slc
logo
Home   |    News
මැයි 29, 2024
වනිඳු සහ දසුන්ගේ උත්සාහය අපතේ යයි

sinhala editor

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ තරග වැදි පළමු පුහුණු තරගයෙන් ලකුණු 20 ක පරාජයක් අත්විඳීමට අද (29 දා) අළුයම සිදුවිය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව වනිඳු හසරංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 181 ක් ලබා ගත් නමුදු, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 161 ක් පමණි.

මෙම ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 59 කදී බිඳ වැටුණේ පන්දුවාර 10 ක්ම අවසස් වී තිබූ වට පිටාවකය. කෙසේ වෙතත් මේ මොහොතේ පිටියට පිවිසි නායක වනිඳු හසරංග පිට පිට පන්දු 5 කදී හයේ පහර 5 ක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට නැවත ජයග්‍රාහී බලාපොරොත්තු රැගෙනඒමට සමත් වුවත්, කඩුලු දැවී යෑඹ නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 161 කදී නිමාවට  පත්විය.

12 වැනි පන්දුවාරයේ පළමු පන්දු 5 ටම එල්ල කරන ලද හයේ පහර 5 ත් සමග වනිඳු හසරංග පන්දු 15 කදී ලකුණු 43 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් දසුන් ශානක පන්දු 20 කදී ලකුණු 35 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක්සිය ඉනිමට ඇතුළත් කරමිනි.

නෙදර්ලන්තය පන්දුවට  පහර දීමේදී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර පන්දු යැවීමෙන් වැළකී සිටීම කැපී පෙනෙයි.

ලකුණු සාරාංශය

නෙදර්ලන්තය පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 181 යි – (ඩිල්ෂාන් මදුශංක 39/2, ඇන්ජලෝ මැතිව්ස් 20/1, නුවන් තුෂාර 48/1, දුනිත් වෙල්ලාලගේ 26/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 161 යි – (වනිඳු හසරංග 43, දසුන් ශානක 35, පැතුම් නිස්සංක 5, කුසල් මෙන්ඩිස් 4, කමිඳු මෙන්ඩිස් 5, ධනංජය ද සිල්වා 31, චරිත් අසලංක 12, ඇන්ජලෝ මැතිව්ස් 15, දුනිත් වෙල්ලාලගේ 7, මහීෂ් තීක්ෂණ 0, ඩිල්ෂාන් මදුශංක 0,

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee