slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2024
අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් සිකුරාදා ගාල්ලේදී ඇරැඹේ

Sri Lanka Cricket

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා – එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ.

මෙහි ප්‍රථම තරගය සිකුරාදා (05) උදෑසන 10ට ආරම්භ වනුයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙනි. මෙහි දෙවැනි එක්දින තරගය 07 වැනිදා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරත් තෙවැනි එක්දින තරගය 09 වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

මේ කණ්ඩායම් තුන අතර විස්සයි 20 තරගාවලිය පසුගියදා හම්බන්තොට සූරියවැවදී පැවැත්විණි. ගාල්ලේ පැවැත්වෙන එක්දින තරගාවලිය එක්දින තරග සජීවී විකාශනය රූපවාහිනී අයි චැනලය ඔස්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යු ටියුබ් ඔස්සේ විකාශනය කෙරේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee