slc
logo
Home   |    News
ජූනි 27, 2024
කොළඹ දකුණ ‍යෞවනයෝ පිට පිට දෙවැනි ජය ලබති

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ අද (27) කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ පැවැති කොළඹ දකුණු කණ්ඩායම හා මහනුවර අතර තරගයෙන් කඩුලු 7කින් කොළඹ දකුණ ජය ලබා තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය සටහන් කළේය. කොළඹ දකුණ ක්‍රීඩකයෝ පළමු තරගයේදී කඩුලු 5කින් කොළඹ උතුර පිල පරාජයට පත් කළහ.

මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 87 (ඕවර් 17)
මිදුක ධම්මගේ 17, ඒඑල් නහාලම් 14, ලක්වින් අබේසිංහ 23, අතිරේක 11 (සහන් කෞෂල්‍ය 25/2, අචල පෙරේරා 5/2, හිරුෂ ප්‍රනාන්දු 14/3)

කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 3කට ලකුණු 88 (ඕවර් 12.4)
ගවිරු සංකෙත් නොදැවී 45, රිවිත් ජයසූරිය 27 (දසුන් වලංඅංග 22/1, ලක්වින් අබේසිංහ 7/1)

කොළඹ උතුරට කඩුලු 3ක ජයක්

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර හා ගාල්ල අතර තරගයෙන් කොළඹ උතුර කණ්ඩායම කඩුලු 3ක ජයක් හිමිකර ගත්තේය.

ගාල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 260 (ඕවර් 43)
චාර්යා පරණවිතාන 27, රන්දුල් සමරහේවා 64, දර්ශික සන්දීප් 53, තෙමිඳු ප්‍රදීප්ත 34, විශ්ව සුපුන් නොදැවී 38, අතිරේක 25 ( කිත්ම විදානපතිරණ 22/2, ඩනුක කරන්නාගොඩ 64/2)

කොළඹ උතුර කණ්ඩායම කඩුලු 7කට ලකුණු 261 (ඕවර් 42.3)
තනූජ රාජපක්ෂ 57, මොහොමඩ් මුර්ෂාඩ් නොදුවී 46, සානික්‍ය දේශප්‍රිය 12, ඉනුක කරන්නාගොඩ නොදැවී 73, අතිරේක 11 ( කනිෂ්ක රංගන 64/2, සදෙව් රිද්මික 48/2 )

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar