slc
logo
Home   |    News
මාර්තු 25, 2024
මහනුවරට නැෂනල් සුපර් ලීග් දෙවැනි පූර්ණ ජය

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (24) නිමාවට පත් වූ යාපනය හා මහනුවර අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට මහනුවර පිල සමත් වූ අතර, අහන් වික්‍රමසිංහ ලකුණු 149ක් ගෙන ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. එමෙන්ම මහනුවර පිල වෙනුවෙන් චාමික කරුණාරත්න ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස්කළ අතර, සහන් ආරච්චිගේ අර්ධ ශතකයක් ලැබීය. කාසියේ වාසිය දිනාගත් යාපනය පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 261 (ඕවර් 69)
සඳුන් වීරක්කොඩි 33, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 26, සන්තුෂ් ගුණතිලක 29, ජනිත් ලියනගේ 83, රවිඳු ප්‍රනාන්දු 19, අතිරේක 17 ( නිම්සර අතරගල්ල 40/3, වනුජ සහන් 40/3)

මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 369 (ඕවර් 88.4)
කමිල් මිෂාර 38, නිරෝෂන් දික්වැල්ල 26, අහන් වික්‍රමසිංහ 149, චාමික කරුණාරත්න 71, වනුජ සහන් 20, අශේන් ඩැනියෙල් 19, අතිරේක 33 (ළහිරු මධුසංඛ 61/4, රවිඳු ප්‍රනාන්දු 73/2)

යාපනය පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 291 (ඕවර් 96.1)
හසිත බෝයගොඩ 26, නිපුන් කරුණානායක 94, සන්තුෂ් ගුණතිලක 19, ළහිරු මධුසංඛ 20, රවිඳු ප්‍රනාන්දු 58, නිපුන් මාලිංග නොදැවී 20, අතිරේක 18 ( අශේන් ඩැනියෙල් 44/3, වනුජ සහන් 59/3)

මහනුවර දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 185 (ඕවර් 35.3)
සහන් ආරච්චිගේ නොදැවී 50, අහන් වික්‍රමසිංහ 47, චාමික කරුණාරත්න නොදැවී 51, අතිරේක 9 (ළහිරු මධුසංඛ 38/3, )

දඹුල්ල – කොළඹ ජය පරාජ නෑ

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල – කොළඹ අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රීඩකයෝ මුලින් පන්දුවට පහරදීම උදෙසා දඹුල්ල පිලට ආරාධනා කළේය. අවසන් දිනයේ කොළඹ පිලට ජයග්‍රහණය පිණිස ලකුණු 330ක ඉලක්කයක් එල්ල වුවුද, තරගය නතර කරනවිට කඩුලු 4කට ලකුණු 159ක් ලබා සිටියේය.

දඹුල්ල පිලේ චමිඳු විජේසිංහ, මිනෝද් භානුක, නවීන් ප්‍රනාන්දු හා කොළඹ පිලේ ක්‍රිෂාන් සංජුල අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 240 (ඕවර් 66.5)
ලසිත් කෘස්පුල්ලේ 43, සනෝජ් දර්ශික 23, පවන් රත්නායක 35, චමිඳු විජේසිංහ 51, නවීන් ප්‍රනාන්දු 25 ( නිසල තාරක 77/4, ලසිත් විජේසුන්දර 44/3, දසුන් ශානක 35/2)

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 210 (ඕවර් 53.2)
ක්‍රිෂාන් සංජුල 49, නිපුන් ධනංජය 16, නුවනිඳු ප්‍රනාන්දු 17, ප්‍රියමාල් පොරේරා 19, දසුන් ශානක 42, දුනිත් වෙල්ලාලගේ 33, අතිරේක 14 (මොහොමඩ් සිරාස් 65/3, නවීන් ප්‍රනාන්දු 38/2, මොවින් අභිනාෂ් 15/2)

දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 299 (ඕවර් 93.2)
මිනෝද් භානුක 83, සනෝජ් දර්ශික 21, පවන් රත්නායක 16, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 28, නවීන් ප්‍රනාන්දු නොදැවී 51, අතිරේක 20 ( නිසල තාරක 48/3, නුවනිඳු ප්‍රනාන්දු 54/3)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 159 (ඕවර් 31)
ක්‍රිෂාන් සංජුල 58, හේෂාන් ධනුෂ්ක 27, නිපුන් ධනංජය 25, පැතුම් කුමාර 17, දසුන් ශානක නොදැවී 26

 

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee