slc
logo
Home   |    News
මැයි 16, 2024
කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු 26කට මුහුණදී හයේ පහර නවයක් සහ හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 75ක් රැස් කරමින් පොලීසියට කඩුලු හතකින් නුගේගොඩ පරාජය කිරීමට දායකවිණි.  ‘ඒ‘ කොටසට අයත් වූ මේ තරගය පැවැතියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදීය.

එන්.සී.සී. සහ රාගම අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් තරගයේදී එන්.සී.සී. කණ්ඩායමේ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 42ක් (පන්දු 21යි හතරේ දෙකයි හයේ තුනයි) රැස්කර පසුව ලකුණු 24කට කඩුලු දෙකක් දවාලමින් තුන් ඉරියව්වේම දස්කම් දැක්වීය එන්.සී.සී. මේ තරගය ජය ගත්තේ ලකුණු 46කිනි.

කෝල්ට්ස් සහ කුරුණෑගල යූත් අතර තරගයේදී කෝල්ට්ස් කණ්ඩායම් ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 28කදී හතරේ දෙකක් හයේ තුනක් සමඟ ලකුණු 38ක් රැස්කර නැවතවතාවක් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. කෝල්ට්ස් එම තරගය කඩුලු හයකින් ජය ගත්තේය.

  • පොලීසිය කඩුලු හතකින් නුගේගොඩ පරාජය කරයි.

මෙවර විස්සයි 20 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දැවැන්තම ජයග්‍රහණය ශ්‍රී ලංකා පොලීසිය අද (16) වාර්තා කළේ කඩුලු හතකින් නුගේගොඩ පරාජයට පත් කරමිනි.  කුසල්ට අමතරව නායක විෂාඩ් රන්දික පන්දු 12කදී හතරේ දෙකක් හයේ තුනක් සමඟ ලකුණු 33ක් ද රැස් කළහ.

 නුගේගොඩ සියල්ල දැවී 127යි (ඕවර 15.3යි) – (තිලකරත්න සම්පත් 24, පුලින පෙරේරා 20, ඇන්ජලෝ පෙරේරා 15, ඩිලාන් ජයලත් 16, දිලුම් සුධීර 29/3, සුපුන් මධුශංක 23/2යි)

පොලීසිය ඕවර 8.5කදී කඩුලු 3ට 128යි – (කුසල් ජනිත් පෙරේරා නොදැවී 75, විෂාඩ් රන්දික 33, ඉන්සක සිරිවර්ධන 18/2, ඇන්ජලෝ පෙරේරා 18/1යි)

 

  • එන්.සී.සී. ලකුණු 46කින් රාගම පරාජය කරයි.

එන්.සී.සී. ඕවර 13දී කඩුලු 6ට 153යි – (චාමික කරුණාරත්න නොදැවී 42, කෙවින් බණ්ඩාර 28, ළහිරු උදාර 37, සහන් ආරච්චිගේ 22, කොසාන් ධනුෂ්ක 11/2යි)

රාගම ඕවර 10.1කදී සියල්ල දැවී 107යි – (පුලින තරංග 23, චමත් ගෝමස් 20, නිපුන් මාලිංග 18, සංතූෂ් ගුණතිලක 11, චාමික කරුණාරත්න 24/2, චාමික ගුණසේකර 9/4, ළහිරු කුමාර 27/2යි)

  • පාණදුර කඩුලු 4කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි.

‘ඩී‘ කොටසට අයත් වූ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී පාණදුර කණ්ඩායමේ විෂාන් හැළඹගේ සහ නිමේෂ් විමුක්ති දැක් වූ විශේෂ දක්ෂතා මත පාණදුරට කඩුලු හතරක ජයක් අත්විණි.

විෂේන් හැළඹගේ පන්දු 21කදී හතරේ තුනක් හයේ දෙකක් සමඟ ලකුණු 35ක් රැස් කළ අතර නිමේෂ් විමුක්ති ලකුණු දහයකට කඩුලු තුනක් දවා පසුව පන්දු හතකදී හතරේ පහරක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 12ක් රැස් කළේය.

කැන්ඩි කස්ටම් ඕවර 19.2කදී ලකුණු 98යි – (සහන් කෝසල 25, තෙවිඳු දික්වැල්ල 24, නඳුන් දිල්ෂාන් 20, ළහිරු අත්තනායක11, නිමේෂ් විමුක්ති 10/3, ඉම්තියාස් ස්ලාෂා 17/3යි)

පාණදුර ඕවර 15කදී කඩුලු 6ට 102යි – (විෂේන් හැළඹගේ 35, කාංචන ඩි ලිවේරා 18, ඕෂද ප්‍රනාන්දු 13, ළහිරු දවටගේ 10, නිමේෂ් විමුක්ති නොදැවී 12, උස්මාන් ඉෂාක් 12/1, කවීෂ් ඉඳුවර 29/1යි)

  • කෝල්ට්ස් කඩුලු හයකින් කුරුණෑගල යූත් පරාජය කරයි.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (38) යශෝධ ලංකා (24) සහ මුදිත ලක්ෂාන් (18/4)  දස්කම් දැක්වුහ.

කුරුණෑගල යූත් ඕවර 19දී කඩුලු 9ට 89යි – (හසිත් පෙරේරා 20, සසිඳු නානායක්කාර 20, තරිඳු කෞෂාල් 15, ගයාන් වීරසිංහ 08, මුදිත ලක්ෂාන් 18/4, අකිල ධනංජය 29/2යි)

කෝල්ට්ස් ඕවර 13.1කදී කඩුලු 4ට 90යි  – (දිනේෂ් චන්දිමාල් 38, යශෝධ ලංකා 24, ශාලිත් ද මෙල් 11, රවිඳු රසන්ත 10, තරිඳු කෞෂාල් 16/2, අරවින්ද ප්‍රේමරත්න 10/1යි)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee