slc
logo
Home   |    News
මාර්තු 30, 2024
එන්එස්එල් හත්වැනි තරගයේදී කොළඹ පළමු ජය ලබයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ හත්වැනි තරගයේදී සිය පළමු පූර්ණ ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් පිල සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද දින (30) නිමාවට පත් වූ කොළඹ හා මහනුවර අතර තරගයෙන් ඉනිමක හා ලකුණු 21ක ජයක් ලබා ගැනීමට කොළඹ පිල සමත් වූ අතර, කොළඹ පිල වෙනුවෙන් දසුන් ශානක හා නිසල තාරක ශතක වාර්තා කළහ. කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල මුලින් පන්දුවට පහරදීමට කොළඹ පිලට ආරාධනා කළ හෙයින් ඔවූහූ පළමු ඉනිමේ ලකුණු 500ක් වාර්තා කොට අභියෝගය එල්ල කළහ. මහනුවර ක්‍රිඩකයෝ පළමු ඉනිමේදී ලකුණු 199කට හා දෙවැනි ඉනිමේදී ලකුණු 280කට දැවී ගියහ.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 500 (ඕවර් 127.2)

නිපුන් ධනංජය 31,  ප්‍රියමාල් පොරේරා 27, දසුන් ශානක 110, හිමාෂ ලියනගේ 46, දුනිත් වෙල්ලාලගේ 37, නිසල තාරක 107, තරිඳු රත්නායක 83, අතිරේක 34 (සිතුම් දිසානායක 95/3, නිම්සර අතරගල්ල 85/2, වනුජ සහන් 104/3)

මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 199 (ඕවර් 54.3) 

අහන් වික්‍රමසිංහ 78, චාමික කරුණාරත්න 25, වනුජ සහන් 38, අතිරේක 20 (නුවනිඳු ප්‍රනාන්දු 58/4, නිසල තාරක 18/2, දුනිත් වෙල්ලාලගේ 30/2)

මහනුවර දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 280 (ඕවර් 66.2) 

සහන් කෝසල 53, කමීල් මිෂාර 34, නිරෝෂන් දික්වැල්ල 104, සහන් ආරච්චිගේ 27, චාමික කරුණාරත්න 22, අතිරේක 6 ( නිසල තාරක 21/3, ඉසිත විජේසුන්දර 57/3, දසුන් ශානක 27/3)

ගාල්ල – දඹුල්ල 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල හා දඹුල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ගාල්ල පිල පළමු ඉනිමට ලකුණු 425ක් ලබාගත් අතර, දඹුල්ල පිල ලකුණු 280කට දැවී ගියේය. ඊයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 143ක් ලබා සිටියේය. හෙට (31) මෙම තරගයේ අවසන් දිනයයි.

ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 425 ( ඕවර් 131.3) 

සංගීත් කුරේ 18, ඔෂධ ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විශාද් රන්දික නොදැවී 170, නිමේෂ් විමුක්ති 52, මිලාන් රත්නායක 26, අතිරේක 24 (දිල්ෂාන් අබේසිංහ 38/2, දුෂාන් හේමන්ත 103/3, සොනාල් දිනූෂ 81/2) 

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 280 (ඕවර් 88.4)

ලසිත් කෘස්පුල්ලේ 51, සොනාල් දිනූෂ 66, චමිඳු විජේසිංහ 59, දුෂාන් හේමන්ත 53, අතිරේක 14 (මිලාන් රත්නායක 51/4, උදිත් මධුෂාන් 42/3)

ගාල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 143 (ඕවර් 37) 

සංගීත් කුරේ 27,ෂෙහාන් ප්‍රනාන්දු 39, සුමින්ද ලක්ෂාන් නොදැවී 36, විශාද් රන්දික නොදැවී 15, අතිරේක 7 (සොනාල් දිනූෂ ) 

 

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

USD United States (US) dollar