slc
logo
Home   |    News
අප්‍රේල් 16, 2024
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් ලැබීය.

අප්‍රේල් 09 වැනිදා ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම තරගය අයහපත් කාලගුණය මත තීරණයක් නොමැතිව අවසන් වූ අතර දෙවැනි තරගයෙන් ලත් ජයග්‍රහණයත් සමඟ මේ වන විට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම තරග 1 – 0කින් ඉදිරියෙන් පසු වේ. අවසාන හා තෙවන එක්දින තරගය අප්‍රේල් 17 වැනිදා පැවැත්වීමට නියමිතය.

කිම්බර්ලි නගරයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදී ඕවර 49.5කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ශ්‍රී ලංකාව ලැබු ලකුණු 229ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ඕවර 47.4කදී කඩුලු තුනකට ලකුණු 233ක් රැස් කරමින් මේ ජයග්‍රහණය ලැබීය.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලකුණු 230ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ඕවර 20ක් ගත වන විට ලකුණු 86කට ඔවුනගේ ප්‍රබල පිතිකාරිණියන් තිදෙනකුම දවාලීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද සිව්වන කඩුල්ලට නායිකාව ලෝරා වොල්වාට් නොදැවී ලකුණු 110ක් ද (පන්දු 141යි හතරේ හයයි) සහ මරිසේන් කැප් නොදැවී ලකුණු 80ක් ද (පන්දු 84යි හතරේ හතයි) පන්දු 166කදී නොදැවී ලකුණු 147ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

දකුණු අප්‍රිකා නායිකාව ලෝරා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කැරිණි. ඇය මේ සංචාරය පුරාම ලකුණු අතර පසු වූවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගයත් පරාජයට පත්වුවත් ඔවුන් ප්‍රථම පන්දුවේ සිටම තරග අවසානය තෙක්ම සටන්කාමී ලෙස තරගවැදීම පැසසිය යුතු වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගය සාර්ථක වීමට නම් චමරි අතපත්තු ඇතුළු ඉදිරිපෙළ පිතිකාරිණියන් දෙතුන් දෙනෙකු ඔවුනගේ පෞද්ගලික ලකුණු මීට වඩා වැඩි කර ගනිමින් මුළු ලකුණු සංඛ්‍යාව 275 – 300 ආසන්නයට ගෙන යා යුතුව තිබිණි. තරග ආරම්භයේදී කාසියේ වාසිය අහිමි වීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබු අවාසියකි.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පැවරීමය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.5කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 229ක සංඛ්‍යාවෙහි ඕවරයකට සාමාන්‍ය ලකුණු 4.6ක් විණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු නවයකට ලකුණු 229ක් වැනි ප්‍රමාණයකට යාමට අවස්ථාව උදා වූයේ කඩුලු තුනක සාර්ථක සබඳතාවයන් තුනක් මතය. එම සබඳතා තුන වූයේ දෙවන කඩුල්ලට චමරි අතපත්තු සහ හසිනි පෙරේරා රැස් කළ ලකුණු 48ත් සිව්වන කඩුල්ලට හංසිමා කරුණාරත්න සහ කවීෂා දිල්හාරි එක්කළ ලකුණු 61ක සබඳතාවයත් හත්වන කඩුල්ලට නිලක්ෂි ද සිල්වා සහ ඕෂදී රණසිංහ රැස් කළ ලකුණු 41ක සබඳතාවයත්ය.

දෙවන කඩුල්ලට නායිකාව චමරි අතපත්තු සහ හසිනි පෙරේරා ලකුණු 48ක සබඳතාවය තබා ගත්තේ පන්දු හැටක් තුළදීය. එහිදී වඩාත් ආක්‍රමණශීලි වූ චමරි අතපත්තු පන්දු 69කදී හතරේ හයක් සමඟ ලකුණු 51ක් රැස් කළ අතර එය චමරිගේ 16 වන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි. හසිනි පෙරේරා පන්දු 35කදී හතරේ දෙකක් සමඟ ලකුණු 15ක් ලැබුවාය.

සිව්වන කඩුල්ලට හංසිමා කරුණාරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 61ක් රැස් කළේ පන්දු 69ක් වැනි අඩු පන්දු ප්‍රමාණයකිනි. වඩාත් ප්‍රවේගකාරී පිතිකාරිණිය වූ කවීෂා දිල්හාරි පන්දු 41කදී හතරේ හතරක් සමඟ ලකුණු 42ක් ද හංසිමා කරුණාරත්න පන්දු 60කදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 33ක් ද රැස් කළහ.

හත්වන කඩුල්ලට නිලක්ෂි ද සිල්වා සහ ඕෂදී රණසිංහ ලකුණු 41ක සබඳතාවයක් තබා ගත්තේ පන්දු 51කට මුහුණදෙමිනි. මැදපෙළ පිතිකාරිණියක වන නිලක්ෂි ද සිල්වා අවසාන ඕවරය තෙක් කඩුල්ලේ රැඳී පන්දු 42කදී හතරේ තුනක් සමඟ ලකුණු 36ක් ලැබීය. තුන් ඉරියව්වේම දක්ෂතා දක්වන ඕෂදී රණසිංහ මෙදින ලකුණු 20ක් ලබා ගත්තේ පන්දු 27කට මුහුණ දී හතරේ පහර දෙකක් ද සමඟය.

අයබොන්ගා කාකා සහ නේඩින් ඩි ක්ලාක් කඩුලු තුනක බැගින් දවාලීමට සමත් වූහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 49.5කදී සියල්ල දැවී 229යි

(චමරි අතපත්තු 51, කවීෂා දිල්හාරි 42, නිලක්ෂි ද සිල්වා 36, හංසිමා කරුණාරත්න 33, ඕෂදී රණසිංහ 20, හසිනි පෙරේරා 15, අයබොන්ගා කාකා 28/3, නේඩින් ඩි ක්ලාක් 23/3)

 දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ඕවර 47.4කදී කඩුලු 3ට 233යි

(ලෝරා වොල්වාඩ් නොදැවී 110, මරිසේන් කැප් නොදැවී 80, සුනි ලුස් 21, අචිනි කුලසූරිය 35/1, ඕෂදී රණසිංහ 45/1, ඉනෝකා රණවීර 47/1යි)

 

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee