slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2024
දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් සිල්වා ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

එය ඔහුගේ පළමු ශතකය වන අතර, මෙවර නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ වාර්තා වූ 30 වැනි ශතකය විය. කොළඹ තර්ස්ටන් මහා විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීරණ වූ 22 හැවිරිදි රනේෂ් පන්දු 176කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් වාර්තා කළේය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වූ දඹුල්ල හා යාපනය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පළමු දිනය නිමා වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබා ගත්තේය. සනෝජ් දර්ශික පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබාගත් අතර, රනේෂ් හා සනෝජ් අතර 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 179ක් විය.

දඹුල්ල පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 263 (ඕවර 83.1)
රිසිර වීරසූරිය 15, සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ 37, අතිරේක 28 (දිලුම් සුධීර 72/5, ජනිත් ලියනගේ 37/1, කල්හාර සේනාරත්න 31/1)

කොළඹ – ගාල්ල

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදුන් අතර, පළමු දිනය නිමාවෙද්දී සියලු දෙනා ලකුණු 296කට දැවී ගියේය. දිමුත් කරුණාරත්න පන්දු 145කදී හතරේ පහර 14ක් සමඟ ලකුණු 89ක් ලබා ගත්තේය.

කොළඹ පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (ඕවර් 78.3)
දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 1කට ලකුණු 3 (ඕවර් 1)
(ලසිත් විජේසුන්දර 0/1)

 

 

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee