slc
logo
Home   |    News
මැයි 29, 2024
පාසල් 105 ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 843 ක ක්‍රිකට් උපකරණ

sinhala editor

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීමේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහනෙහි 2024 වසරේ පළමු අදියර මැයි මස 28 වැනිදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 843 කට (රු. මිලියන 84.3 ක්) අධික වටිනාකමකින් යුතු ක්‍රීඩා උපකරණ කට්ටල පාසල් 105 කට බෙදාදීම මෙදින සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුද ඇතුළු පිරිසක් සහභාගිවූහ.

කඩුවෙල සහ කෝට්ටේ යන ආසන හැරුණු කොට කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 45 ක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ සහ කණිෂ්ඨ අංශයේ ක්‍රිකට් උපකරණ ඇතුළත් බෑගය බැගින්ද, පාසල් 22 කට කනිෂ්ඨ අංශයේ උපකරණ ඇතුළත් බෑගය බැගින්ද මෙදිනදී බෙදාදීම සිදුකරන ලදී.

මීට අමතරව ශ්‍රී ලංකාව පුරා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් ද ඇතුළත් තණතීරු සහිත ක්‍රීඩාංගණ හිමි පාසල් වෙනුවෙන් ‘ටර්ෆ් කටර්‘ යන්ත්‍ර 38 ක්ද ලබාදීමද මීට සමගාමීව සිදුකෙරිණ. බෙදා දෙන ලද උපකරණ බෑගයට, ක්‍රිකට් පිති – ‍ ජ්‍යෙෂ්ඨ අංශයට 2 ක්, කණිෂ්ඨ අංශයට 3 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 3 ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක්ද ඇතුළත් විය.

මෙම වැඩසටහන යටතේ  ශ්‍රී ලංකාව පුරාම විසිරී ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් සඳහාද උපකරණ බෙදාදීම ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා උපකරණ බෙදාදීමට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙනයෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ලද මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ලබාදීමට කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
    ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. […]
  • මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති
    කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා […]
  • අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
    පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත […]
  • ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
    පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම […]
  • දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
    මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee