slc
logo
Home   |    News
මැයි 20, 2024
අන්තර් සමාජ විස්සයි-20 – අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් තීරණය වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දින පැවැත්වීමට නියමිත තිබූ තරග සියල්ල වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා ඇතහැර දැමීමට සිදුවිය. එම තත්ත්වය මත කාණ්ඩ 4 අතර තරග වටය යටතේ අර්ධ අවසන් පූර්ව වරම දිනාගත් කණ්ඩායම් කවුරුන්ද යන්න මේ වන විටත් තීරණය වී අවසන්ය.

ඒ අනුව ‘ඒ‘ කාණ්ඩය යටතේ එන්. සී. සී. සහ සී. සී. සී. කණ්ඩායම්ද, ‘බී‘ කාණ්ඩය යටතේ මුවර්ස් සහ බී.ආර්.සී. යන කණ්ඩායම්ද ‘සී‘ කාණ්ඩය යටතේ ටැමිල් යුනියන් සහ ඒස් කැප්ටල් ක ණ්ඩායමත් සහ ‘ඩී‘ කාණ්ඩයෙන් බ්ලූම්ෆීල්ඩ් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් බවට පත්වූහ.

එන්.සී.සී. කණ්ඩායම තරග 4 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජය ගනිද්දී එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර ගනිමින් එම කාණ්ඩයේ අපරාජිතව ඉදිරි තරග වටයට පිවිස සිටියි. දෙවැනි තැන පසුවන සී.සී.සී. පිල එක් තරගයක් පමණක් ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

සෙසු කාණ්ඩවල දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර බී කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය, සහ ඩී කාණ්ඩයේ ඉදිරියටපැමිණ සිටින බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමු වටය අවසානයේ අපරාජිතව සුදුසුකම් ලද සෙසු කණ්ඩායම් ද්විත්වය බවට පත්ව සිටියි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 21 වැනිදා කොළඹ එස්. එස්. සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇත.

එස්.එස්.සී. පිටියේදී

පළමු අර්ධ අවසන් පූර්ව තරගය: එන්.සී.සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය: බ්ලූම්ෆීල්ඩ් සහ සී.සී. සී. ක්‍රීඩා සමාජ අතර

එන්.සී.සී. පිටියේදී

තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය: මුවර්ස් සහ ඒස් කැපිටලන් ක්‍රීඩා සමාජ අතර

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය: ටැමිල් යුනියන් සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජ අතර

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar