slc
logo
Home   |    News
මැයි 15, 2024
ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ

sinhala editor

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී  චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් එම තිළිණය චමරි  අතපත්තු වෙත ප්‍රදානය කරන ලදී. ක්‍රිකට් සභාපතිවරයා එම තිළිණය අතපත්තු වෙත පිරිනමන අවස්ථාවේදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සභාපති ගොඩ්ෆ්‍රි දාබරේරා මහතා ද සහභාගිව සිටියේය.

එම මහත්වරුන්ට අමතරව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු,  ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරු ද මෙම අවස්ථාව ට සහභාගිව සිටියහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee