slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2024
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ජුලි 1දා සිට

Sri Lanka Cricket

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය (LPL) මෙම වසරේ ජුලි මස 1 වැනිදා සිට 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර ලෙස ක්‍රියාත්මකවන තරගාවලියට සුපුරුදු පරිදි කළම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගාල්ල ටයිටෑන්ස්, ජැෆ්නා කිංග්ස් හා බී ලව් කැන්ඩි යන කණ්ඩායම් පහ සහභාගී වේ. තරගාවලියට මූලික වටයේ තරග 20ක් සහ අවසන් වටයේ තරග 4ක් ඇතුලත් වේ. ඒ අනුව ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සමස්ත තරග ගණන 24කි. තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමකට සහභාගී කර ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 6ක් වන අතර, අවම වශයෙන් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20ක් හෝ උපරිම ක්‍රීඩකයින් 24කින් සමන්විත විය හැක.

ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම පසුගිය වසර දක්වා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය හරහා සිදුවූ අතර, පසුගිය වසරේ සිට ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුවූ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩක තෝරා ගැනීමක් සිදු කරන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙසින් ඉතිහාසයට එක්විය.

තරගාවලියේ වත්මන් ශූරයින් ලෙස බී – ලව් කැන්ඩි කණ්ඩායම සිටින අතර, එයට පෙර අවස්ථා 3කදීම පිට පිට ශූරතාව ජැෆ්නා කිංග්ස් පිල දිනා ගත්තේය.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar