slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2024
දඹුල්ල පරාජය කළ මහනුවර ලකුණු සටහනේ දෙවැනි තැනට පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ නිමාවට පත්වූ- තරගයකදී දඹුල්ල පිල ලකුණු 140කින් පරාජයට පත් කළ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු සටහනේ දෙවැනි තැනට පත් වූහ.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල මුලින් පන්දුවට පහරදුන් අතර, ජයග්‍රහණය වෙනුවෙන් දඹුල්ල පිලට දෙවැනි ඉනිමේ ලකුණු 385ක ඉලක්කයක් එල්ල වුණි. එහෙත් දඹුල්ල ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 244කට දවා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. මහනුවර පිලේ වනුජ සහන් හා රොෂාන් ජයතිස්ස කඩුලු 4 බැගින් බිදහෙලා දඹුල්ල පිල අමාරුවේ දැමූහ. ජයග්‍රාහී මහනුවර පිල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ, රොෂාන් ජයතිස්ස, සිතාර ගිම්හාන හා රවීන් යසස් අර්ධ ශතක වාර්තා කළහ. දඹුල්ල පිල වෙනුවෙන් එකම අර්ධ ශතකය සනෝජ් දර්ශික වාර්තා කළේය.
මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 276 (ඕවර 72.4)
සිතාර ගිම්හාන 17, කමීල් මිෂාර 34, අහන් වික්‍රමසිංහ 64, වනුජ සහන් 31, රොෂාන් ජයතිස්ස 50, ලසිත් ඇඹුල්දෙනිය 16, නිම්සර අතරගල්ල 23, අතිරේක 16 (ලක්ෂාන් ගමගේ 19/3, මුර්වින් අබිනාෂ් 40/2, මොහොමඩ් ශිරාස් 49/2)

දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 207 (ඕවර 58.5)
මිනෝද් භානුක 17, රිසිර වීරසූරිය 42, ලක්ෂාන් ගමගේ 14, පවන් රත්නායක 39, සොනාල් දිනූෂ 33, දුෂාන් හේමන්ත නොදැවී 21, අතිරේක 17 (සිතුම් දිසානායක 43/3, නිම්සර අතරගල්ල 53/3, රොෂාන් ජයතිස්ස 36/2)

මහනුවර දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 315 (ඕවර 93)
සිතාර ගිම්හාන 58, සොහාන් කෝසල 22, කමීල් මිෂාර 46, රවීන් යසස් 83, අහන් වික්‍රමසිංහ 45, වනුජ සහන් 14, ලසිත් ඇඹුල්දෙනිය 16, අතිරේක 12 (මොහොමඩ් ශිරාස් 50/2, මුවින් අභිනාෂ් 90/2, සොනාල් දිනූෂ 50/4)

දඹුල්ල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 224 (ඕවර 69.2)
මිනෝද් භානුක 25, සනෝජ් දර්ශික 53, රිසිර වීරසූරිය 30, සොනාල් දිනූෂ 32, දුෂාන් හේමන්ත 29, නවීන් ප්‍රනාන්දු 35, අතිරේක 13 වනුජ සහන් 47/4, රොෂාන් ජයතිස්ස 64/4, ලසිත් ඇඹුල්දෙනිය 77/2)

ගාල්ල – යාපනය තරගය
ජය පරාජයෙන් තොරයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත් වූ ගාල්ල හා යාපනය අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. කාසියේ වාසිය දිනාගත් යාපනය පිල මුලින් පන්දුවට පහරදීමට ගාල්ලට ආරාධනා කළ අතර, එහිදී ගාල්ල පිල දැවැන්ත ලකුණු පුවරුවක් පළමු ඉනිමට නිර්මාණය කළේය. පසිඳු සූරියබණ්ඩාර පන්දු 346කදී හතරේ පහර 17ක් සමඟ ලකුණු 242ක් ලබාගත් අතර, ලක්ෂාන් එදිරිසිංහ පන්දු 207කදී හයේ පහරක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 122ක් ලබා ගැනීමට සමත් වූවේය.

කොළඹ රාජකීය විදුහලෙන් පිටියට පිවිසි පසිඳු ඊයේ රැස් කළේ දෙවැනි පළමු පෙළ ද්විත්ව ශතකය වන අතර, පසුගිය වසරේ පැවති මෙම සිව්දින තරගාවලියේ අවසන් පූර්ව තරගයකදී මහනුවර පිලට එරෙහිව ගාල්ල පිල නියෝජනය කරමින් ඔහු ලකුණු 214 රැස් කළේය.

ගාල්ල පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 711 (ඕවර 172)
සංගීත් කුරේ 49, පසිඳු සූරියබණ්ඩාර 242, ඔෂධ ප්‍රනාන්දු 22, ශෙහාන් ප්‍රනාන්දු 56, ලක්ෂාන් එදිරිසිංහ 122, විෂාද් රන්දික 66, ධනංජය ලක්ෂාන් 28, නිමේෂ් විමුක්ති 40, මිලාන් රත්නායක නොදැවී 26, අතිරේක 62 (ජනිත් ලියනගේ 86/2, කල්හාර සේනාරත්න 145/2)

යාපනය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 480 (ඕවර 134)
රොන් චන්ද්‍රගුප්ත 66, හසිත බොගොඩ 25, නිපුන් කරුණාරත්න නොදැවී 76, සඳුන් වීරක්කොඩි 14, ජනිත් ලියනගේ 62, ළහිරු මධුසංඛ 83, සන්තුෂ් ගුණතිලක 65, රවිඳු ප්‍රනාන්දු 48, නිපුන් මාලිංග 14, අතිරේක 23 ( සංගීත් කුරේ 71/4, සුමින්ද ලක්ෂාන් 103/4)

ගාල්ල දෙවැනි ඉනිම කඩුලු 1ක් දැවී ලකුණු 143 (ඕවර 32.1)
සංගීත් කුරේ 15, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 52, ඔෂධ ප්‍රනාන්දු 22 නොදැවි 51 (කල්හාර සේනාරත්න 35/1)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee