slc
logo
Home   |    News
මැයි 14, 2024
ජාකික රග්බි කණ්ඩායමට දුන් පොරොන්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉටු කරයි

sinhala editor

ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම වෙත ඉකුත් සිකුරාදා දින ප්‍රදානය කළේය. කසකස්තානය පරදවමින් ආසියානු රග්බි i කොටසේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත්වීමත් සමඟ ආසියානු රග්බි කවයේ මුල් පෙළට ශ්‍රී ලංකා පිල ඔසවා තැබීය.

රග්බි කණ්ඩායමට උපහාර පිදීම වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ඉකුත් සිකුරාදා දින සංවිධානය කරන ලද උපහාර පිදීමේ උත්සවයේදී මෙම ත්‍යාගය ප්‍රධානය සිදුකරනු ලැබීය.

මෙම මුදල් ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අළෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා (වමේ සිට සිව්වැන්නා) විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා (ඡායාරූපයේ මැද) වෙත පිරිනමනු ලැබීය. එම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන්(වමේ සිට දෙවැන්නා), ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු(වමේ පළමුවැන්නා) මෙන්ම ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ගෘෘප් කපිතාන් නලින් ද සිල්වා යන මහත්වරුද සහභාගිවී සිටියහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee