slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2024
විස්සයි 20 ජාතික ශූරතාව සමඟ රු. ලක්ෂ 7.5ක් කොළඹ ක්‍රීඩිකාවෝ දිනා ගනිති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) විස්සයි 20 තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් 750000කද මුදල කොළඹ පිල දිනා ගත්තේය.

මෙයට පෙර පැවැති ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් දඹුල්ල පළාත් පිල මෙම නිස්සයි 20 තරගාවලියේ අනු ශූරියන්වීම විශේෂත්වයකි. අනුශූරියන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීය.

කොළඹ කෝල්ට්සි පිටියේ පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් දඹුල්ල ක්‍රීඩිකාවෝ සියලු දෙනා දැවී ලකුණු 82ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩිකාවෝ කඩුල්ලක් දැවී ලකුණු 85ක් ලබා කඩුලු 9ක ජය තහවුරු කර ගත්හ.

ජයග්‍රාහී කොළඹ පිලේ ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 47කදී හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 39ක් ලැබූ අතර, නායිකා හසිනි පෙරේරා පන්දු 27කදී හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 21ක් ලබා ගත්තාය.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙස තරග 3කදී ලකුණු 103ක් වාර්තා කළ දඹුල්ල  පිලේ හර්ෂිතා සමරවික්‍රමට රුපියල් 75000ක මුදල් ත්‍යාගය හා සම්මානය, දක්ෂතම පන්දු යවන්නිය ලෙස තරග 3කදී කඩුලු 7ක් බිදහෙලූ දඹුල්ල පිලේ මල්ෂා සෙහානිට රුපියල් 75000ක මුදල් ත්‍යාගය හා සම්මානය, අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි රුපියල් 50000ක මුදල හා සම්මානය කොළඹ පිලේ ප්‍රසාදිනී වීරක්කොඩිට පිරිනැමූහ. මෙවර තරග 3කදී ලකුණු 178ක් රැස්කරමින් හා කඩුලු 5ක් බිදහෙලමින් දක්ෂතා දක්වා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි රුපියල් ලක්ෂයක ත්‍යාගය හා සම්මානය කවීෂා දිල්හාරී දිනා ගත්හ.

මෙම තිළිණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන ප්‍රධානී ටිම් මැක්ස්කිල්, තරග කමිටු සාමාජික දීපාල් මදුරප්පෙරුම හා ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චිංතක එදිරිමාන්න යන මහත්වරු එක්ව සිටියහ.

දඹුල්ල පළාත් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 82 (ඕවර් 18.3)

ඉමල්කා මෙන්ඩිස් 10, සඳලි වීරසිංහ 25, සත්‍යා සංදීපනී 14, කෞෂණී නුත්‍යාංගනා 12,  අතිරේක 10 (ඉනෝෂි ප්‍රනාන්දු 13/1, තාරිකා සෙව්වන්දි 29/1, විදූෂිකා පෙරේරා 11/2,  තරුෂි තත්සරණි 18/2, සචිකි කිසංසලා 10/2)

කොළඹ පළාත් කාන්තා පිල කඩුලු 1කට ලකුණු 85 (ඕවර් 16.5)

නෙත්මි පූර්ණා 20, ප්‍රසාදිනී වීරක්කොඩි නොදැවී 39, හසිනි පෙරේරා නොදැවී 21 (චමරි ලක්ෂාණී 19/1 )

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee