ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් හිමිකර ගැනීමට සීසීසී පිල සමත්වූ හෙයින් අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එම කණ්ඩායම සමත්වී සිටී. ක්‍රිඩා පිටියේ තත්ත්වය අනුව තරගයේ ඉනිමක් ඕවර් 22කට සීමා විය.
අද නිමාවූ තරගවලදී අර්ධ ශතක 7ක් වාර්තා වූ අතර, සීසීසී පිලේ නිශාන් මධුශ්ක, මුවර්ස් ක්‍රීඩා සමාජයේ ජනිශ්ක පෙරේරා, පානදුර ක්‍රීඩා සමාජයේ ළහිරු දෙවටගේ, ඒස් කැපිටල් ක්‍රීකට් සමාජයේ තනුක දාබරේ, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ සඳුන් වීරක්කොඩි, කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ දිනේෂ් චන්දිමාල් හා සීසීසී පිලේ නිශාන් මධුෂ්ක එම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුහ.
එමෙන්ම කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයේ කවික දිල්ෂාන් හා කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයේ යොහාන් මැද්දගේ කඩුලු 6 බැගින් බඳ හෙලා දස්කම් දැක්වූහ.
සීසීසී පිල සියලු දෙනා දැවී ලකුණු 161 (ඕවර් 22)
නිශාන් මධුෂ්ක 68, ලසිත් කෲස්පුල්ලේ 18, පවන් රත්නායක 14, අශාන් ප්‍රියංජන 15, ඉනුක කරන්නාගොඩ නොදැවී 14 (තිලංග උදේශන 31/2, ගරුක සන්කෙත් 29/3)
මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 87 (ඕවර් 22)
ජනිශ්ක පෙරේරා 50 (ලක්ෂාන් සඳකැන් 15/4)
හලාවත මේරියන්ස්ට දැවැන්ත ජයක්
කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති මීගමුව ක්‍රිකට් සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගයේ පන්දු 255ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක දැවැන්ත ඩයකන් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමත් වූවේය.
මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 47 (ඕවර් 25.4)
හිසජිත විතානගේ 19 (රජින්ද පුංචිහේවා 12/2, කවිඳු නිර්මාණ 15/2, අහාන් රන්දික 8/3, අමිත පෙරේරා 10/3)
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 50 (ඕවර් 7.3)
අභිෂේක් ලියනාරච්චි නොදැවී 29 ( නිශාන් පීරිස් 29/1)
එස්එස්සී පිලට කඩුලු 8ක ජයක්
පානදුර ක්‍රීඩා සමාජය හා එස්එස්සී අතර එස්එස්සී පිටියේ පැවැති තරගයෙන් පන්දු 137ක් ඉතිරිව තිබියදී එස්එස්සී පිල කඩුලු 8ක ජයක් අත්කර ගත්තේය.
පානදුර ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 163 (ඕවර් 28.4 )
ඔෂධ ප්‍රනාන්දු 40, ළහිරු දෙවටගේ 51, අතිරේක 23 (කසුන් රාජිත 40/2, ගිෂාන් බාලසූරිය 37/3, කවිඳු නදීෂාන් 8/2)
එස්එස්සී පිල කඩුලු 2ක් දැවී ලකුණු 168 (ඕවර් 27.1)
ෂෙවෝන් ඩැනියෙල් 46, ක්‍රිෂාන් සංජුල 44, නිපුන් ධනංජය නොදැවී 27, දිමුත් කරුණාරත්න නොදැවී 46 ( විශ්ව ළහිරු 28/2)
ඒස් කැපිටල් කඩුලු 7කින් ජය ලබයි
පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ටැමිල් යූනියන් – ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර තරගය පන්දු 54ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයකික් ජය ගැනීමට ඒස් කැපිටල් පිල සමත් විය.
ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 196 (ඕවර් 44.1)
සඳුන් වීරක්කොඩි 98, සිනෙත් ජයවර්ධන 30, සිතාර හපුහින්න 18 (වනුජ සහන් 22/4, පවන්ත වීරසිංහ 29/3)
ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය කඩුලු 2කට ලකුණු 200 (ඕවර් 38)
තනුක දාබරේ 62, සිතාර ගිම්හාන 35, පවන්ත වීරසිංහ 22, සකුන ලියනගේ නොදැවී 37, ෂම්මු අශාන් නොදැවී 37, අතිරේක 12 (තරිඳු රත්නායක 49/2)
එන්සීසී ට ලකුණු 77ක ජයක්
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 77ක ජයක් හිමිකර ගැනීමට එන්සීසී පිල සමත් වූවේය.
එන්සීසී පිල කඩුලු 8කට ලකුණු 238 (ඕවර් 50)
නිරෝෂන් දික්වැල්ල 40, ළහිරු උදාර 38, කමිල් මිෂාර 34, සහන් ආරච්චිගේ 36, කවීන් බණ්ඩාර 14, චාමික ගුණසේකර 14, අශේන් ඩැනියෙල් නොදැවී 26 (ට්‍රෙවීන් මැතිව්ස් 27/2, රවිඳු ප්‍රනාන්දු 23/2)
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 161 (ඕවර් 40.2)
හසිත බෝයගොඩ 20, කසුන් අබේරත්න 18, නිපුන් කරුණානායක 26, ළහිරු මධුසංඛ 27, සචිත ජයතිලක 16, ජෙෆ්රි වැන්ඩර්සේ 19, අතිරේක 17 (චාමික කරුණාරත්න 29/2, ලසිත් ඇඹුල්දෙනිය 25/2, සහන් ආරච්චිගේ 25/2)
කොල්ට්ස් පිලට ලකුණු 42ක ජයක්
කොල්ට්ස් ක්‍රිකට් සමාජය හා බිඅර්සී අතර ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කොල්ට්ස් පිලට ලකුණු 42ක ජයක් හිමි විය.
කොල්ට්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 163 (ඕවර් 46.2)
දිනේෂ් චන්දිමාල් 71, සනෝජ් දර්ශික 20, හර්ෂන වික්‍රමසිංහ නොදැවී 17 අතිරේක (චමින්ද බණ්ඩාර 37/3, මර්වින් අභිනේෂ් 29/2, මොවින් සුබසිංහ 16/2 )
බිඅර්සී ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 121 (ඕවර් 38.3)
සවින් ගුණසේකර 20, රිසිරි වීරසූරිය 14, මොහොමඩ් සිරාස් නොදැවී 27 ( මුදිත ලක්ෂාන් 22/2, සනෝජ් දර්ශික 34/4)
කැන්ඩි කස්ටම්ස් ලකුණු 12කින් ජය ලබයි
කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී නිමාවූ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය අතර තරගයෙන් කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් පිලට ලකුණු 12ක ජයක් හිමි විය.
කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 109 (ඕවර් 37.4)
නඳුන් දිල්ෂාන් 48, අකිල දිල්ෂාන් 16 (කසුන් ඒකනායක 21/3, කවික දිල්ෂාන් 21/6)
කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 97 (ඕවර් 27.2)
කමේෂ් නිර්මාල් 35, චතුර රන්දුනු 15 (යොහාන් මැද්දගේ 32/6, කෞමාල් නානායක්කාර 32/2)
බඳුරලියට සියුම් ජයක්
බඳුරලිය පිල හා නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 1ක ජයක් හිමිකර ගැනීමට බඳුරලිය පිල සමත් වූවේය.
නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය සියලු දෙනා දැවී ලකුණු 139 (ඕවර් 43)
දිලන දම්සර 16, අක්රාම් මුතාලිබ් 22, සුපුන් කවින්ද 29, කවීන් පෙරේරා නොදැවී 19, සෙනාල් ද සිල්වා 17 ( නිර්මාල් රත්නායක 16/2, අලංකාර අසංක ද සිල්වා 38/2, සදීප් කවිෂ්ක 26/4 )
බඳුරලිය පිල කඩුලු 9ක් දැවී ලකුණු 143 (ඕවර් 45.5)
උෂේ කසුන් 16, දුනිත් ජයතුංග 24, සදීප් කවීෂ 16, නිර්මාල් රත්නායක 14, ළහිරු ගමගේ නොදැවී 29 ( ඉන්සක සිරිවර්ධන 26/3, තිලකරත්න සම්පත් 28/2)