slc
logo
Home   |    News
ජූනි 25, 2024
යූත් ලීග් පළමු ජය කොළඹ දකුණට

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (24) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. සමාරම්භක දිනයේදී කොළඹ උතුරු කණ්ඩායම හා කොළඹ දකුණු කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට කොළඹ දකුණ පිල සමත් වූවේය..

කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුරු පළාත් පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 138ක් ලබාගත් අතර, කොළඹ දකුණ ක්‍රීඩාකයෝ ඕවර් 34.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේය. ජයග්‍රාහී කොළඹ දකුණ කණ්ඩායමේ සහන් කෞෂල්‍ය අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. දෙනෙත් ප්‍රියංග පීරිස් ලකුණු 47ක් හා අකාශ් ප්‍රනාන්දු ලකුණු 24ක් වාර්තා කළහ.

මෙම පන්දු ඕවර් 50 වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලිය ලබන 1 දක්වා පැවැත්වෙන අතර, මෙවරත් කණ්ඩායම් 5ක් තරග වදිති. කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වෙති.

කොළඹ උතුර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138 (ඕවර් 38.1)
තනූජ රාජපක්ෂ 36, ඉනුක කරන්නාගොඩ 29, අතිරේක 22 (සහන් කෞෂල්‍ය 20/4, අචල පෙරේරා 24/3)

කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 5කට ලකුණු 140 (ඕවර් 34.5)
දෙනෙත් ප්‍රියංග පීරිස් 47, සහන් කෞෂල්‍ය නොදැවී 54, අකාශ් ප්‍රනාන්දු නොදැවී 24 (විශ්ව ධනංජය 15/2, කවීෂ මෙන්ඩිස් 20/2)

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee