slc
logo
Home   |    News
මැයි 9, 2024
භානුක – ජනිත් ග්‍රීන්ස්ට ජයගෙන එති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ (88) සහ නායක ජනිත් ලියනගේ (70) එල්ල කළ වේගවත් දැවැන්ත පිතිහරඹය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 99ක ජයක් අත්කර ගැනීමට ග්‍රීන්ස් මැයි 06 වැනි දින සමත් විය.

ග්‍රීන්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙද්දී අංක තුන පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 36කට මුහුණ දී හතරේ 13ක් සහ හයේ හතරක් සමඟ ලකුණු 88ක් ද අංක හතර පිතිකරු ජනිත් ලියනගේ පන්දු 35කදී හතරේ පහක් සහ හයේ හතරක් සමඟ ලකුණු 70ක් ද අංක හය පිතිකරු රමේෂ් මෙන්ඩිස් පන්දු 15කදී හතරේ පහරක් හයේ හතරක් සමඟ නොදැවී ලකුණු 35ක් ද රැස් කිරීමෙන් ග්‍රීන්ස් කණ්ඩායමට ඕවර 20ක් තුළ ලකුණු 252ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව උදා විණි.

යෙලෝ කණ්ඩායමට පන්දුවාර 16.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 153ක් පමණකි.

මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ තරගාවලිය පැවැත්වෙන්නේ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ලංකා පිලට පෙරහුරු සූදානම් තරගාවලියක් වශයෙනි.

ග්‍රීන්ස් කණ්ඩායමේ ඕවරයක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 12.6ක් වූ අතර යෙලෝ කණ්ඩායමේ එම වේගය ඕවරයකට 9.37කි.

ග්‍රීන්ස් කණ්ඩායමට ලකුණු 252ක් වැනි විශාල සංඛ්‍යාවක් කරා යාමට වැඩිම දායකත්වය ලැබුණු පිතිහරඹය වුයේ භානුක රාජපක්ෂගේ ආක්‍රමණශිලී පිතිහරඹයයි. භානුක මෙහිදී දැවැන්ත සබඳතා දෙකකට සම්බන්ධ විණි.  ඉනිමේ දෙවන කඩුල්ලට භානුක සහ කුසල් ජනිත් පෙරේරා පන්දු 29කදී ලකුණු 48ක් ද එම ඉනිමේ තෙවන කඩුල්ලට භානුක සහ කණ්ඩායමේ නායක ජනිත් ලියනගේ පන්දු 32කදී ලකුණු 77ක් ද රැස් කිරීමට සමත් විණි.

භානුක රාජපක්ෂට අමතරව කලකට පසු ලකුණු අතරට ඒමට සමත් වූ අනෙක් පිතිකරුවා වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 22කදී ලකුණු 33ක් රැස් කළේ හතරේ දෙකක් සහ හයේ පහර තුනක් සමඟිනි.

යෙලෝ කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ පැතුම් නිශ්ශංක ලකුණු 34ක් ද (පන්දු 22යි හතරේ තුනයි හයේ දෙකයි) සධීර සමරවික්‍රම ලකුණු 38ක් ද (පන්දු 21යි හතරේ හයයි) නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 26ක් ද (පන්දු 11යි හයේ පහර හතරයි) කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් ද (පන්දු 10යි හතරේ තුනයි හයේ පහරයි) රැස් කළත් එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

පැතුම් නිශ්ශංක සහ සධීර සමරවික්‍රම තෙවන කඩුල්ලට එක් කළ ලකුණු 51ක සබඳතාව (පන්දු 22කදී) ඔවුනගේ ඉනිමේ හොඳම සබඳතාවය විය.

ලකුණු පුවරුව

  ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන්ස් ඕවර 20කදී කඩුලු 5ට 252යි – ( භානුක රාජපක්ෂ 88, ජනිත් ලියනගේ 70, රමේෂ් මෙන්ඩිස් නොදැවී 35, කුසල් පෙරේරා 33, දිනේෂ් චන්දිමාල් 16, අසිත ප්‍රනාන්දු 36/2, ළහිරු කුමාර 51/1, දුනිත් වෙල්ලාලගේ 45/1යි)

 ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම ඕවර 16.2දී 153යි – ( පැතුම් නිශ්ශංක 34, සධීර සමරවික්‍රම 38, නුවනිඳු ප්‍රනාන්දු 26, කුසල් මෙන්ඩිස් 19, තරිඳු රත්නායක 25/4, ලක්ෂාන් සඳකැන් 28/3, ගරුක සන්කෙත් 27/2යි)

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee