slc
logo
Home   |    News
අප්‍රේල් 4, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් තෙවැනි විස්සයි 20 තරගය සහ තරගාවලියම ජය ගනී

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවී තෙවැනි විස්සයි 20 තරගයේ දෙවැනි කඩුල්ලට පන්දු 69කදී රැස් කළ ලකුණු 97ක වේගවත් සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් අත් වූ අතරම තරගාවලියේ ජයග්‍රහණය ද හිමි වූයේ 2 – 1ක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ඇරියුමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හයකට රැස් කළ ලකුණු 155 හඹායාමේදී දෙවැනි විස්සයි 20 තරගයේ අර්ධ ශතකයක් (ලකුණු 65ක්) ලබා දක්ෂම ක්‍රීඩිකාව වූ විශ්මි ගුණරත්න මුළු ලකුණු පහේදී ලකුණකට දැවී ගියාය. මේ අවස්ථාවේ ආක්‍රමණශිලී පිතිහරඹයක් ඇරැඹු නායිකාව චමරි අතපත්තු පන්දු 46කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 73ක් ද හර්ෂිතා මාධවී සමරවික්‍රම පන්දු 43කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 54ක් ද රැස් කරමින් දෙවන කඩුල්ලේ 97ක සබඳතාවයෙන් ශ්‍රී ලංකාව ජය මාවතට යොමු විණි.

පසුව හෂිනි පෙරේරා (ලකුණු 10යි පන්දු 12යි හතරේ දෙකයි) සහ නිලක්ෂිකා ද සිල්වා (ලකුණු 12යි පන්දු හයයි හතරේ තුනයි) සිව්වන සහ පස්වන කඩුලුවල සබඳතාවයන්ට දායක වෙමින් ලංකා කාන්තා ජයග්‍රහණය ස්ථිර කළහ.

තෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දකුණු අප්‍රිකා නායිකාව ලෝරා වොල්වාඩ් ද තේරිණි.

කණ්ඩායම් දෙක අතර එක්දින තරගාවලිය අප්‍රේල් 9, 13 සහ 17 දිනවල පැවැත්වීමට නියමිතය. ඊට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අප්‍රේල් හය වැනිදා පුහුණු තරගයකට සහභාගි වනු ඇත.

දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති කාන්තා තෙවැනි විස්සයි 20 තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය. දකුණු අප්‍රිකාවේ ප්‍රථම කඩුලු තුන ඕවර නවයක් වන විට ලකුණු 65කට දැවී ගියත් ආරම්භක පිතිකාරිණිය නායිකාව ලෝරා වොල්වාඩ්, නාඩින් ඩී ක්ලාක් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ආවේ පස්වන කඩුල්ලට පන්දු 35කදී ලකුණු 54ක් රැස් කරමිනි.

ලෝරා වොල්වාඩ් තම ඉනිමේදී පන්දු 47කදී හතරේ අටක් සමඟ ලකුණු 56ක් ද නාඩින් ඩී ක්ලාක් පන්දු 25කදී හතරේ හතරක් සහ හයේ තුනක් සමඟ ලකුණු 44ක් ද අන්නකි බොස්ඩ් පන්දු 21කදී හතරේ තුනක් හයේ පහරක් සමඟ ලකුණු 27ක් රැස් කළහ.

දකුණු අප්‍රිකා ඉනිමේ 19 වන ඕවරය යැවු උදේශිකා ප්‍රබෝධනීගේ ඕවරයෙන් දකුණු අප්‍රිකා පිතිකාරිණියන් හයේ හතරේ පහර සමඟින් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තත් අවසාන ඕවරය යැවු සුගන්ධිකා කුමාරි එම ඕවරයේ ප්‍රථම පන්දුවට නායිකාව ලෝරා වොල්වාඩ් (56) පස්වන පන්දුවේදී එලිස් මාරි මැක්ස් ද (04) දවාලමින් මුළු ඕවරයටම ලකුණු හතරක් පමණක් දී මුළු ලකුණු සංඛ්‍යාව 155කට සීමා කර ගැනීමට සමත් වූවාය.

සුගන්ධිකා කුමාරි තම ඕවර හතර තුළ ලකුණු 24කට කඩුලු තුනක් දවාලුවාය.

ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ඕවර 20කදී කඩුලු 6ට 155යි

(ලෝරා වොල්වාඩ් 56, නාඩින් ඩී ක්ලාක් 44, ඇනකි බොස්ච් 27, සුගන්ධිකා කුමාරි 24/3, ඉනෝෂි ප්‍රියදර්ශනී 18/1, කවීෂා දිල්හාරි 22/1යි)

 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20දී කඩුලු හයට 156යි

(චමරි අතපත්තු 73, හර්ෂිතා සමරවික්‍රම 54, නිලක්ෂිකා ද සිල්වා 12, හෂිනි පෙරේරා 10, මරිසෙන් කැප් 24/1, එලිස් මාක්ස් 27/1, නාඩින් ඩී ක්ලාක් 25/2යි)

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar