slc
logo
Home   |    News
මැයි 17, 2024
පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විිධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා නුදුරු දිනයේදීම එම වීසා බලපත්‍රය ලැබෙනු ඇති බව විශ්වාස කරන බව සඳහන් කර සිටියේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකෙරෙන ආකාරය පිළිබඳව අද (17 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කර සිටියේය. මාධ්‍ය විසින් සිදුකරන ලද විමසීමේදී ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ, එම තානාපති කාර්යාලයේ පිරිස, කුසල් මෙන්ඩිස් සමග මේ පිළිබඳව සම්බන්ධ වෙමින් වීසා බලපත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවද සඳහන් කර සිටියේය.

“කුසල්ගේ වීසා එක ප්‍රතික්ෂේ කරලා නෑ. එම්බසි එකේ වීසා බලධාරීන් කුසල් එක්ක සම්බන්ධවෙලා සිටිනවා. එයාගෙන් තව තොරතුරුවලට අදාළ ලියකියවිලි වගයක් ඉල්ලලා තියෙනවා. ඒ ලියකියවිලි ටික ඔවුන්ට භාර දුන්නට පස්සේ මං හිතන්නේ කුසල්ට වීසා එක ලබා දෙයි“ යැයි ඈෂ්ලී ද සිල්වා මහතා සදහන් කර සිටියේය.

“ඇත්තෙන්ම අයි.සි.සී. ය වීසා ලබා දීම සදහා වන සහයෝගය ලබා දෙන කාලය පටන් ගන්නේ මේ මාසේ 25 වැනිදා. නමුත් එහේ තියෙන දේශගුණික සහ තණතීරුවල තත්ත්වයන්ට හුරු වෙන්න අපි කණ්ඩායම යැව්වා සති දෙකකට කළින්ම. ඒ නිසා කිසිම ප්‍රමාදයක් වෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා අයි.සී.සී. ය ලෝක කුසලාන කටයුතු ආරම්භ කරනකොට කුසල්ට එහෙට යන්න පුලුවන් කියලා. ඒ වගේම නියතයෙන්ම ඔහුට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග වලට සහභාගිවීමේ අවස්ථාව උදාවෙයි“ යැයි ප්‍රධාන නිලධාරීවරයා ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග මැයි මස 27 වැනිදා සිට ආරම්භ වන අතර ශ්‍රී ලංකාව එම 28 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ෆ්ලොරිඩාහි පළමු තරගයටත්, අයර්ලන්තයට එරෙහිව එම ක්‍රීඩාංගණයේදීම දෙවැනි තරගයටත් සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee