slc
logo
Home   |    News
මාර්තු 4, 2024
ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 තරග සඳුදා සිට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ මෙවර බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ ප්‍රථම තරගය සඳුදා (04) සවස 5.30ට බංග්ලාදේශයේ සිල්හට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.

මේ කණ්ඩායම් දෙකේම පසුගිය මාස කිහිපයේදී සාර්ථකත්වයට මුල් වූ නිත්‍ය නායකයන් දෙදෙනාම සඳුදා තරගයට සහභාගි නොවෙති. ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව පැන වූ විස්සයි 20 තරග දෙකක තහනම මත මේ තරගාවලියේ ප්‍රථම හා දෙවන තරගයට ක්‍රීඩා නොකරයි. බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් ඇසක ආබාධය මත ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 එක්දින සහ ටෙස්ට් තරගාවලි තුනටම සහභාගි නොවේ.

වනිඳු හසරංග පසුගිය දිනවල ශ්‍රී ලංකාව සහභාගි වූ විස්සයි 20 සහ එක්දින තරගාවලියන් කිහිපයේදීම කැපී පෙනුණු අතර ඇෆ්ගනිස්තානය සමඟ අවසාන වරට පැවැති විස්සයි 20 තරගාවලියේදී ද ලකුණු 103ක් සහ කඩුලු හතරක් දවාලමින් සිය තුන් ඉරියව් දක්ෂතා සනාථ කළේය. පිතිකරුවකු ලෙස ඔහු මේ වන විට පෙන්වන ප්‍රහාරාත්මක විශිෂ්ට දක්ෂතාවයන් ජාත්‍යන්තර විචාරකයන්ගේ ද පැසසුමට ලක්ව තිබේ. වනිඳු තෙවන විස්සයි 20 තරගයේ සිට නැවත ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

බංග්ලාදේශය විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවේදී වසර ගණනාවක්ම දක්ෂතා අතර නොසිටියත් පසුගිය වසර දෙකේදී ඔවුන් සීඝ්‍ර දියුණුවක් ලබා ඇති සෙයක් පෙන්නුම් කරයි. පසුගිය දෙසැම්බරයේ නවසීලන්තයේදී ඔවුන් ප්‍රබල නවසීලන්තය සමඟ තරගාවලිය සම කළ අතර ඉන්පසුව සිය මව්බිමේදී ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය සහ එංගලන්ත කණ්ඩායම් පරාජයට පත් කළේය. එම සාර්ථකත්වයන්ට මුල් වූ නායක ෂකිබ් අල් හසන් ශ්‍රී ලංකාව සමඟ තරගාවලි තුනටම එක් නොවීම ඔවුනගේ ප්‍රධාන කණස්සල්ලයි.

සඳුදා (04) සිල්හට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන ප්‍රථම විස්සයි 20 තරගයට චරිත් අසලංක ද සිල්වා (ශ්‍රී ලංකාව) සහ නජිමුල් හොසේන් ෂැන්ටෝ (බංග්ලාදේශය) නායකත්වය දෙති.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ දක්වා විස්සයි 20 තරග 11කට සහභාගි වී ශ්‍රී ලංකාව තරග හතක් ද බංග්ලාදේශය තරග හතරක් ද ජයගෙන සිටී.

කණ්ඩායම් දෙක අතර ප්‍රථම තරගය 2007 සැප්තැම්බර් 17 වැනිදා දකුණු අප්‍රිකාවේ වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ පැවැති අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව පහසු ජයක් අත්කර ගත්තේ ලකුණු 64කිනි. අවසාන වරට කණ්ඩායම් දෙක 2022 සැප්තැම්බර් 22 වැනිදා මුණ ගැසුණු අතර ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේ කඩුලු දෙකකිනි. (බංග්ලාදේශය 183/7යි ශ්‍රී ලංකාව 184/8යි) ඊට පෙර තරගය 2021 ඔක්තෝබර් 04 වැනිදා පැවැති අතර එම තරගය ද ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු පහකිනි. (බංග්ලාදේශය කඩුලු 4ට 171යි, ශ්‍රී ලංකාව කඩුලු 5ට 172යි).

සඳුදා තරගයට ලංකා විස්සයි 20 කණ්ඩායමේ සේවයට නායක වනිඳු හසරංගගේ සහ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සේවය අහිමි වීම කණ්ඩායමට දැනෙන පාඩුවකි. මොවුන් වෙනුවෙන් නම් කර සිටින ජෙෆ්රි වැන්ඩසේ සහ අවිශ්ක ප්‍රනාන්දු දක්වන දායකත්වය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

ලංකා කණ්ඩායමේ 36 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන 20 හැවිරිදි තරුණ ක්‍රීඩක මතීෂ පතිරණ කෙරෙහි බංග්ලාදේශ කණ්ඩායමේ විශේෂ අවධානය මේ වන විට යොමුව ඇත්තේ මේ ක්‍රීඩකයනට තරගයක ස්වභාවය වෙනස් කිරීමට ඇති හැකියාවන් මතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනගේ පන්දුවට පහරදීම පන්දු යැවීම සහ පන්දු රැකීම සීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවතීම සතුටට කරුණක් බවත් පන්දු රැකීමේ විශේෂ දියුණුවක් ලබා තිබීම පිළිබඳව තමා ප්‍රීත වන බවත්ය.

තරුණ වේග පන්දු යවන්නන්ට අමතරව මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ මේ තරගාවලියේදී බංග්ලාදේශ පිතිකරුවනට මහත් අභියෝගයක් වනු ඇතැයි අපේක්ෂා කැරේ.

ක්‍රීඩකයන් 17කින් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය

වනිඳු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee