලින් උපරිම පුහුණුවක් ලබා ලෝක කුසලානයට හොඳින් මුහුණදීමට අපේක්ෂා කරන බව ද පවසයි.

ඇෆ්ගනිස්තානය සමඟ සෙනසුරාදා (17) ඇරැඹෙන විස්සයි 20 තරගාවලිය පිළිබඳව අදහස් දැක් වූ වනිඳු හසරංග පිතකරුවන් හත්දෙනකුගෙන් සහ පන්දු යවන්නන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් සමන්විතව ප්‍රථම තරගයට මුහුණදීමට අපේක්ෂා කරන බවත් එම ක්‍රීඩකයන් අතර දක්ෂම තුන් ඉරියව් ක්‍රීඩකයන් 3 – 4ක් පමණ අයත් වන බවත් කීවේය.

පන්දු යවන්නන්ට තරග ජයග්‍රහණය කර දිය හැකි බව ඕනෑ තරම් නිදසුන් මඟින් පෙන්වා දිය හැකියි. ඒ වගේම පන්දු රැකීමත් ඉතාමත් වැදගත්. ඔවුන්ටත් තරග ජයග්‍රහණය කර දිය හැකි දඹුල්ල ක්‍රීඩාලෝලීන්ගේ සහය අපට උපරිම අයුරින් කවදත් ලැබී තිබෙන හෙයින් මේ සියල්ලන්ගේම සහය ඇතිව තරගාවලියේදී දස්කම් දැක්වීමට අපේක්ෂා කරන්නේ යැයි ද ශ්‍රී ලංකා විස්සයි 20 නායකයා ප්‍රකාශ කළේය.

“ඉනිම මැදදී මගේ පන්දුවාර හතරම යවා නිම කිරීමට මා බලාපොරොත්තු වනවා. මහීෂ් තීක්ෂණත් අපට හොඳ සහයක් ලබා දේවි. දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව සිටීම අපට පාඩුවක්. එහෙත් බිනුර ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ යන වේගපන්දු යවන්නන් සිව්දෙනකුම සංචිතයේ සිටින හෙයින් වේගපන්දු යැවීම අපට හොඳන් සකස් කර ගත හැකියි.“

“දක්ෂ ජ්‍යෙෂ්ඨ සහ තරුණ පිතිකරුවන් ගණනාවක්ම කණ්ඩායමට ඇතුළත්ව සිටින හෙයින් ලකුණු කරා යාම අපට අපහසු කරුණක් නොවේවි. මා පෙර කී පරිදි පන්දු යැවීමත් පන්දු රැකීමත් කණ්ඩායමකට ජයග්‍රහණ ගෙන එන හෙයින් එම අංශවලදී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට අප අපේක්ෂා කරනවා.“

ඇෆ්ගනිස්තානය සමඟ අප මෙහිදී ටෙස්ට් සහ එක්දින තරගාවලියන් ජය ලබා සිටිනවා. විස්සයි 20 තරග ඊට වෙනස් ස්වරූපයක් ගත්තත් ක්‍රීඩාලෝලීනගේ සහයත් ඇතිව හොඳින්ම දස්කම් පෑමට අපේක්ෂා කරන බව ද වනිඳු හසරංග ද සිල්වා පැවසීය.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee