slc
logo
Home   |    News
මැයි 9, 2024
අවු. 23 න් පහළ බාළිකා විස්සයි-20 සුපර් ලීග් තරගාවලිය 15 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙසින් කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වන සෑම කණ්ඩායමකටම ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ව සිටිති.

දින 12 ක කාලයක් පුරා දිවෙන මෙම තරගාවලිය අවසන් මහ තරගය ඇතුළුව පැවැත්වෙන සමස්ථ තරග සංඛ්‍යාව 13 ක් වේ. අවසන් මහ තරගය මැයි මස 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කොළඹ – ශිකරි නුවන්තනා, අශානි කෞෂල්‍යා, තෂ්මිලා රුවන්තාරකි, මනුදි නානායක්කාර (නායිකා), දිනිති සේනානායක, ලක්නි නිම්සරා, ගයනා ගුණතිලක, නිකේෂා විජේසේකර, කවිශ්කා සත්සරි, හෂිනි ලියනගේ, තරුෂි තත්සරනි, නෙත්මි සංජලා, රශ්මි සෙව්වන්දි, තරුෂි නිලූෂා, මදාරා සමරකෝන්.

දඹුල්ල – අයේෂා ඩිලක්ෂනී, විමෝක්ෂා බාලසූරිය, ලිමිනි තිලකරත්න, විශ්මි සොයිසා, නිමේෂා අඹතලාව, හෂිනි ඉන්ද්‍රජිත්, සඳුනි බණ්ඩාර, පමෝදා ශයිනි, ජනදි අනාලි, විදුෂිකා පෙරේරා (නායිකා), දුලංගා දිසානායක, මල්ෂි නිරාෂා, ශලනී දසනායක, හරිනි පෙරේරා, නිලක්ෂි කාවින්ද්‍යා.

කැන්ඩි – ඉමල්ෂි යසාරා, තරුෂි උත්පලා, නෙත්මි ගුණරත්න, මලීෂා දේශානි, එම්. ලක්ශියා, සුමුදු නිසංසලා, ඩියෝනි නිර්මලා, රශ්මිකා සෙව්වන්දි (නායිකා), පුමුදි මෙත්සරා, දේවගේ ජෙගනාතන්, ශනිල්කා සෙත්යාගි, සෙව්මිනි ශෂිකලා, ඉසිරි මීගම්මන, නිමේෂිකා රත්නායක, දුලංජලී නවෝද්‍යා.

ගෝල් – නිමේෂා තරුණි, චුෂදි පීරිස්, හෝම් ද සිල්වා, කලනි යාපා, එරන්දි හංසමාලි, චමෝදි දේවින්ද්‍යා, තරුෂි සංජනා, දුමිෂා රදිශානි, දෙව්මි විහංගා (නායිකා), යසන්ති හේරත්, අශානි තලගුණේ, තරුෂි රාජකරුණා, යශදි චේතිමා, අශානි සමිින්දි, මිතිලි අයෝද්‍යා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee