slc
logo
Home   |    News
මැයි 20, 2024
අන්තර් සමාජ විස්සයි-20 – අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් තීරණය වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දින පැවැත්වීමට නියමිත තිබූ තරග සියල්ල වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා ඇතහැර දැමීමට සිදුවිය. එම තත්ත්වය මත කාණ්ඩ 4 අතර තරග වටය යටතේ අර්ධ අවසන් පූර්ව වරම දිනාගත් කණ්ඩායම් කවුරුන්ද යන්න මේ වන විටත් තීරණය වී අවසන්ය.

ඒ අනුව ‘ඒ‘ කාණ්ඩය යටතේ එන්. සී. සී. සහ සී. සී. සී. කණ්ඩායම්ද, ‘බී‘ කාණ්ඩය යටතේ මුවර්ස් සහ බී.ආර්.සී. යන කණ්ඩායම්ද ‘සී‘ කාණ්ඩය යටතේ ටැමිල් යුනියන් සහ ඒස් කැප්ටල් ක ණ්ඩායමත් සහ ‘ඩී‘ කාණ්ඩයෙන් බ්ලූම්ෆීල්ඩ් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් බවට පත්වූහ.

එන්.සී.සී. කණ්ඩායම තරග 4 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජය ගනිද්දී එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර ගනිමින් එම කාණ්ඩයේ අපරාජිතව ඉදිරි තරග වටයට පිවිස සිටියි. දෙවැනි තැන පසුවන සී.සී.සී. පිල එක් තරගයක් පමණක් ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

සෙසු කාණ්ඩවල දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර බී කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය, සහ ඩී කාණ්ඩයේ ඉදිරියටපැමිණ සිටින බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමු වටය අවසානයේ අපරාජිතව සුදුසුකම් ලද සෙසු කණ්ඩායම් ද්විත්වය බවට පත්ව සිටියි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 21 වැනිදා කොළඹ එස්. එස්. සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇත.

එස්.එස්.සී. පිටියේදී

පළමු අර්ධ අවසන් පූර්ව තරගය: එන්.සී.සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය: බ්ලූම්ෆීල්ඩ් සහ සී.සී. සී. ක්‍රීඩා සමාජ අතර

එන්.සී.සී. පිටියේදී

තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය: මුවර්ස් සහ ඒස් කැපිටලන් ක්‍රීඩා සමාජ අතර

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය: ටැමිල් යුනියන් සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජ අතර

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee